The title of the page
Satans Slave 2017 Sinhala Sub
Satans Slave 2017 Sinhala Sub

Satan’s Slave (2017) Sinhala Subtitles |සාතන්ගෙ වහලුන්|සිංහල උපසිරැසි සමග

ඉන්දුනීසියන් චිත්‍රපටි බලලා තියෙනවද? මමනම් හිතන්නෙ නෑ ගොඩක් අය බලලා ඇති කියලා. හැබැයි ඉතින් බලලා තියෙන අය දන්නවා ඉන්දුනීසියන් චිත්‍රපටි කොයි වගේද කියලා. ඔයා කවදාවත් ඉන්දුනීසියන් චිත්‍රපටි බලලා නැත්තන් මම කියනවට Foxtrot Six 2019 කියන ඉන්දුනීසියන් චිත්‍රපටිය බලන්න. ඒකටත් සිනෙරූ එකෙන්ම උපසිරසිය දීලා තියෙනවා. ඉන්දුනීසියන් චිත්‍රපටි වැඩක් නෑ. මෙලෝ රහක් නෑ කියලා ඔයා කියනවා නම් මම ඔය උඩ කියපු චිත්‍රපටිය බැලුවම ඔයාගෙ මතය වෙනස් වෙයි. ඒ වගේම තමයි තවත් සුපිරිම ඉන්දුනීසියන් චිත්‍රපටි තියෙනවා. ඒ අතරින් මම ගොඩක්ම කැමති The Raid 2011 / The Raid 2 / The Night Comes for Us 2018 / Gundala 2019 / Headshot 2016 කියන මෙන්න මේ චිත්‍රපටි පෙළට. හැබැයි ඉතින් මේ චිත්‍රපටි ටිකනම් වැටෙන්නෙ Action / Adventure / Drama ඝණයට. Fighting එහෙම නම් ආයෙ කියලා වැඩක් නෑ සුපිරියටම තියෙනවා. බලන්නම වටිනවා.(Satans Slave 2017 Sinhala Sub)

අදනම් මම අරන් එන “Satan’s Slave 2017” කියන චිත්‍රපටිය වැටෙන්නෙ Horror/ Drama කියන ඝණයට. ඉන්දුනීසියන් Horror චිත්‍රපටි ගත්තත් ඉතින් සුපිරිම තමයි. මේ චිත්‍රපටිය තිරගතවෙන්නෙ “2017 වසරෙ සැප්තැම්බර් 28 වෙනිදා ඉන්දුනීසියාවෙදි”. දැනට අවුරුදු තුනකට කලින් ආවත් කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා බය නැතුව කියනවා. බැලුවට පාඩුවෙන්නෙ නෑ. 2017 වසරෙදි තිරගතවුණු මේ චිත්‍රපටිය “Best Sound Editing & Mixing” එකට හිමිවෙන සම්මානය දිනාගන්නත් සමත් වෙනවා.

ඒ විතරක් නෙවෙයි…

◾ Best Cinematography 2017
◾ Best Child Actor 2017
◾ Best Director 2017
◾ Best Visual Effects 2017

කියන සම්මාන රැසක් හිමි කරගන්නත් මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. මම මෙතන දැම්මෙ මේ චිත්‍රපටිය හිමිවුණු සම්මානවලින් ටිකක් විතරයි. ඔයාලාට තවත් දේවල් දැනගන්න ඕනනම් නෙට් එකේ පොඩ්ඩක් හොයලා බලන්න. මේ චිත්‍රපටිය 89% ගූගල් පරිශීලකයන්ගෙ ගන්න සමත්වෙන අතරෙම IMDb දර්ශකයේ 6.6/10 ක් වගේ අගයකුත් Rotten Tomatoes එකේදි 89% කුත් අරගන්නවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් “Gundala 2019” චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු “Joko Anwar” කියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා. මේ චිත්‍රපටිය ගැන කියන්න ඕන හැම විස්තරයක්ම කිව්වනෙ. කියවන එක නැති එක ඔයාලගෙ අතේ තමයි තියෙන්නෙ.(

දැන් පොඩ්ඩක් බලමු මේ චිත්‍රපටියෙ මොනවගේ සිදුවීමක්ද වෙන්නෙ කියලා.

මේ කතාව ගෙතෙන්නෙ රිනී⁣ කියන ගෑණු ලමයයි එයගේ පවුල වටෙයි..ඉතින් රිනීගෙ අම්මා අසනීප වෙලා තමයි ඉන්නෙ..අම්මගෙ අසනීපෙ නිසාම රිනිගේ පවුල සල්ලි අතිනුත් ගොඩක් බහලට වැටිලා හිටියෙ…රිනිට ටෝනි,බොන්ඩි,ඉයන් කියලා මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා..ඉතින් මේ අතරේ රිනිගෙ අම්මා හදිස්සියෙම මියයනවා…ඉතින් රිනිගෙ දෙවනි මල්ලි බොන්ඩි ගොඩක් බයෙන් තමයි ඉන්නෙ එයාලාගෙ අම්මා අපහු මිනී වලෙන් නැගිලා ඒවි කියලා..ඔන්න ඉතින් බොන්ඩි හිතපු විදියටම ටික දවසක් යද්දි අම්මා ගෙදර හොල්මන් කරනවා කියලා කට්ටිය තේරෙනවා..ඔන්න ඉතින් ඔතනින් තමයි කතාව හරියටම පටන් ගන්නෙ…මෙතනින් එහාටනම් මම මුකුත් කියන්නෙ නෑ…ඔයාලා ෆිල්ම් එක බලලම මොකද්ද රිනීගෙ අම්මා ආපහු එන්න හේතුව,ඇයි එහෙම වෙන්නෙ කියලා බලන්න…මොනවා වුණත් හොල්මනක් නැතුව වුණත් ආලෝකකරණයෙන්,ශබ්ද සංකලනයෙන් ඔයාලව අනිවාම මේ ෆිල්ම් එක බය කරයි..

පැයයි විනාඩි 47 ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම නවතිනවා. උපසිරසිය අරගෙන කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

හැමෝටම ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks jayawewa…….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login