The title of the page
The Millionaire Detective Balance Unlimited (2020) Complete Season Sinhala Subtitles
The Millionaire Detective Balance Unlimited (2020) Complete Season Sinhala Subtitles
6.3
93

The Millionaire Detective Balance Unlimited (2020) Complete Season Sinhala Subtitles | මිලියනයන් යට වැළලුනු රහස් | සිංහල උපසිරැසි සමඟ

“ඔයාට කියන්න පුලුවන් ඇඩෝලියම් ඉස්සර තිබුනු ප්ලූටෝනියම් වලට සමානයි කියලා.
ඒක අසීමිත බලශක්ති ප්‍රභවයක් වෙන්න පුලුවන් වගේම…
ඒක ලෝකය විනාශය කරා ගෙනියන ආයුධයක් බවට පත් වෙන්න පුලුවන්.
ඒක අධීක්ෂණය කරන්න පුලුවන් එකම තැනැත්තා, කම්බෙ පවුලේ උරුමක්කාරයා වෙන ඔයයි.”

රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න අතරෙ මගේ 12 වන උපසිරැසි නිර්මාණය එක්ක මම අද අරන් ආවෙ Detective ආරට යන තවත් ඇනිමෙ කතා මාලාවක්… මීට කලින් මම Spy x Family,The Detective is Already Dead කියන Detective ආරට ගිය ඇනිමෙ කතා මාලා වලට සිංහල උපසිරැසි අරන් ආවා ඔයාට මතක ඇති.හැබැයි මේ කතාව ඒ කතා දෙකෙන් එකක්වත් වගේ නම් නෙමෙයි.ටිකක් විතර James Bond වගේ කතාවක්… James Bond කිව්වම ඔයාට මතක් වෙන්නෙ කෝට් එකක් දගෙන හොඳ පෙනුමට ඉන්න මහත්මයෙක්නෙ.මේකත් ඒ වගේ එකක්ද? අපි බලමු මේ මොකක්ද කියලා.🤗

𝗙𝘂𝗴𝗼𝘂 𝗞𝗲𝗶𝗷𝗶:𝗕𝗮𝗹𝗮𝗻𝗰𝗲: 𝗨𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱 AKA 𝗧𝗵𝗲 𝗠𝗶𝗹𝗹𝗶𝗼𝗻𝗮𝗶𝗿𝗲 𝗗𝗲𝘁𝗲𝗰𝘁𝗶𝘃𝗲 𝗕𝗮𝗹𝗮𝗻𝗰𝗲: 𝗨𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱 කියන මේ කතාව 2020 වසරේ spring season එකේදි නිකුත් වුනු කතා මාලාවක්.𝗜𝗠𝗗𝗕 දර්ශකයේ 7.3 ක් වගේම 𝗠𝘆𝗔𝗻𝗶𝗺𝗲𝗟𝗶𝘀𝘁 දර්ශකයේ 7.53 ක අගයක් ලබා ගනිමින්, මිනිත්තු 23 බැගින් වුනු කොටස් 11 ක් පුරා දිවෙනවා.Source එක විදිහට මේ කතාවෙම Novel එක යොදාගෙන නිර්මාණය කරපු මේ කතා මාලාව 𝘾𝙤𝙢𝙚𝙙𝙮,𝙈𝙮𝙨𝙩𝙚𝙧𝙮,𝘿𝙚𝙩𝙚𝙘𝙩𝙞𝙫𝙚 කියන Genre වලට අයත් වෙනවා.

Animation නිෂ්පාදන කටයුතු කළේ Horimiya,Darling in the Franxx,My Dress-up Darling කියන ඇනිමෙ නිර්මාණය කරපු 𝗖𝗹𝗼𝘃𝗲𝗿𝗪𝗼𝗿𝗸𝘀 𝗦𝘁𝘂𝗱𝗶𝗼 එකෙනුයි.ඒ වගේම Spy x Family කතා මාලාවෙත් මේ ඇනිමේෂන් දකින්න ලැබෙන නිසා විශේෂයෙන් ඒ ගැන කියන්න දෙයක් නම් නෑ කියල මම විශ්වාස කරනවා.🤩

කතාවෙ Music ගැන කියනව නම් මේ කතාවෙ Opening Theme එක මම දැකපු හරිම Unique ම OP අතරින් එකක් වෙනවා.’𝐍𝐚𝐯𝐢𝐠𝐚𝐭𝐨𝐫’ නම් වුනු ඒ ගීතය SixSTONES සංගීත කණ්ඩායම ගායනා කරන අතරෙ, කතාවෙ Ending Theme එක වෙන ‘𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐌𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝’ ගීතය OKAMOTO’s සංගීත කණ්ඩායම ගායනා කරනවා.මේ ගීත දෙකම මඟනොහැරිය යුතු ගීත දෙකක් කියලයි මගේ පෞද්ගලික හැඟීම.🎶

දැන් අපි කතාව පැත්තට හැරෙමු.හරු කතෝ කියල කියන්නෙ වයස අවුරුදු 29ක් වෙන තනිකඩ පොලිස් පරික්ෂකයෙක්.ඒ වගේම හරිම නීති ගරුක වගේම තමන්ගෙ රාජකාරියට ආදරේ කරන කෙනෙක්.ඒ නිසා නොකා නොබී නොනිදා හරි තමන්ගෙ රාජකාරිය කරල යුක්තිය පසිඳලන්න මෙයා පසුබට වෙන්නෙ නම් නෑ.සුපුරුදු පරිදි මේ රාජකාරි කරගෙන ඉන්න අතරෙ හොඳට ටයි කෝට් දාගත්තු හොඳ පෙනුමක් තියෙන තරුණ කොල්ලෙක් මෙයාට හම්බවෙනවා.මේ තරුණ කොල්ලා කියනවා එයාගෙන නම ‘කම්බෙ දයිසුකෙ’ කියලත්, එයා දැන් පොලිස් පරික්ෂකයෙක් විදිහට වැඩ භාර අරගෙන ඉන්නෙ කියලත්.කොහොම හරි කතෝට මෙයාව වැඩිය රුස්සන්නෙත් නෑ.හැබැයි මේ දයිසුකෙගේ විශේෂත්වයක් තියෙනවා.ඒ විශේෂත්වය තමයි මෙයා උපතින්ම මිලියනපති පවුලක උරුමක්කාරයා වෙන එක.ඉතින් සල්ලිකාර මිලියනපති කොල්ලෙක් මොකටද පොලිස්කාරයෙක් වුනේ? කොච්චර සල්ලි තිබ්බත් ස්ව කැමැත්ත වටින නිසාද? මම කිව්වොත් ‘නෑ, එහෙම නෙමෙයි’ කියලා.😉

මිලියනපති කොල්ලෙක් පොලිස්කාරයෙක් වුනේ ඇයි? දයිසුකෙගෙ අරමුණ මොකක්ද? කතෝ-දයිසුකෙ විසඳන දේවල් මොනවද? කතෝ-දයිසුකෙ සම්බන්ධය ගලා යන්නෙ කොහොමද? කම්බෙ පවුලෙ විශේෂත්වය මොකක්ද? කම්බෙ පවුලෙ වැළලුනු රහසක් තියෙනවද? තියෙනව නම් ඒ මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඔයාට මේ කතාව අවසානය තෙක් නරඹන්නම වෙනවා.😌

කොහොමත් මේ කතාව එකකට පස්සෙ එකක් විදිහට කොටස් 11 ක් පුරාවට නඩු 11 ක් විසඳන කතාවක් නම් නෙමෙයි.මම මුලින් කිව්වනෙ මේක ටිකක් James Bond වගේ කතාවක් කියලා.ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු, මිලියනපති කොල්ලෙක් එක්ක බැඳුනු රහසකින් වැසුණු මේ කතා මාලාව නරඹන්න කියල මම ඔයාට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.උපසිරැසිය ගැන අදහස් වගේම ගුණ දොස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.මීළඟට Classroom of the Elite Season 2 එකෙන් මුණ ගැහෙමු.හැමෝටම සුභ වේවා! ජය වේවා!👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

5 comments

  1. TNX bn
    Spy x Family eke ithuru tikatath sub one

  2. adoo hassa nonstop anime sub denawane.. ado uba maru bn.. anime nam hasaranga thamai wagee seen ekak dan yanne.. gindara.. ube sub ekak nam kohomath miss karaganne ne

  3. Thank you 🖤

  4. ලංකන් weebs

    හැමෝටම ගොඩක් ස්තූතියි.🤗💓

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login