The title of the page
Superman & Lois (2022) S02E15 SInhala Subtitle
Superman & Lois (2022) S02E15 SInhala Subtitle
7.9
88
70

Superman & Lois (2022) S02E15 [END] Sinhala Subtitles | “Superman පැමිණෙන තුරු..” | සිංහල උපසිරැසි සමඟ

හායි හෙලෝ නමස්තේ ආයුබෝවන්🙏

දුකින් වුනත් කියන්න ඕනා අපිට සුපියගේ කතාවේ දෙවෙනි කතා සමයට බායි කියන්න කාලේ හරි🥲. ඒ උනාට හැබැයි තුන් වෙනි කතා සමයක් එනවා එතකන් බලන් ඉමු. මේ එපියේ අවසානෙට පොඩි දර්සන ටිකකින් ඉවර කරන්නේ සීසන් 3 ගැන හිතන්න. මං හිතනවා මේ වෙද්දි ඔයාලා සුපර් මෑන්ට සම්බන්ද Film ඇනිමේෂන් වගේ දෙවල් බලලා ඇති කියලා But මේ සුපර් මෑන්ගේ අමුතු පරණත බවක් තියෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? සමාජෙ එක්ක කටයුත් කරන සුපර් මෑන් කෙනෙක් කියන්නේ එහෙම කෙනෙකේ වගේ නෙවෙයිද? Dc එක මේ SuperManගෙන් පෙන්නන්න හැදුවේ ඒක වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. කොහොම හරි අපිට සීසන් 3 එනකන් බලන් ඉන්න වෙනවා.

අපි එහෙනම් ටිකක් 15 වෙනි එපිය පැත්තට හැරෙමු.

14 වෙනි එපියෙ අවසානෙට වෙච්ච දේවල් මතකනේ ඉතින් අවසානෙට සුපර් මෑන් ඒවිද?

ලෝකෙම බලාපොරොත්තුවෙන් ඉන්නේ ආශ්චර්යක් වෙලා හරි මේ ලෝකයන් ඒකාබද්ධය නවතිනවනම් කියලා. ඒත් ජෝන් හෙන්රිටයි නාටාලිටයි මේ දේ වෙන එක නවත්තන්න ගොඩක් උත්සහා කරනවා එයාලට මේක පුළුවන් වෙයිද? සුපර් මෑන්ගේ බලයන් ආපහු ලැබෙයිද නැත්තන් comman man කෙනෙක් විදියටම සුපියා එයාගේ ඉතුරු කාලෙ ගෙවයිද? කොල්ලෝ දෙන්නට මොකක් වෙයිද?

සාරාගෙයි ජෝර්ඩ්න්ගෙයි පලහිලව්වට මොකක් වෙයිද? ඇලීට ආදරේ කරපු ඇලීව අදහපු ලුසීට මොකක් වෙයිද? කයිල්වයි අපේ නගරාධිපතිවයි අවසානේ එකතු කරයිද? මේ වගේ ප්‍රශ්න ඔයාලගේ හිතේ ඇති. ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර එපිය අවසානෙට තියෙනවා. තව Tal – Raho මොන මඟුලක් අවසානෙට කරයිද කියලා ඔයාලගේ හිතේ කොනක ඇතිනේ ඔන්න ඒක බලනන්නත් පුළුවන්. එහෙනම් ඉතින් සීසන් 02 ඉවරයි සීසන් 03 පටන් ගන්නකන් ඉවසන් ඉමු. සබ් ගේන්න පරක්කු වුනාට සමාවෙන්න. මම එහෙනම් සමු ගන්නවා.

ඔබට ජය!
මම ෂෙහාන් සචින්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

4 comments

  1. Thanks Machoo……..

  2. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. බොහොම ස්තුතියි සුපිරි වැඩක් .

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login