The title of the page
9
98

Flower of Evil (2020) E15-E16 END Sinhala Subtitle | නපුරේ පුශ්පයේ අවසානය නපුරක්ද..? | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම,ඔන්න එහෙනම් අපේ කතා මාලාවේ අවසාන කොටස් දෙකට සිංහල උපසිරැසි අරගෙනයි මම ආවේ.

ඉතින් ඔය හැමෝම දන්නවනේ මේ ඩ්‍රාම එකට අපි සිංහල උපසිරැසි දෙන්න පටන් ගන්නකොට ඩ්‍රාම එකේ භාගයක් විතරම ටෙලිකාස්ට් වෙලා තිබුනෙ.ඉතින් එහෙම වෙලත් කොරියාවෙ විකාශනය අවසන් වෙනකොටම මේ වගේ සිංහල උපසිරැසිත් දීල අවසන් කරන්න ලැබීමනම් සතුටක්.
ඉතින් ඒ වෙනුවෙන් මම කියපු ගමන් කැමති වෙලා මේකට හවුල් වුනු අපේ ටීම් එකේ ප්‍රියශාන් මල්ලි,සලිත මල්ලි වගේම ඩිලාන් සහෝදරයට ස්තූති වෙන්න ඕන.ඒ වගේම හැමවෙලේම අපි එක්ක ඉන්න ආදරණීය ඔයාලත් ලොකු උදව්වක් උනා.ස්තූතියි ඒකට.

එහෙනම් ඩ්‍රාම එක ගැන අපි ආයෙම මතක් කරගමු.

” Endless Happiness ” (නිමක් නොමැති සතුටක්) tvN කොරියානු නාලිකාව ඔස්සේ පසුගිය ජූලි 29 වෙනිදා ඉදන් තමයි මේ ඩ්‍රාම එකේ විකාශනය ආරම්භ වුනේ.ඉතින් Mystery | Thriller | Romance කාණ්ඩයෙන් ආව සුපිරිම ඩ්‍රාම එකක් විදියට හොඳ රසික ප්‍රතිචාරයක් ලැබුනා මේකට.ඉතින් මතකනේ අපි උපසිරැසි ගෙනාව tvN ලගෙ It’s Okay to not be okay ඩ්‍රාම එකත් ගොඩක් ජනප්‍රිය වුනානේ.ඉතින් මේ ඩ්‍රාම දෙකේම සයිකො සීන් එකක් ඔයාලට පේන්න ඇති.ඒක ටිකක් විශේෂ දෙයක්.

හරි..ඉතින් 14 කොටසේ අවසානයත් මතක් කරන්නම්.බෙක් හී සොන්ග් දාමඝාතකයගේ හවුල්කාරය.එයා ගෙදර සේවිකාව මරල ඒකටත් ඩෝ හයුන් සු ව අල්ලල හෙනම අව්ල් ජාලයක් ඇති කරල තියෙන්නෙ.ඒ නිසාම ඩෝ හ්‍යුන් සු ටයි ජි වොන් ටයි වුන දේ දැක්කනේ.මේ හැමදේකින්ම ගැලවිලා තමන්ගෙ නිර්දෝශීකම ඔප්පු කරන්න හයුන්සු ට තියෙන්නෙ බෙක් හී සොන්ග්ව අල්ලගන්න එක.ඒ අතරෙ හේ සු ටත් බෙක් හී සොන්ග් පිහියෙන් අනිනවා ජි වොන් කියල හිතල..

ඉතින් එයාට මොනව වෙයිද මන්ද ? ඩෝ හ්‍යුන් සු ට බෙක් හී සොන්ග් කොටු කරගන්න පුළුවන් වෙයිද ..? එයා නිර්දෝශී බව ඔප්පු වෙයිද..?

නපුරේ පුශ්පයේ අවසානය නපුරක් වේවිද ..?

ඔක්කොටම උත්තර හම්බෙන්න ඔයා එහෙනම් උපසිරැසි බාගෙන..කමෙන්ටුවකුත් දාගෙන ගිහින් නරඹන්න අවසන් කොටස් දෙක.

එහෙනම් වර්තමාන සිනෙරූ කොරියානු රාජධානියට පුරාවෘත්තයක් විදියට මේ ඩ්‍රාම එකත් ඇතුලත් වෙද්දි තවත්  ඩ්‍රාම විශාල ප්‍රමාණයක උපසිරැසි ලබාදෙමින් යනව.ඒවටත් එකතු වෙන්න.මෙතෙක් කමෙන්ට් කරපු , වචනෙන් හරි අපිට හයියක් වුනු ඔයාල හැමෝටම බෙහෙවින් ස්තූතියි..දිගටම රැදෙන්න මේ සිංහල උපසිරැසිකරණයට නවමු රැල්ලක් එකතු කරන ලංකාවෙ කෝඩුකාර උපසිරැසි අඩවිය සිනෙරූ උපසිරැසි වෙබ් අඩවිය එක්ක.

තවත් අපූරු කතා මාලාවකින් අපි නැවතත් හම්බෙනු එතෙක් පතන්නම්,

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

24 comments

  1. Thank you ඔක්කොම sub ඉක්මනින්ම ගෙනාවාට😍 *සිනෙරූ කොරියානු රාජධානිය* ඒ නම නම් ඇත්තටම ගැලපෙනවා❤. කොරියානු රසිකයින් වෙනුවෙන් තවත් ලස්සන korean tv series එකක් ඉක්මනින්ම ගේන්න.😘😘😘

  2. අනේ doctor stranger,Romance in bonus book,secret garden, rooftop prince කතා 4 සබ් දෙන්නකො

  3. Sahan Sulakkhana Subasinghe

    sub ekata godak thanks saho

  4. Thank you so much for the subtitles

  5. සුපිරි බං. නියමයි දැන් මුලු කතාවෙම සබ් එක බා ගන්නවා මං. තැන්ක්ස් මචො අනිත් කොටස් වලටත්

  6. ගොඩාක් ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

  7. බොහොම ස්තූතියි උපසිරැසිකරණයට මහන්සි වුන සියලුම දෙනාට.තවත් අලුත් කතාවක් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.ජය වේවා 🤘🔥🤗😘😁❤️

  8. 14,15,16 epi tika nanhh…

  9. පුළුවන් නම් පරණ korean tv series වලටත් sub ගේන්නකෝ. Thank you for this tv series.

    • ඒක නම් ඇත්ත.සිනෙරූ තමා කොරියන් කතා වල සිංහල සබ් වලට හොදම. ඒත් ඔයාලා දීපූ ගොඩාක් ඒවා අලුත් ඒවා. ලස්සන කොරියන් පරණ කතා තියෙනවා. ඒවාටත් පුලුවන් නම් සබ් දෙන්නකෝ. මේ උපසිරසට ස්තූති.

    • Ow. Man anith sites wagayakinuth secret (2013) Korean drama ekata Sinhala sub illuwa. Labune na. Puluwan nam oyala secret (2013) drama ekata sub gennako. Thank you Korean rasikayange illim itu karanawata.

  10. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මදුවා, එළම හොඳේ. මං පුද්ගලිකව කොරියන් සීන් එකේ නෑ. ඒථ් මේකේ මුල් කොටස් දෙක ඊයේ බැලුවා නිකමට වගේ. සුපිරියක් හොඳේ. හැබැයි බං කෙල්ලෝ ඔක්කොම එක වගේමයි මට පේන්නේ🤣🤣🤣🤣🤣🤣. එලම හොඳේ, තව ලස්සන එකක් ගේන්න. මේක බලලා ඉවර වෙන්නත් කල් යයි ටිකක්. අපේ ඇඩ්මින්වරු උපසිරැසි ඉල්ලනවනේ 🤣🤣🤣🤣🤣🤣

  11. Thank you dear sub ඉක්මනින් ගෙනවට​.. තවත් මේ වගේම ලස්සන thriller story එකකට​ සබ් අරන් එන්න​.. ❤️️

  12. Thank you me drama ekata Sub dunnata…

  13. downloadin link eka denna puluwanda

  14. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊.. දැන් තමා බලන්න පටන් ගන්නෙ series එකම එකදිගට බලන්න ඕන නිසා නැත්තං එක episode එකක් බලල ඊලඟ episode එකට සබ් එක දෙනකන් ඉන්න අමාරුයි 😁😉..
    request:
    * Inheritance (2020)
    * WΔZ (2007) Tom Hardy
    * The Crimes That Bind (2020) Spanish

  15. romantic doctor teacher kim season 1 and 2 sinhala sub hadanna puluwan da

  16. “Watcher 2019, Memorist 2020 “Me Korean Drama 2ta Puluwannm Sub dennakoo…..

  17. ලස්සන වැඩක් ❤❤❤
    Whats wrong with secretary kim eke sub ekath demu😁😁😁

  18. Nice work ❤❤❤
    Whats wrong with secretary kim eke sub ekath demu….🔥🔥

  19. Amilani darshika

    The Tale of a Gumiho අලුත් කතාව සබ් දෙන්නකෝ

  20. beyond evil drama ekath dennakoo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login