The title of the page
Horimiya:Piece (2023) S01 E04 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E04 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E04 Sinhala Subtitles | “හිතයි පොතයි ආදරයයි” | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 4 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. මේ කතාවෙත් ඉන්නෙ අපි දන්න හොරි සහ මියමුරා කියන දෙපළම තමයි කියන දේ අපි දැන් හොඳින්ම දන්න දෙයක්.

කලින් කොටසෙදි දකින්න ලැබුනු විදිහට, හොරි සහ මියමුරා එක්ක අනිත් යාළුවෝ හැමෝමත් කල් තියාම පාසලේ ක්‍රීඩා උත්සවයට සූදානම් වෙලා වෙලා, ක්‍රීඩා උත්සවයත් සාර්ථකව ඉවර කරන්න සමත් වෙනවා. ක්‍රීඩා උත්සවය අතරතුරේදිත් හිතුවෙ නැති හුඟක් අලුත් දේවල් වගේම විනෝදජනක දේවලුත් සිද්ධ වුනු විදිහ අපිට බලාගන්න ලැබුනා. ක්‍රීඩා උත්සවයෙදි කණ්ඩායම් දෙකක හිටියත් හොරි සහ මියමුරා දෙන්නගේ ආදරය සුපුරුදු විදිහටම චාම් ව ගලායන විදිහ අපිට දකින්න ලැබුනා.

ක්‍රීඩා උත්සවය ඉවර වෙලා ආයෙත් ඉගෙනීමට යොමු වෙන්න සිද්ධ වෙලා. මියමුරා හොරි එක්ක විභාගයකට සූදානම් වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් පාඩම් වැඩ කරන්නෙ හොරිගේ ගෙදර. ආදරය කරන කෙල්ල එක්ක, ඒ කෙල්ලගෙම ගෙදරදි පාඩම් වැඩ කරන්නෙ කොහොමද? නරඹන්න මේ කොටසත්. පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 5 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Hori Kotatsu
Aired Date : 2023.07.22
IMDB Rating : 8.1

ලංකන් weebs වෙනුවෙන් – උෂාන් රේණුක

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

2 comments

  1. subtitles tika supiri anith episod tikath danna

  2. komi can’t communicate S2 eke sub eka kawadda denne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login