The title of the page
House of the Dragon Sinhala Subtitles
House of the Dragon Sinhala Subtitles
9.1
85
76

House of the Dragon (2022) S01E05 Sinhala Subtitles | “අපි මාර්ගය ආලෝකමත් කරන්නෝ වෙමු” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E05 Sinhala Sub) (House of the Dragon Sinhala Subtitles)

– House OF The Dragons –
Action/Adventure/Drama

ටාර්ගේරියන් රාජවංශය එහි බලයේ ප්‍රමුඛස්ථානයේ ඉන්න කාලෙ ඔවුන් යටතේ මකරුන් 15කට වඩා වැඩි ප්‍රමාණයක් ඉඳල තියෙනවා.කොච්චර ලොකු අධිරාජ්‍යයක් උනත් Targaryens වරුන්ගේ අධිරාජ්‍යයත් බිඳවැටුණා. ඔවුන්ගේ මන්දගාමී බිඳවැටීම ආරම්භ වෙන්නේ Game of Thrones හි සිදුවීම් වලට වසර 193 කට පමණ පෙර, Viserys Targaryen රජු සිය දියණිය Rhaenyra යකඩ සිංහාසනයේ උරුමක්කාරයා ලෙස නම් කරමින් සියවසක සම්ප්‍රදාය බිඳ දැමූ මොහොතේ.නමුත් විසේරිස් විසින් පුතෙකුට උපත ලබාදෙනවා.ඒත් මේ වෙනකොට Rhaenyra Targaryen යකඩ සිංහාසනයේ උරුමකරු විදිහට නම් කරල තිබ්බත් සිංහාසනයේ නියම උරුම වෙන්නෙ Viserys Targaryen රජුගේ පුතා. ඒ කියන්නෙ අපේ ලේඩි ඇලිසන්ගෙ පුතා ඒගෝන් තමයි විසේරිස් ටාගේරියන් රජුගෙ Fist Born Child.ඉස්සහට අපිට ලේඩි ඇලිසන් ගෙයි රෙනෙයිරා ගෙයි හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි..මොකද මේ රජ මාලිගාව තනිකරම කුමත්‍රණ ගුහාවක්.කව්රු කාට උගුල් අටවනද කියල එකපාර හිතන්න අමාරුයි..මතකනෙ රජුගෙ උපදේශක ලේඩි ඇලිසන්ගෙ තාත්තා ඔටෝ හයිටවර්ට වෙච්ච දේ.මට හිතුන විදිහට ඔටෝ ගෙ හිතේ වැඩකරේ එකදෙයයි ඒ තමයි.ඒ තමයි තමන්ගෙ මුණුපුරාට රජකම ලබාදෙන එක.එහෙමත් නැති නම් අතීතයේ රජවරුන්ට භක්තියෙන් සේවය කළාක් මෙන් වර්ථමානයේ රජු වන විසේරිස් වෙතත් තමන්ගේ උපරිමභක්තියෙන් සේවයව කිරීමේ ප්‍රතිඵලයක් විදිහට රෙනෙයිරාගේ රජකුමරියකට නොගැලපෙන හැසිරීම ක්ෂණික වාර්ථා කිරීම දැකිය හැකියි..අපි බලමු තව ඉස්සහට මේක මෙහෙම්ම වේවිද නොහිතන දෙයක් වෙවිද කියල.

Episode 4 ගැන නම් කියන්න දෙයක් නෑ.ඇත්තටම කිව්වොත් අපි බලාපොරොත්තු වෙච්ච Game Of Thrones Vibe එක උපරිමයෙන් දුන්න එපියක් විදිහට කලින් Episode එක අපිට බලාගන්න පුලුවන්..සුපුරුදු පරිදි ඒකත් 18+ හැබැයි.🤪

තරුණ වයසෙ ඉන්න රෙනෙයිරා සහ ඇලිසන් අවසන් වතාවට දකින්න පුලුවන් එපිසොයිඩ් එක තමා මේක..ඒ කියන්නෙ අපිට Episode 6 වල ඉඳන් දකින්න ලැබෙන්නෙ වෙනම චරිත දෙකක්.හැබැයි මෙතනදි වැඩිහිටි රෙනෙයිරා ගෙ චරිතය සඳහා ගත්ත නිළිය ගැන නම් එච්චර ලොකු පැහැදීමක් නෑ.අපි බලමු ඉතින් පෙනුම වගේද එයාගෙ Acting කියල..සමහර චරිත තියෙනවනෙ Character එකට Set නෑ කියල හිතෙනවා but බලද්දි Acting නම් Just Waw 😳 So We Will See…

ලිපි සැකසුම :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

6 comments

  1. ස්තුතියි සහෝදරයා.. අගය කරනවා..

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. සුපිරියක් බ්‍රෝ 🖤

  4. thanks bosa…puluwannam westworld s04 ekat dannako

  5. thanks machan

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login