The title of the page
Spider-Man: Across the Spider-Verse Sinhala Subtitle
Spider-Man: Across the Spider-Verse Sinhala Subtitle
8.9
95
96

Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles | “බහුවිශ්වයන් හරහා ගමනේ…!” | සිංහල උපසිරැසි සමඟ

(Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitle) (Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles) (Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Sub) (Spider-Man: Across the Spider-Verse Sinhala Subtitle) (Spider Man Across the Spider Verse Sinhala Subtitle)

ආයූබෝවන් සිනෙරුවාසී යාළුවො හැමෝටම..🤩️💙

දැක්ක ගමන් දන්නවනෙ මොකද්ද ගෙනාවෙ කියලා, ඔව්! Spider-Man: Across the Spider-Verse තමා ෆිල්ම් එක 2018 පස්සෙ අවුරුදු 5ක් බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමේදී…ඉතින් කතාවට යන්න කලින් උපසිරැසිය නිර්මාණයට මට හරියටබැලුවොත් දවස් 4 ක් ගතවෙනවා..ඉතින් හරිවැරදි අඩුපාඩු කියන්න අමතක කරන්න එපා..කැමරා පිටපතකට කරලා තිබුන නිසා වෙබ් පිටපත ආපු ගමන් දෙන්නෙ..IMDB 8.9 ක් වගේම..Rotten Tomatoes 96 % ක් තියෙන මේ ෆිල්ම් එක පහුගිය ජූනි 2 වන දා ලෝකෙ පුරාම තිරගත වුනා.ඉතින් වැඩි කතා එපා යමු ෆිල්ම් එක පැත්තට..💥☝️

💥Spider-Man: Across the Spider-Verse 2023💥

Spider-Man: Across the Spider-Verse කියන්නෙ ඇනිමේෂන් සුපර්හීරෝ ෆිල්ම් එකක්..ඇනිමේෂන්? ඔව්..දැනට ලෝකෙ වැඩිම ආදායම් වාර්තා බිඳලා උඩු යටිකුරුකරපු ඔස්කාර් සම්මානයෙන් පවා පිදුම් ලබපු අති දැවැන්ත ෆිල්ම් එකක දෙවෙනි කොටසයි මේ..“Spider-Man: Into the Spider-Verse” (2018) දී ඉහළම රසික ප්‍රතිචාර ලැබුවා විශේෂයෙන්ම post malone ගායනා කරන Sunflower ගීතයට හිතාගන්න බැරිතරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා..මේක විශේෂ වෙන්නෙ මේකේ තියෙන අති සුපිරිගනයේ ඇනිමේෂන් වගේම මෝෂන් හේතුවක් වෙන නිසයි..Joaquim Dos Santos සහ Kemp Powers විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය, ස්පයිඩර්වර්ස් හි චරිතයක් වෙන මයිල්ස් මොරාලිස් වටා ගෙතුන කතාවයි අපිට පෙන්වන්නෙ.


කතාව පැත්තට…

ඉතින් “Spider-Man: Across the Spider-Verse” එකේදී මයිල්ස් ගෙ ලෝකෙ Spider-Man මැරුනට පස්සෙ මයිල්ස් අළුත් ස්පයිඩර්මෑන් විදිහට සුපුරුදු විදිහට ඉන්නකොට කිංපින් ගෙ කොලයිඩර් එකෙන් ඇතිවුන අන්තර්මාන ඝට්ටනය නිසා මාන අතර අතරෙ සිදුරු හැදිලා..ඉතින් මේ කතාවෙ විශේෂ දුෂ්ඨයෙක් විදිහට අපිට “ස්පොට්” ව බලාගන්න පුළුවන්..මේ අතර කතාවට විවිධාකාර ස්පයිඩර්මෑන් ලා 250 කට වඩා මේ ෆිල්ම් එකේ ඉන්නවා කියලයි ආරංචිය.ඉතින් විශේෂයෙන්ම අපිට ස්පයිඩර්මෑන් ලා විදිහට මයිල්ස් මොරාලිස් ස්පයිඩර්මෑන්, ස්පයිඩර් ග්වේන්, පීටර් බී පාකර්,ජෙෆ්, මිගෙල් ඔ’හාරා, ස්පයිඩර් ඉන්දියා,දැකබලාගන්න පුළුවන්..කතාව ගැන වැඩිය කියන්න යන්නෑ..

කවුද මේ මයිල්ස් මොරාලිස්?😀🫴

කොමික් වලදි මයිල්ස් මොරාලිස් කියන්නෙ අපි දන්න ප්‍රධාන විශ්වයේ ඒකියන්නෙ EARTH-616 වල ජීවත් වුන කෙනෙක් නෙවෙයි.
මෙයාගෙ කතාව සිද්දවෙන්නෙ Ultimate universe කියලා කියන EARTH-1610 කියන යුනිවර්ස් එකේ.මේ යුන්වර්ස් එක පාදක කරගෙන හදපු EARTH-1610 B කියන යුනිවර්ස් එක පාදක කරගෙන තමයි ස්පයිඩර්වර්ස් ෆිල්ම් වල තියෙන්නෙ…කොහොම හරි මයිල්ස්ට ඕන වෙන්නෙ නෑ ස්පයිඩර්පවර්ස් ලැබුනට Super Hero කෙනෙක් වෙන්න එයාට ඕන සාමාන්‍ය කෙනෙක් වෙන්න..එයාගෙ නගරෙ ස්පයිඩර්මෑන් මැරුනාම එයා ස්පයිඩර්මෑන් වෙන්න තීරණය කරනවා..

මේ චිත්‍රපටයේ නැවත පැමිණෙන අළුත් කටහඬ කුසලතා තියනදෙඅංශයෙන්ම ඇතුළත් වෙන නියම ටීම් එකක් ඉන්නවා. Shameik Moore ප්‍රධාන චරිතය වන Miles Morales ලෙස හඬ දායක වෙනවා..Hailee Steinfeld ග්වේන් ස්ටේසි හෙවත් ස්පයිඩර් ග්වේන් ලෙසද මාර්වල් හි මූන් නයිට් චරිතයට පණ පොවන ඔස්කාර් අයිසැක්, ස්පයිඩර් මෑන් 2099 ලෙසද හැඳින්වෙන මිගෙල් ඔ’හාරාගේ හඬ විදිහට දායක වෙනවා. කලින් ෆිල්ම් එකේ පීටර් බී පාකර් ලෙස ජේක් ජොන්සන් සහ පීටර් පෝකර් හෙවත් ස්පයිඩර්-හැම් ලෙස ජෝන් මුලානි ආයෙ ඇවිත් තියෙනවා. ඇනිමේෂන් ගැන කිව්වොත් SONY තමන්ගෙ නියම මහසිය දරලා තියෙනවා මේ ෆිල්ම් එකට.. මෙහෙ තියෙන ස්පයිඩර්පීපල් ලා මයිල්ස් පස්සෙ පන්නන කොටස හදන්න SONY සමාගමට අවුරුදු හතරක් ගතවී තියෙන බවට වාර්තා වෙනවා. තවත් විශේෂ කාරණයක් තමා ස්පයිඩර් ලෙගෝ සජීවීකරණය කරලා තියෙන්නෙ සාමාන්‍ය පොඩි කොල්ලෙක්..

වෙන මොනවා කියන්නද යාළුවනේ! මේක මිස් කරගන්න එපා! තනිකරම මාස්ටර් පීස් එකක්...දැනටමත් ලොව පුරා බොක්සොෆිස් ආදායම ඩොලර් මිලියන $683.8 ක ආදායමක් මේ ෆිල්ම් එක ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් ආරාධනා කරනවා රස විඳින්න කියලා..සුභ දවසක්..නැවතත් මේ වගේම කතාවකින් හමුවෙමු..

මම ගිහාන්✍️💙..

~සිංහල උපසිරැසිකරණයේ නව රැල්ල සිනෙරූ වෙතින්ම පමණයි~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

11 comments

  1. Thanks Bokka ❤

  2. චූටි කිටියා 🥰🥰

    Gammak thamai

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Aaapu gamnanma sub eka dunnata thanks mage kollo ………….

  4. thavakallak thiyetha

  5. නියම වැඩක් බොසා

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. aluthma film ekak onnam aniwaren enne methanta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login