The title of the page
Falcon and the Winter Soldier (2021) E01 Sinhala Subtitles
Falcon and the Winter Soldier (2021) E01 Sinhala Subtitles
8.4
93
93

Falcon and the Winter Soldier (2021) E01 Sinhala Subtitles | ෆැල්කන් සහ වින්ටර් සොල්දාදුවා | සිංහල උපසිරැසි සමඟ

(Falcon and the Winter Soldier (2021) E01 Sinhala Sub) මාවල් සිනමා විශ්වයේ (Marvel Cinematic Universe) එහෙමත් නැත්නම් කෙටියෙන් කිව්වොත් MCU එකේ Phases 3 ක් පහු කරලා දැන් 4 වෙනි Phase එක පටන් අරගෙන ඉවරයි. ඒ Phase එකට​ ආරම්භය ගත්තෙ Disney+ නාළිකාව ඔස්සෙ විකාශය වුණු WandaVision කතා මාලාව හරහායි. කොටස් 9 ක් තිබුණු ඒ කතා මාලාව පහුගිය මාර්තු 05 වෙනිදායින් අවසන් වුණා. ඒ කතා මාලාවෙ හැම කොටසකටම සිනේරු වෙබ් අඩවියේ අපේ සහෝදරයෝ සුපිරියටම​ උපසිරැසි සකසලා දුන්නා. ඒක තාම බැලුවෙ නැත්නම් ඒකත් නොවරදවාම බලන්න​. Sit-com එකක් කියලා අතහරින්න එපා. Sit-com එකක් විදිහට පටන් ගත්තත් ඉවර වුණේ Marvel Films වල අපි දැකපු විදිහේ හොඳ ending එකක් දීලයි. කළින් Phases තුනේම​ Marvel Films බැලුවා නම් ඔයාලා දන්නවා ඇති ඒවා එකකට එකක් සම්බන්ධයි කියලා. ඉතින් මේ Phase එකේත් එහෙමයි. මේකෙදි අලුතෙන්ම​ හඳුන්වලා දෙන කතා මාලාත් එක්ක ඉස්සරහට එන්න තියෙන Films සම්බන්ධ වෙලයි තියෙන්නෙ. එහෙම නම් දැන් අපි, මේ අරන් ආපු කතා මාලාව පැත්තට යමු.

The Falcon and the Winter Soldier (2021). මේ තියෙන්නෙ 4 වෙනි Phase එකේ දෙවෙනි කතා මාලාවයි. WandaVision වලට පස්සෙ පටන් ගත්තත් මේකේ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා WandaVision අවසානයේ ඉතිරි කරලා ගිය ගැටලුවලට මේ කතා මාලාවෙන් නම් පිලිතුරු ලැබෙන්නෙ නෑ. මේ කතාවේ ස්වරූපයත් WandaVision වලට වඩා හාත් පසින්ම වෙනස්. පූර්ව ප්‍රචාරක පටවලින් ඔයාලට ඒක​ බලාගන්න පුලුවන් වෙන්න ඇතිනේ. WandaVision, Sit-com මිශ්‍ර වුණු Fantasy මාදිලියේ කතා මාලවක්. ඒත් The Falcon and the Winter Soldier තනිකර James Bond Film එකක් Fast & Furious Film එකක් එක්ක මුහුම් කරලා හදපු කතා මාලාවක් වගෙයි.

මේ Series එකේ කතාව ආරම්භ වෙන්නෙ Avengers: Endgame (2019) අවසානයේ ඉඳලා මාස හයකට පසුවයි. කැප්ටන් ඇමෙරිකාගෙන් ෂීල්ඩ් එක බාර ගත්තට පස්සෙ Sam Wilson (Falcon), Bucky Barnes (Winter Soldier) එක්ක එකතු වෙලා ‘ධජ බිඳින්නන්’ (Flag-Smashers) කියලා තමන්ව හඳුන්වාගන්නා ප්‍රති-දේශප්‍රේමි ත්‍රස්ත කල්ලියකට විරුද්ධව සටන් කරන ආකාරය තමයි මේ කතා මාලාව පුරාවටම දකින්න පුලුවන් වෙන්නෙ.

Anthony Mackie තමයි Sam Wilson / Falcon ගේ චරිතය රඟ පාන්නෙ. ඔහු Avengers කණ්ඩායමේ සාමාජිකයෙක්. Avengersලාත් එක්ක එකතු වෙන්න කළින් ඔහු යුද්ධ හමුදාවේ ‘ගුවනින් මුදවාගැනීමේ’ මෙහෙයුම් වලට සම්බන්ධ වෙලා හිටි නිසා ඔහුට තියෙනවා ගුවන් සටන් ගැන හොඳ පුහුණුවක් වගේම විශේෂ Wing Pack එකක්. Avengers: Endgame (2019) අවසානයේදි කැප්ටන් ඇමෙරිකාගේ ෂීල්ඩ් එක ඔහුට ලැබෙනවා. මේ වගේ මොහොතකදි කලු ජාතිකයෙකුට ඒ ෂීල්ඩ් එක ලැබීමේ තියෙන්නෙ මොන විදිහේ සම්බන්ධයක්ද කියන එක මේ Series එක​ පුරාම ගවේෂණය වෙනවා. ඒවුණත් මේ Series එකේ Wilson දිගටම පාවිච්චි කරන්නෙ Falcon moniker එකයි. Wilson දකින්නෙ කැප්ටන්ගේ ෂීල්ඩ් එක ඔහුට ලැබුණු කරදරයක් හැටියටයි. “තමන් වෙනුවෙන්වත් පෙනී සිටින්නෙ නැති රටක් වෙනුවෙන් කලු ජාතිකයෙක් වන ඔහු පෙනී සිටින්නෙ කොහොමද​?” කියන ප්‍රශ්නය මේ Series එක පුරාවටම ඔහුට තියෙනවා.
Sebastian Stan තමයි Bucky Barnes / Winter Soldier ගේ චරිතය රඟ පාන්නෙ. ඔහු හැකියාවන් වැඩි දියුණු කළ සොල්දාදුවෙක්. 1940 ගණන්වලදි Steve Roger ගේ හොඳම යාලුවා වුණේ ඔහුයි. දෙවෙනි ලෝක යුද්ධයේදි මිය ගියා කියලා හිතාගෙන හිටියත්, ඔහු නැවත වර්ථමාන කාලයෙන් මතුවෙන්නෙ මතකය මකා දැමුණු ඝාතකයෙක් විදිහටයි​. පහුගිය අවුරුදු 100 ක කාලයක් ජීවිතය පුරාවට ඔහු කරලා තිබුණේ සටන් කරපු එකයි. ඔහු මේ Series එකේදි ඒ පිළිබඳ කම්පණයකින් ඉන්නෙ. ඔහුගේ මිනීමරු අතීතය අමතක කරන ගමන් Steve Roger ගේ උදව්වත් නොමැතිව​ 21 වෙනි ශත වර්ෂයට හැඩ ගැහෙන්න ඔහු වෙර දරනවා. ඒ හින්දා ඔහුට තම අනන්‍යතාව සොයා ගැනීමේ ගැටලුවට මුහුණ දෙන්නත් වෙනවා. Barnes මේ Series එකේදි තමන්ගේ පෙර වැරදිවලට සමාවක් බලාපොරොත්තුවෙන් තමයි Wilson එක්ක එකතු වෙලා වැඩ කරන්නෙ. ඒවුණත් ඔහුගේ අඳුරු පැත්තත් අපිට මේ Series එකේදි දකින්න පුලුවන් වෙනවා.

මේ Series එකට WandaVision වල වගේම Main Villain කෙනෙක් ඉන්නවද කියන එක නම් තවම දන්නෙ නැහැ. හැබැයි Captain America: Civil War (2016) Film එකේ Avengers කණ්ඩායම බේද කරන සැලැස්ම ගහපු, ඒ Film එකේ Villain හැටියට හිටි Baron Helmut Zemo මේකෙදි අපිට දැකගන්න පුලුවන්. ඔහු මේකෙදි Marvel Comic වල ඔහුගේ චරිතයට සුවිශේෂි ‘දම් පැහැති Mask’ එක දාගෙනයි ඉන්නෙ. කළින් Captain America: Civil War (2016) Film එකේ රඟපාපු Daniel Brühl මේ Series එකේදි ඒ චරිතයටම​ රඟපානවා.

MCU එකට අලුතෙන්ම හඳුන්වාදෙන චරිතයක් තමයි John F. Walker කියන්නෙ. ඔහු යුද හමුදාවෙ උසස් නිලයක් දරන හමුදා බටයෙක්. කැප්ටන් ඇමෙරිකා අතීතයට යාමත් එක්ක ඔහුගේ හිස් වුණු තැන ගන්න US රජයෙන් තෝරාගන්නෙ ඔහුවයි. Wilson ගේ සහ Barnes ගේ සටනට හවුල් වෙන්නත් ​ ඔහු උත්සාහ ගන්නවා. Steve Roger ටත් වඩා තමන් ඇමෙරිකාව තුල හොඳ ප්‍රතිමූර්තියක් කියලයි ඔහු විශ්වාස කරගෙන ඉන්නෙ. Comic වල දී නම් ඔහුගේ චරිතය හැඳින් වුවේ US Agent කියලයි. නමුත් Comic වලට වඩා මේ Series එක තුල දි ඔහුගේ චරිතය වෙනස්ම පැතිකඩකට යනවා කියලයි, මේ Series එක නිර්මාණය කළ Malcolm Spellman කියන්නෙ. මේ නව චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Wyatt Russell.

Captain America: Civil War (2016) Film එකේදි දකින්න ලැබුණු Sharon Carter ගේ චරිතයත් අපිට මේකෙදි දකින්න ලැබෙනවා. ඇය කැප්ටන් ඇමෙරිකාගේ පෙම්වතිය වුණු Peggy Carter ගේ ඥාති දියණියක්. අන්තිම වතාවට දකිනකොට ඇය හයිඩ්‍රා නියෝජිතයින්ගෙන් බේරෙන්න පලා යමින් හිටියේ. ඇයට ඊට පස්සෙ මොකද වුණේ කියන එක ගැන මේ Series එකෙන් බලාගන්න පුලුවන් වෙයි. ඇයගේ චරිතය රඟපාන්නෙ Captain America: Civil War (2016) Film එකේ ඒ චරිතය රඟපාපු Emily VanCamp මයි.
ඊට අමතරව MCU Films වල Don Cheadle ගේ James “Rhodey” Rhodes / War Machine චරිතයත් මේ කතාවෙදි දැකගන්න පුලුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

15 comments

  1. Sub ekata thanx

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අඩේ මරු මචං, ලෙසටම ලිපියත් ලියලා දීලා තියෙනවා. සුපිරිම ඈ

  3. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි සහෝ..😍
    ඊළඟ එපි වලටත් අනෙක් අයට කලින් සබ් ගේන්න.. 😁😋

    • බොහොම ස්තුතියි සබ් එකට
      සිනෙරු එකට ගොඩක් ❤
      දිගටම සබ් ඕන
      කොරියන් රාජධානිය සිනෙරු තමයි ඉතින්

  4. Supiri komlo…😍.. labana sathiye tikak ikmnata denna puluwannam

  5. AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .

  6. Darshana sampath sandaruwan

    thanks

  7. Thanx saho.. sub eka supiri

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  9. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි, සහෝ

  10. Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

  11. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 සහෝලා, හැම කෙනෙක්ටම වෙන වෙනම රිප්ලයි කරන්න බැහැ සයිට් එකේ අවුලක් නිසා.
    කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි.

  12. 𝙽𝚊𝚟𝚎𝚎𝚗 𝚌𝚑𝚊𝚝𝚑𝚞𝚖𝚊𝚕

    දෙවෙනි එපියේ සබ් එක ඕනි

  13. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    Naveen Chathumal දීලා තියෙන්නෙ, සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login