The title of the page
Horimiya:Piece (2023) S01 E03 Sinhala Subtitles
Horimiya:Piece (2023) S01 E03 Sinhala Subtitles
8.3
100

Horimiya:Piece (2023) S01 E03 Sinhala Subtitles | හොරි-මියා ප්‍රේම වෘතාන්තය නැවතත්… | සිංහල උපසිරැසි සමඟ

2023 අවුරුද්දෙ Summer Season එකේ නිකුත් වුනු පළවෙනි ඇනිමෙ සිරීස් එක වගේම පළවෙනි RomCom ඇනිමෙ සීරීස් එක වෙන Horimiya:Piece ඇනිමෙ කතා මාලාවේ 3 වන කොටසේ සිංහල උපසිරැසියයි මේ අරන් එන්නේ. හැබැයි මේක කලින් ආපු Horimiya (2021) සීරීස් එකේ season 2 එකම නෙමෙයි. එහෙම කියන්නෙ මොකද, මේකට ඇතුළත් වෙන්නෙ කලින් ඇනිමෙ එකට ඇතුළත් නොවෙච්ච වගේම manga එකෙන් කලින් සීරීස් එකට adapt නොවුනු කතාවක්. මේක තමයි Season 2 කියල කොතනකවත් නිළ වශයෙන් දක්වන්නෙ නැති වුනත් කතාවෙ ගලා යාමත් එක්ක, මේක Horimiya Season 2 කියල ගන්නත් පුලුවන්.

මේ කතාවෙත් ඉන්නෙ අපි දන්න හොරි සහ මියමුරා කියන දෙපළම තමයි කියන දේ අපි දැන් හොඳින්ම දන්න දෙයක්. හොරි සහ මියමුරා දෙන්නා පන්තියේ අනිත් අයත් එක්කම උපාධිය සම්පූර්ණ කරලා දැන් උසස් අධ්‍යාපනය ආරම්භ කරල තියෙන බව අපිට දකින්න ලැබුනා. ඒ හැමෝම විනෝද චාරිකාවක් ගිහින් හොඳට විනෝද වුනා. ඒකෙන් පස්සෙ දැන් හැමෝටම ක්‍රීඩා උත්සවයකට සූදානම් වෙන්න සිද්ධ වෙනවා. මියමුරා නම් කවදාවත් ක්‍රීඩා උත්සවයකට සහභාගී වෙලා නෑ. ඒ අතර මැද කරන පන්තියේ අයගෙ පිස්සු විකාර වැඩත් අපිට දකින්න ලැබුනා. ඉතින් මියමුරා, හොරිත් එක්ක මේ ක්‍රීඩා උත්සවයට මුහුණ දෙන්නෙ කොහොමද? මියමුරාට ක්‍රීඩා කරන්නත් වෙන පාටයි. මේකත් පෙර කොටස් දෙක වගේම ආදරය චාම්ව ගලා යන කතාවක්. අනිත් කාරණය තමයි හොරි සහ මියමුරා ක්‍රිඩා උත්සවයෙදි ඉන්නෙ කණ්ඩායම් දෙකක. ඉතින් ආදරය එක්ක සහයෝගය කොහොම ගලා යාවිද?

නරඹන්න එහෙනම් මේ 3 වෙනි කොටස. පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟ සතියෙදි Horimiya:Piece 4 වෙනි කොටසින් මුණ ගැහෙමු.

Episode Name : Sports Day
Aired Date : 2023.07.15
IMDB Rating : 7.6

ලංකන් weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login