The title of the page
Forensic 2020 Sinhala Subtitles
Forensic 2020 Sinhala Subtitles

Forensic (2020) Sinhala Subtitles |අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් හෙලිකළ අභිරහස|සිංහල උපසිරැසි සමග

දාම ඝාතකයින් එසේ නැතිනම් සීරියල් කිලර්ස් යනු සාමාන්‍යය, සාමකාමී ජනතාව භීතියට පත් කරන්නට පුලුවන් පිරිසක්. එමෙන්ම ඔවුන් අපරාධ විද්‍යා විශේෂඥයින්ගේ සහ සිනමාකරුවන්ගේ නොමඳ අවධානයටද ලක්වන පිරිසක් ලෙසත් සැලකීමට හැකියි.

දාම ඝාතකයින් වටා ගෙතුණු විවිධ භාෂා වලින් නිමැවුනු සිනමාපට රාශියක් තිබෙනවා.
Se 7en(1995), The Silence of the Lambs(1991), Psycho(1960), Zodiac(2007) යනු ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවුනු දාම ඝාතන සහිත හොලිවුඩ් චිත්‍රපටි සඳහා උදාහරණ කිහිපයක්.  එසේම අපේ අසල්වැසි දකුණු ඉන්දියානු සිනමාකරුවන්ද මෙවැනි නිර්මාණ සඳහා දායකවී තිබෙනවා. මෑත කාලයේ ඉතා ජනප්‍රිය වුනු Ratsasan සහ Psycho වැනි දමිළ චිත්‍රපටත් අන්ජාම් පතීරා වැනි මලයාලම් චිත්‍රපටත් ඔබ අනිවාර්යයෙන්ම නරඹා ඇති.

Forensic Sinhala Subtitles

අපරාධයක් සිදු වුනු පසුව අනිවාර්යයෙන්ම ඊළඟ පියවර වන්නේ අපරාධය පිළිබඳව විමර්ශනයන් සිදුකිරීමයි. ඒ විමර්ශන ක්‍රියාවලිය තුලත් ජෛව විද්‍යාත්මක සාක්ෂි තුළින් අපරාධකරු හඹායෑම තරමක් දුරට සුවිශේෂී වනවා. අප සියලු දෙනාම මනුෂ්‍යයින් වශයෙන් සමාන වුවද අපගේ ශරීරයේ DNA සැකැස්ම සහ ඇඟිලි සලකුණු එක් එක් පුද්ගලයාට අනන්‍යයි. එසේම ඇසේ කලු ඉංගිරියාව පිහිටා ඇත්තේද එක් එක් පුද්ගලයාට ⁣ආවේණික ආකාරයකට බවද වර්තමානයේ පිළිගැනෙන කරුණක්. අපරාධයක් පිලිබඳව විමර්ශන කරන ඕනෑම අවස්ථාවක බොහෝ දුරට සිදු කරන පළමු කාර්යය ඇඟිලි සලකුණු සහ DNA පරීක්ෂණ නියැදි පිළිබඳව සොයා බැලීම වන්නේත් ඒ නිසාමයි.

නගරයේ සිදුවන දාම ඝාතන මාලාවක මිනීමරුවා සොයාගැනීමට ඒ පිළිබඳව විමර්ශනය කරන පොලිස් නිලධාරිනිය
වන රිතිකා සේවියර් සහ ඇයගේ සහයට පැමිණෙන Medico-Legal Advisor නොහොත් අධිකරණ වෛද්‍යය නිලධාරියා වන සැමුවෙල් ජෝන් කාට්ටෝකාරන් විසින් දරන ප්‍රයත්නය Forensic චිත්‍රපටිය සඳහා තේමාව වී තිබෙනවා. චිත්‍රපටය
IMDb අගය 6.6/10 ක් මෙන්ම 90% ක ගූගල් පරිශීලක මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
Forensic චිත්‍රපටිය අඛිල් පාවුල් සහ අනාස් ඛාන් දෙදෙනාගේ ප්‍රථම අධ්‍යක්ෂණයයි. මෙහි කතාව,පිටපත සහ
දෙබස් නිර්මාණයද ඔවුන් දෙදෙනා විසින්මයි සිදුකර තිබෙන්නේ.

මෙය නිසැකවම ත්‍රිලර් කාණ්ඩයට යටතේ වර්ගීකරණය කල හැකි චිත්‍රපටියකි.චිත්‍රපටයේ මුල සිට අග දක්වාම කුතුහලය උපරිමයෙන්ම රඳවාගෙන තිබෙනවා.

Forensic එහෙම නැත්නම් Medico-Legal advisor සැමුවෙල් ජෝන් විදියට රංගනයෙන් දායක වන්නේ ටොවිනෝ තෝමස්. ඔහුගේ සාමාන්‍යයෙන් දකින්නට පුලුවන් සන්සුන්, ප්‍රීතිමත් ස්වභාවය මේ චරිතය තුලදිත් දකින්නට ලැබෙනවා. රිතිකා සේවියර් IPS විදියට මම්තා මෝහන්දාස් රංගනයේ යෙදෙනවා. මෑත කාලයේදී ඇය රඟපෑ චරිත වලට වඩා වෙනස් චරිතයක් වුවත් ඇය පොලිස් නිලධාරිනියකට ලෙස තිබිය යුතු ගරු ගාම්භීර බවත් කාර්යශූරත්වයත් තම රංගනය තුලින්
රැක ගැනීමට සමත් වෙලා තිබෙනවා. සමස්තයක් විදියට මේ චිත්‍රපටියේ රංගනය පිළිබඳව සෑහීමකට පත්වෙන්නට පුලුවන්..

නමුත් Forensic චිත්‍රපටියේ රංගනයට වඩා කැපී පෙනෙන්නේ මෙහි කතාව, script එක, screen play සහ ස්ටෝරි
ලයින් යන කරුණුයි. චිත්‍රපටිය ආරම්භයේදීම ප්‍රේක්ෂකයාට ඇති වන කුතුහලය චිත්‍රපටියේ සම්පූර්ණ ධාවන කාලය
පුරාවටම රැකගැනීමට අධ්‍යක්ෂකවරුන් සමත්වී තිබෙනවා. පසුබිම් සංගීතය තුළින් චිත්‍රපටියේ කතාව ඉදිරියට
රැගෙන යාමට සාර්ථක උත්සාහයක් දරා තිබෙනවා.

සමස්තයක් ලෙස චිත්‍රපටිය සාර්ථක බව පවසන්නට පුලුවන්. ⁣ත්‍රිලර් කාණ්ඩයේ චිත්‍රපටි නැරඹීමට කැමති අය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියකි Forensic.

සටහන – ඉන්දීවරී හේරත්

මුලින්ම උපසිරැසි නිර්මාණයට කාලරාමු හදල දුන්න අපේ අංජුල සහෝට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනා.. පෙර නිකුත් උන TVRip වලට වගේම ඉංග්‍රීසි උපසිරැසි එක්ක නිකුත් උන HDRip පිටපත් වලටත් උපසිරැසිය යාවත්කාලීන කර ඇත..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /HDTV /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

7 comments

  1. බොහොම ස්තූතියි උපසිරැසියට..ඔන්න ගත්ත එහෙනම් බලන්න ❤

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. පට්ට පසියා..❤️

  4. aluthen apu hd rip ekata update krnna sub file eka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login