The title of the page
dharala prabhu sinhala sub
6.7
91

Dharala Prabhu (2020) Sinhala Subtitle | උදාර දායකයා ප්‍රබූ | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් සිනමලෝලී රසික හැමෝටම.ඔන්න මම ආයෙත් ඉක්මනින්ම තවත් අපූරු දමිළ චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන ආව ඔයාල හම්බවෙන්න.(dharala prabhu sinhala sub)

Drama/Romance/Comedy කියන කාණ්ඩ හරහා වර්ග කරන්න පුළුවන් මේ චිත්‍රපටිය තිරගත 2020 මාර්තු 13 වෙනිදා.ඉතින් මේ කාණඩයෙන් ආපු තවත් අපූරු දමිළ චිත්‍රපටියක් කියන්න පුළුවන් විනෝදාත්මක සහ හැගුම්බර කතාවක් මේකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ.IMDB දර්ශකය තුල 7.8 ක අගයකුත්,ගූගල් පරිශීලකයන්ගෙ 92% ක ගේ මනාපයකටත් නතුව තියෙනවා.අධ්‍යක්ෂණය ක්‍රිශ්ණ මාරිමුත්තු විසින්.
තවද මෙහි සංගීතයට දායක වුනු අනිරුද් රවිචන්දර් ගැන්ග්ලීඩර් තෙලිඟු චිත්‍රපටයේ එන තීම් සෝන්ග් එක ඒ තනුවටම වෙනස් කරල මේකට දාල තියෙනවා.ඔයාලට බලනකොට මතක් වෙයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ගැන කතා කරනවනම් ප්‍රධාන නලුවා ලෙස එක් වෙන්නේ Harish Kalyan.
ඉතින් දමිල සිනමාවේ මං ආසම කරන නලුවෙක්.රසිකයන්ට විනෝදාස්වාදය අදාල ලෙසම ලබා දෙන නලුවෙක්.
මං කලි උපසිරැසි කරපු Ispade Rajavum Raniyum Idhaya (2019) එහෙම බලල තියෙනවනම් දන්නව ඇති ඒක.
ප්‍රධාන නිලිය වෙන්නේ Disco Raja 2020 තෙලිඟු චිත්‍රපටයේත් රංගනයෙන් එක් වුනු Tanya Hope විසින්.
එයාවත් මතක ඇති ඔයාලට.තවත් දමිල සිනමාවේ අමතක නොවන චරිතයක් වන Vivek ද මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව පැත්තට යොමු වෙමු එහෙනම් ,

dharala prabhu 2020 sinhala sub

දරුවන්, මේ ලෝකය අම්මගෙ ආදරයෙන් ලස්සන වෙනකොට, ඒ සෙනෙහස ලබනා දරුවන් අපූරුවට මේ ලෝකෙ හැඩ කරනවා.ඒකේ වටිනාකම නොදන්න සමහර නොමිනුසුන් අද දරුව ලැබුනු ගමන් කුණු කූඩෙට විසි කරන තැනට වැටිල තියෙනවා.ඒත් මේ ලෝකෙ දරුවන් නැතුව ජීවිත කාලෙම දුක් විදින අය කොච්චරනම් ඉන්නවද, විද්‍යාව අද වෙනකොට එයට විසදුම් දෙන්න තරම් දියුණු වුනත් මිනිස්සුන්ගේත් , සමාජයේත් ආකල්ප ඒ හා සමග දියුනු නොවීම හින්දා බොහෝ දෙනෙක්ට ඉතුරු වෙලා තියෙන්නෙ වේදනාවක් විතරයි.

මේ කතාවත් ඒ වගෙ

ඩොක්ටර් කන්නදාසන් කියන්නේ දරු උපත් මධ්‍යස්ථානනයක් කරගෙන යන කෙනෙක්.ඉතින් ලමයින් නැති ගොඩක් අය මෙයා ගාවට ඇවිත් ඇඩ්වාන්ස් පවා දීලා යනවා දරුවෙක් ගන්න.මෙයා කරන්න හදන්නේ මෙහෙමයි.හොඳ දායකයෙක් හොයල එයාගෙ ශුක්‍රාණු අරගෙන කෘත්‍රිම සිංචනය මගින් දරු උපත් දෙන්න.ඉතින් ඔහොම හොයනකොට මෙයාගෙ ඇහැ ගැටෙන්නේ අහිංසක ෆුට්බෝල් කොල්ල ප්‍රබූව.අම්මොහ් ඉතින් මරු සීන් තමා එතනින් එහාට තියෙන්නෙ.ඔය අතරෙ නිදීත් ප්‍රබූගෙ ජීවිතෙට එනවා.කතාව නියමෙට ගලා යනවා.
ඉතින් ප්‍රබූ මේ වැඩෙට කැමති වෙයිද?ප්‍රබූගෙයි නිදීගෙයි ආදර කතාව මොකක් වෙයිද? කිව්වොත් රහ නැතිවෙයි තවත්නම් ඔයාම බලන්න.

විනෝදය වගේම තමා විටෙක හැගුම්බර කරන හරිම අපූරු කතාවක් මේක මගහැරගන්න නම් එපා.අනිවාරෙන්ම අරගෙන බලන්න.

dharala prabhu 2020 sinhala sub

ඉතින් ඔන්න මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න ඔයාල වෙනුවෙන් ඉක්මනට ඉක්මනටම උපසිරැසි අරගෙන එකේ සබ් එක අරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් එකතු කරලා මට ශක්තියක් වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.

ගිහින් එන්නම් එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන මම එන්නම් ඉක්මනින් ඔයාල හම්බවෙන්න.සතුටින් , පරිස්සමින් ගෙදරට වෙලාම ඉන්න හැමෝම.

ඔබට ජය !

dharala prabhu sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. Hodai

  2. Downloard film
    film

  3. සිවෙන්ද්‍ර

    Thank Bro

  4. සබ් එකට බොහොම ස්තුතියි❤

  5. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  6. Pasindu
    Cineru Family Member

    මදුශාන් අයියා.. ෆිල්ම් එක බලලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නෙ… 😍
    සබ් එක සුපිරියටම තිබුනා.. 👌
    තෑන්ක්ස් ❤️

  7. Achi
    Top Fan ⭐⭐⭐

    ආදරේයි බ්‍රෝ..තැන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login