The title of the page
psycho sinhala sub
1
86

Psycho (2020) Sinhala Subtitles |මනෝ ඝාතක| සිංහල උපසිරැසි සමග|

“We are simultaneously god and worms”

ඔන්න මම මේ පාර ගෙනාවේ මිස්කින්ගේ අධ්‍යක්ෂණයෙන් හා උදයනිදි ස්ටාර්ලින් හා නිත්‍යා මෙනන් ප්‍රධාන රංගනයෙන් දායකවන.
කවුරුත් ආශාවෙන් බලන් හිටපු ” සයිකෝ” ෆිලුම. IMDb 7.1/10 ක් වැනි ඉහළ අගයක් ලබා ගැනීමට සමත්වී ඇත. මෙය 24 ජනවාරි 2020 තිරයට පැමිණ පැයයි විනාඩි 26ක් පුරා කිසිම කම්මැලිකමක් නොමැතිව ගලායෑමක් සිද්දවෙනවා. සංගීතය නැවතත් මෙස්ට්‍රෝ ඉලයරාජාගෙන් වන අතර සිනමාකරණය තන්වීර මිර් ගෙනි .(psycho sinhala sub)

Facebook අපි බැලු චිත්‍රපටි ගෘපයේ ඇඩ්මින් සසිත් සුදර්ශන ගේ අදහස බලමු අපි

ඔන්න මේ Psycho නම දැක්ක ගමන්ම හුගක් අය හිතන්නෙ1960 ආපු හොලිවුඩ් එක කොපි කරල ගහල වෙන්න ඇති ⁣කියලනේ.
😂  අපෝ නෑ මේක වෙනම ලෙවල් එහෙක ඉන්න සයිකො මිනීමැරුවෙක් ගැන තමයි Mysskin කියන්නෙ.

මෙහි සංගීතය Ilaiyaraaja ගෙ🔥👌 ඉතින් Mysskin ගෙ දමිළ චිත්‍රපටි බලපු අය දන්නවනෙ ඒව හරි අමතුම විදියේ චිත්‍රපටි කියල . හුගක් අය ඔහුගේ මේ චිත්‍රපටි කලාවට ගොඩක් ප්‍රියකරනව .සමහරක් අයට මේ චිත්‍රපට සෙට්වෙන්නෙම නෑ.😂 Mysskin කියන අධ්‍යක්ෂක වරය කවදාවත් දමිළ චිත්‍රපට වල තිබෙන දෙවල් ඔහුගෙ චිත්‍රපට වලට සම්බන්ධ කරගන්නෑ . ඔහු එක් මාධ්‍ය සාකච්ඡාවක ඒ පිලිබදව අදහස් දක්වලත් තිබුන.

psycho 2020 sinhala sub

ඉතින් සාර්ථක අධ්‍යක්ෂක වරයෙක් වුනාම ඔහු සිටින සිනමා තලයට වඩා ඉහල සිනමාවක් ඔහු රසවිඳිය යුතුයි, එවිට තමයි ඔහුට ඔහුගෙ සිනමා ගමන සාර්ථක කරගැනීමට අවශ්‍ය දැනුම ලබාගන්නට පුලුවන් වන්නෙ. නමුත් ඒ සිනමාවන් කෙපිකරල එහෙම්පිටින්ම චිත්‍රපටි ගහන්න ගියොත් ඒකත් අසාර්ථක උත්සහයක් වනව. නමුත් Mysskin කියන්න එහෙම අධ්‍යක්ෂක වරයෙක් නොවෙයි. ඔහු ලොක සිනමාව තුල තිබෙන්නාවූ සුවිශේෂී නිර්මාණයන් රසවිඳිල ඔහු ඒ නිර්මාණ වල තිබෙන දේවල් අධ්‍යයනය කරල අලුත් නිර්මාණයක් කරන්න තමයි උත්සහ කරන්නෙ. ඉතින් මෙදාපාරත් ඒ උත්සහ සාර්ථකයි.

psycho 2020 sinhala sub

තව දෙයක් තමයි ඔහුගෙ චිත්‍රපටි වල තියෙනව අමුතු ශෛලියක්. හරියට සෙල්වරාඝවන් සහ මනිරත්නම් ගෙ චිත්‍රපට වල වගේ ඒවයි හදුනාගැනීමේ සහ ඔවුන්ට අවේනික වෙනස්කම් ගොඩක් තිබෙනව, ඉතින් මේ චිත්‍රපටිය තුලත් Mysskin ගෙ ඒ ශෛලිය තිබුන, ඔහුගෙ චිත්‍රපටි වල තිබෙනව හරිම කලබලකාරී කෑ ගහන අමුතු විදියට බලන එක චරිතයක් හරි🤔 අන්න ඒක මෙදාපාර ගිහිල්ල තියෙන්නෙ Nithya Menen අක්කට.😂 ඉතින් මෙහි කැපීපෙනෙනම ප්‍රධාන චරිතය කරන්නෙ Udhayanidhi Stalin විසින්, කිව්වත් වගේම ඔහු විශිෂ්ට ලෙස ඔහුගේ චරිතය තුල රංගනයේ නියැලෙනව.👌

psycho 2020 sinhala sub

ඉතින් මෙහි කතාව ගැන කෙටි විස්තරයක් කරනවනං, මම මුලින් කිව්ව වගේම මේක නිර්මාණය වෙලා තිබෙන්නෙ දාම ඝාතකයෙක් සම්බන්ධයෙන්. ඒ වගේම ඔහු මින්පෙර නොදුටු විදියේ චරිතයක් ලෙසින් අපි දකිනව, ඔබ චිත්‍රපටය මුල සිට නරඹන විට මේ ඝාතකය පිලිබඳව හරිම පහත් හැගීමක් ඇතිවනව නිසැකයි. මොකද ඔහු ඝාතනය කිරීමට අනුගමනය කරන ක්‍රියාපිලිවෙත් දැකල. නමුත් ඔබට චිත්‍රපටයෙහි උච්චතම අවස්ථාව තුලදි මේ ඝාතකයව සමාජය ඉදිරියට ගෙනල්ල වෙනස්ම විදියකට ඔහුව ඔබට දකින්නට සලස්වා තමයි චිත්‍රපටය අතිසාර්ථක ලෙසින් අවසන් කරන්නෙ. ඔහු හරියට නිකන් මිනිසුන්ගෙ අහිතකර ක්‍රියාවන් නිසා ඇතිවුන වෛරසයක් වගේ ඒ ⁣වෛරසය මර්ධනය කිරීමට අපහසුයි, නමුත් එය ඇතිවීමට බලපාපු හේතුව හොයල එහි ක්‍රියාකාරිත්වය සඳහා බලපාන සාධක අයින් කරාම ඒක ඉබේම නැතිවෙන්නාක් සේ තමයි මෙය අවසන් වන්නෙත්.👍 ඉතින් ඔබට මේ චිත්‍රපටය නරඹන්නට කියල ආරාධනා කරනව. චිත්‍රපටයෙ අන්තිමට ඒ අවසානයත් සමග දමිළ සිනමාව තුල බිහිවුන වෙනස්ම විදියේ චිත්‍රපටයක් කියල ඔබටත් හැගේවි.

ලිපි සැකසුම: සසිත් සුදර්ශන
අපි බැලු චිත්‍රපටි හා දමිළ සිනමාව වෙනුවෙන්

psycho 2020 sinhala sub

psycho 2020 sinhala sub

Cineru

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

18 comments

  1. තෑන්ක්ස් ලොකු අයියා..🔥❤️

  2. සුපිරි අයියේ … ඔන්න මමත් ගත්ත

  3. Asanka
    Cineru Family Member

    සුපිරි ලොකු අයියේ

  4. Thanks sub ekata
    Sonic ekath ikmanata denna

  5. thanks sub ekata (peter aiye) jayawewa…………

  6. Achi
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් මචෝ….
    පුලුවන්නම් Full Speed 2016 ෆිල්ම් එකට සබ් එක කරන්න

  7. Thank uuuuu

  8. උපසිරසියට බොහොම ස්තුතියි අයියෙ 😍😍😍

  9. බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

  10. anjana madusanka

    thanks Aiya…

  11. thanks for the sub

  12. Pasindu
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් පීටර් අයියා 🥰🔥

  13. webdl walatat sub eka hadanna

    • Peter Barthelot
      Cineru Family Member

      ඔන්න අප්ඩේට් එකක් දැම්මා

      • Achi
        Top Fan ⭐⭐⭐

        තැන්ක්ස් බොක්ක සබ් අප්ඩෙට් එකට ආදරේයි

  14. Achi
    Top Fan ⭐⭐⭐

    ආහ් හරි හරි සබ් සෙට් වෙනවා…

  15. Sub eka match venne nane film ekata ?

  16. cocktail 2020 tamil film ekata subtitle dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login