The title of the page
Stan Lee's Mighty 7 (2014) Sinhala Sub
Stan Lee's Mighty 7 (2014) Sinhala Sub
5.9

Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles | පෘථිවිය රැකගත් සුපිරි වීර කණ්ඩායම​ | සිංහල උපසිරැසි සමඟ

(Stan Lee’s Mighty 7 (2014) Sinhala Sub) කොහොමද ඉතින් මගේ යාළුවනේ, ඔන්න ඉතින් ගොඩ කාලේකට පස්සේ ආපහු සබ් එක්ක අරගෙන ආවා. මුලින්ම මං මගේ යාළුවන්ගෙනුයි, අපේ සයිට් එකේ සමිත බොස්ගෙනුයි සමාව ඉල්ලන්න ඕනේ 🙏 🙏🙏🙏මොකද මේ සබ දෙන්න මෙච්චර කාලයක් ගත්තට. ඇත්තම කිව්වොත් මං කිව්වනේ මං කම්පියුටර් පාඨමාලාව පටන් ගත්තා කියලා ඒ පාඨමාලාවේ වැඩ ගොඩගැහිලා තියෙන්නේ ඒ වැඩ අතරතුරේ තමයි ඔයාලා වෙනුවෙන් මේ විදිහට ගොඩක් අමාරුවෙන් මේ  සබ හැදුවේ. මොනා කරන්නද ඉතින් ඒ වැඩත් කරගන්න ඕනනේ මගේ යාළුවනේ. කොහොම උනත් මහන්සිවෙලා මහන්සිවෙලා ‍රෑ නිදිමරලා නිදිමරලා මේ ගොඩක් වටින සබ් එක හැදුවේ. හැමෝම දන්නවනේ දැනට මගේ සබ් ගාන 49 කියලා මේ දැන් මං හදපු සබ් එක තමයි මගේ 50 වෙනි සබ් එක මගේ යාළුවනේ. ඇත්තෙන්ම මං ගොඩක් සතුටු වෙනවා මට මෙච්චර දුරක් එන්න ලැබුන එක ගැන. මට මෙච්චර දුරක් මේ සබ් ගමනේ එන්න පුළුවන් උනේ තනියම නෙමෙයි, මගේ යාළුවනේගේ හයියෙනුයි, මගේ ගුරුතුමා දර්ශන හෙට්ටිවත්ත අයියගේ හයියෙනුයි, මගේ ලොකු බොස් සමිත සහෝ වගේම, පොඩි බොස් අංජුල සහෝත්, අපේ මදුවා අයියගෙත්, අපේ සිනෙරු ටීම් එකේ හයිය නිසා තමයි ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. මට මෙච්චර දුරක් එන්න හයියක් උනාට.  හොඳයි අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු මේක ඇනිමේශන් ෆිල්ම් එකක් මේකට 5.9 IMDb අගයක් ලැබිලා තියෙනවා. මේක මුල් වරට විකාශය වෙලා තියෙන්නේ 2014 වර්ශයේදීය. මේක සුපිරි චිත්‍ර කතා රචකයකු වන ස්ටෑන්ලී මහතාගේ කෘතියක් ඇසුරෙන් නිර්මාණය උන චිත්‍රපටියකි. මේක පැයයි විනාඩි හයක් දුරට දිවෙන ෆිල්ම් එකකි. මේ කතාංගය සුපිරි වීරයන් හත් දෙනෙක් එකතු වෙලා පෘථිවිය පිටසක්වල ප්‍රහාරයකින් බේරගැනීම මේ ෆිල්ම් එක පුරාවටම දිවෙනවා. මේ ෆිල්ම් එකේ චරිත පැත්තට අපි හැරෙමු, 
 ශක්තිමත් ස්ට්‍රෝන්ගෝ 
 බලය: සුපිරි ශක්තිය.
මොහු ස්ටාර් මාෂල් කපිතාන්වරයෙකි.  බුද්ධිමත්, තියුණු හාස්‍යජනක පුද්ගලයෙකි. ඔහු සිය ජීවිත කාලයම අපරාධය විසඳීම සඳහා වෙහෙස වෙන අයෙකි.
Armie Hammer විසින් හඬකවන ලදී.
රිදී ස්කයිලාර්ක්
 බලය: පියාසර කිරීම.
මැය ස්ට්‍රෝන්ගෝගේ සහයකවරියයි, දැඩි අධිෂ්ඨානයෙන් යුත් ඇය ඇතැම් විට ආවේගශීලීව ක්‍රියා කිරීමට පෙළඹෙන භයානක කෙනෙකි. ඇය කරදරකාරී හා කෙටි දැක්මක් ඇති අයකි.
Teri Hatcher විසින් හඬකවන ලදී.
ලේසර් මෑන් 
 බලය: ලේසර් බලය.
මොහු භයානක, නරක ආකල්පයක ඇති පුද්ගලයකි. මොහු මිනීමරුවෙක් කියා චෝදනා එල්ල වූ අයෙකි. මොහු බන්ධනාගාරයෙන් පැන ගිය අපරාධකරුවෙකි. ඒ උනත් ඔහු තාමත් පවසන්නේ ඔහු නිර්දෝෂී කෙනෙක් කියලයි.
 Christian Slater විසින් හඬකවන ලදී.
 ලේඩි ලයිට්නින්
 බලය: අකුණු සැර වේගය.
මැයට අන් අයට වඩා ගොඩක් වේගයෙන් දිවීමේ හැකියාවක් තියෙනවා. මැය නොඉවසිලිමත් කෙනෙක් වන අතර වගකීම් ගැනීමට අකමැති කෙනෙකි. විශේෂයෙන්ම මැය මෙහෙයුමක් පවා අනතුරේ හෙළිය හැකි දේවල් කිරීමට උත්සාහ කරන කෙනෙක්. විනෝදජනක දේවල් කිරීමට කැමති අයෙකි.
Mayim Bialik විසින් හඬකවන ලදී.

රෝලර් මෑන්
 බලය: විශාල බෝලයක් වගේ පිම්බිලා වේගයෙන් ගමන් කල හැකිය.
මොහු තනියම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මොහු හිටපු අභ්‍යවකාශ හමුදා භටයෙකු විදිහට සේවය කරලා තියෙනවා. මොහු යුද්ධයකින් පළායනවා, එවිට හමුදා පොලිසිය මොහු පසුපස හඹා යාමත් නිසා මොහුට රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූන අතර ජීවත් වීමට මොහු අපරාධ කිරීමට යොමු උන අයෙකි.
Flea විසින් හඬකවන ලදී.
මයික්‍රෝ
 බලය: ප්‍රමාණයෙන් කුඩා වීමට හැකිය.
මොහු පිටසක්වල යෞවනයෙක් සහ දක්ෂ සැවන්ට් කෙනෙක්.  කුඩා කල සිටම මොහුගේ දෙමව්පියන් විසින් මොහුව අතහැර දමා ගිය අතර මොහු අනාථ නිවාසයක හැදී වැඩුණු කෙනෙක්. මොහුට කෘමීන්ගේ ප්‍රමාණය දක්වා කුඩාවීමේ හැකියාව ඇත. 
Darren Criss විසින් හඬකවන ලදී.
කිඩ් කිනර්ජි
 බලය: චාලක ශක්තිය.
මොහු අභියෝග වලට ගොඩක් කැමති කෙනෙක්. මොහුගේ ශක්තියෙන් මොහුට ඕනෑම දෙයක් එහා මෙහා කල හැකිය. ඒ වගේම මොහුත් අනාථ නිවාසයක හැදුන වැඩුන කෙනෙක්, මොහුගේ හොඳම යාළුවා වෙන්නෙත් මයික්‍රෝය. මොහු අන් අයගේ අවධානය ලබා ගැනීමට කැමති අයෙකි.
Sean Astin විසින් හඬකවන ලදී.
ස්ටෑන්ලී මහතා.
ස්පයිඩර් මෑන්, හල්ක්, එක්ස්-මෑන්, අයන් මෑන්, ෆැන්ටාස්ටික් ෆෝ සහ තෝර් වැනි සුපිරි වීරයන්ගේ නිර්මාතෘවරයා ලෙස ස්ටෑන්ලී මහතා හදුන්වා දිය හැකිය. මේ තුලින් මොහු පිටසක්වල ජීවීන් හත් දෙනෙකුට උපදෙස් දීමෙන් හා අනුගමනය කරමින් පළමු රියැලිටි සුපිරි වීර විකට පොත නිර්මාණය කරයි.
Stan Lee විසින් හඬකවන ලදී.
ක්‍රොස් මහතා.
මොහු UFO දර්ශන විමර්ශනය කිරීම සඳහා පවරා ඇති රහසිගත හමුදා අංශයක නායකයාය.  වසර ගණනාවක් තිස්සේ බොහෝ දියුණු පිටසක්වල තාක්‍ෂණය රහසිගතව රැස් කර ඇති මොහුට මොහුගේම රහසිගත සෙබලුන් කණ්ඩායමක්ද සිටින අතර ක්‍රොස් මහතා විසින් පෘථිවියට එල්ල වන සියලුම පිටසක්වල තර්ජන නතර කිරීමට උත්සාහ කරන අයෙකි.
 Jim Belushi විසින් හඬකවන ලදී.
සේනාර් 
මොහු ටයිගොන් ජීවියෙකි. ටයිගොන්ස් කියන්නේ මන්දාකිනිය තුල තියෙන අනෙකුත් ග්‍රහලෝක ආක්‍රමණය කරන පිරිසකටය. මොහු පෘථිවියේ සියලු සම්පත් සොරකම් කරන අතර ඔවුන්ගේ බලය ව්‍යාප්ත කිරීමට මොහු ක්‍රියා කරයි.
Michael lronside විසින් හඬකවන ලදී.
❄❄️️ඩවුන්ලෝඩ් කරන ගමන් කමෙන්ට් එකක් දාලා යන්න.️️❄❄❄
මීට වඩා මේ ෆිල්ම් එක ගැන දැනගන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මට කවදාවත් මේ විදිහට සබ් ගේන්න වෙන්නේ නෑ දර්ශන හෙට්ටිවත්ත අයියගේ සහයෝගය මට ලැබුනේ නැත්නම්. ඒ වගේම සමිත ලොකු බොස්ගේ, අපේ අංජුල පොඩි බොස්ගේ, ඒ වගේම අපේ මදුෂාන් සහෝගේ වගේම අපේ සයිට් එකේ අය වගේම කමෙන්ට් එකක් දාලා මට හයියක් උන යාලුවන් හැමෝටම බොහොම ස්තූතියි. දිගටම මට මේ විදිහට හයියක් වෙලා ඉන්න. හොඳයි එහෙනම් යාළුවනේ මං අදට මෙතනින් නතර වෙනවා. ආ ළඟදීම ග්‍රීන් ලැන්ටර් එකයි, වෑන් හෙල්සිං එකයි එනවා, හැමෝටම සුභ දවසක්. 
බුදු සරණයි!!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චානක තිලංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චානක තිලංක

May 25, 2020


55
Total Subtitles

22 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුභ පැතුම් චානක මල්ලී. මුල අම්තක නොවුන සුපිරි කොල්ලෙක්. 50වෙනි එක නෙවෙයි 100වෙනි සබට ඉක්මනින්ම යන්න ලැබේවා කියලා පතනවා. ෆෝන් එකකින් සබ් 50ගහන එකේ කට්ට දන්නේ නෑ සමහර අය. අපිට හෙන කැහිල්ල නිසයි මෙහෙම සබ් දෙන්නෙ නොමිලේම. ඉතින් හැමෝවම මතක් කරාට ස්තූතියි. සිනෙරූ පවුලෙන් යන්න එපා. මොකද උඹ වටින කෙනෙක් අපිට. උඹේ සබ් හරිම කොලිටියි. පුදුමයි දිග ලිපියක් ගහලා මෙයා. එහෙනම් නැනසලෙන් හරිගිය ආදරේ දිගටම පවතීවා. හොඳ රැකියාවක් ඉක්මනින් ලැබේවා. අපිවත් ඉඳලා හිටලා මතක් වේවා! එහෙනම් සීරීස් එකක් කරමුද එකතුවෙලා අප්‍රේල් 14 විතර දෙන්න???? සුභ පැතුම් හිත හොඳ සහෝදරයා!!!

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට අනිවා සීරියස් එකක් කරමු. කවදාවත්ම සිනෙරු පවුල අඅමතක කරන්නේ නෑ.

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට, අනිවා සීරියස් එකක් කරමු, කවදාවත්ම සිනෙරු පවුල අමතක කරන්නේ නෑ.

  2. Supun Sadeepa
    Cineru Family Member

    50* වෙනි උපසිරැසියට සුබපැතුම් 😍

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    Thank you bro 🙂❤

  4. Sub ekata thanx

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහෝ.

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සහෝ ඔයාගේ මෙන්න මේ ගතියට මං පට්ට ගරු කරනවා. මුල අම්තක ණැති අහිංසක, ධෛර්‍යවන්ත කොල්ලෙක්. 5ඔට ආයෙත් සුභ පැතුම්

    “විශේෂයෙන්ම කියන්න ඕනේ මට කවදාවත් මේ විදිහට සබ් ගේන්න වෙන්නේ නෑ දර්ශන හෙට්ටිවත්ත අයියගේ සහයෝගය මට ලැබුනේ නැත්නම්. ඒ වගේම සමිත ලොකු බොස්ගේ, අපේ අංජුල පොඩි බොස්ගේ, ඒ වගේම අපේ මදුෂාන් සහෝගේ වගේම අපේ සයිට් එකේ අය වගේම කමෙන්ට් එකක් දාලා මට හයියක් උන යාලුවන් හැමෝටම බොහොම ස්තූතියි”

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම බොහොම ස්තූතියි, මෙච්චර කාලයක් මට හයියක් උනාට, ඔයාගේ සබ් වැඩේටත් ජයවේවා. 👊👊👊👊👊👌👌👏👏👏👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  6. 50 වෙනි උපසිරැසි ගැන්වීමට සුබ පැතුම් අයියා..

    • චානක තිලංක
      Cineru Family Member

      අප්පටසිරි අපේ පොඩි බොස්, ගොඩක් කාලේකින් බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහෝ මල්ලී.

  7. උදිත ඩිල්ෂාන්
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්, සහෝ!

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • චානක තිලංක
      Cineru Family Member

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට සහෝ.

  9. චානක තිලංක
    Cineru Family Member

    කමෙන්ට් දාපූ හැමෝටම බොහොම ස්තූතියි ඔයාලගේ හයිය නිසා තමයි මට මෙච්චර දුරක් එන්න ලැබුනේ, දිගටම මේ විදිහට මාත් එක්ක ඉන්න මට හයියක් වෙලා හැමෝටම ජයවේවා 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  10. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  11. චානක තිලංක
    Cineru Family Member

    බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට 👍👍👍👍👍👍👌👌👌👌👌👌👊👊👊❤️❤️❤️❤️

  12. චානක තිලංක
    Cineru Family Member

    Thanks saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login