The title of the page
8.9

College Romance (2018) S01 E01 Sinhala Subtitles | ඉඟිය | සිංහල උපසිරැසි සමග [18+]

සුභ දවසක් වේව කියලම පටන් ගන්නම්, ඔන්න 2019 අවුරුද්දත් ඉවර වේගෙන එන කාලෙනෙ ගොඩක් අයට නිවාඩු එහෙමත් ඇති. මේක 18+ කියල දැක්කට ඔන්න වැඩිය හිතන්න එපා. මේකෙ වචන භාවිතය නිසා තමා වැඩිපුඅරම 18+ කැටගරියට වැටිල තියෙන්නෙ. මේක Comedy / Drama / Romance ඛාණ්ඩයේ Mini Tv Series එකක්. The Timeliners ලගෙන් ආපු තවත් සුපිරිම එකක් තමා මේක. IMDB අගය මනාප 18,945 කින් 9.2 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනව. ඉතින් ඒකෙන්ම තේරෙනව ඇතිනෙ මේක මොන වගේ භාන්ඩයක්ද කියල. එ වගේම IMDB වෙබ් අඩවියෙ හොඳම ඉන්දියානු කතා මාල 7/25 වෙනි ස්ථානය ගන්න සමත් වෙලා තියෙනව.

නම දැක්කම ඔයාලටම තේරුම් ගන්න පුලුවන්නෙ මේක ස්කෝලෙ කාලෙ ආදරේ ගැන යන කතාවක් කියල. ඔව් ඉතින් ස්කෝලෙ කාලෙ කොච්චර සුන්දරද කියන්න ඔයාල දන්නව. හරිම සුන්දර මාතෘකාවක් තමා මේක ඉතින් මේක විවිධාකරයෙන් නිර්මාණය වෙනව මේක ඒ අතරින් හොඳම නිර්මාණයක්. කෙල්ලෙක් යාලු කරගන්න ගහන ගේම් එක එකාට වෙනස්නෙ. සමහරු බොක්කෙන්ම ආදරෙ කරනකොට සමහරු ආතල් එකට ආදරෙ කරනව. කෙල්ලව දාගත්තට පස්සෙ දාගන්න කාපු කට්ට අපරාදෙ කියල හිතෙනව. කට්ටියක් වෙන් වෙන්න ප්ලෑන් ගහද්දි කට්ටියක් එකතු වෙන්න ප්ලෑන් ගහනව. ඔය අස්සෙ යාලුවො පට්ට අදහස් වගේම ගොන් අදහසුත් දෙනව.. තමන් කරන දේ අවංකව කරනවනම් චේතනාව හොඳයිනම් ඒ වැඩෙ අනිවාරෙන්ම හරියනව ඉතින්. ඒක ආදරේදිත් අනිත් කාරන වලදිත් පොදු දෙයක්..

පලමු දිගහැරුම…

විශ්ව විද්‍යාල කියන්නෙ ආතල්ම පොට් එකක් කියල තමයි හැම අතින්ම අපි දන්නෙ. කොලේජ් එකක් වටා ගෙතුන ෆිල්ම් එකක් ගත්තොත් තනිකරම ආතල් විතරනෙ තියෙන්නෙ.. ඉතින් අපේ කතාවත් ඔඅටන් ගන්නෙ කොලේජ් යන යාලුවො තුන දෙනාගෙ කතාව එක්ක. කොලේජ් එකේ සීනිය සෙට් එක ජූනියලව අනිවාරෙන් රැග් කරනවනෙ. ඉතින් රැග් වලට අකමැති අයත් ඉන්නව මන්කියන්නෙ සීනියස්ල කොහොමටත් ජූනියස්ල රැග් වලට කැමති නෑනෙ ඉතින්. ඉතින් රැග් එකක් නැත්තන් කිසිම ආතල් එකක් නැනෙ. මේ කට්ටිය රැග් එක ගැන කතා කරන් ගියාට පස්සෙ. කොලේජ් එකේදි තමයි අපේ චරිත ටික අඳුන්වල දෙන්නෙ. ඔන්න අපේ පලවෙනි කතාවෙන්ම ආදරෙ පටන් ගන්නව. ඉතින් එකෙක් කෙල්ලව දාගන්න ට්‍රයි කරද්දි අනික කෙල්ලෙක්ගෙ ගැලවෙන්න ට්‍රයි කරනව. හොඳම යාලුවෙ තුන් කට්ටුවක් ඉන්නෙ. කොල්ලො දෙන්නයි කෙල්ලයි. මෙයාලගෙ කතාව නම් ඉතින් සාමන්‍ය නැ. 18+ කැටගරියට වැටෙන්න ප්‍රධානම හේතුව භාශාව තමා ඉතින්.. මෙයාලගෙ ලව් එක කොහොමද වෙන්නෙ, මොන වගේ සෙට් එකක්ද කියල බලාගන්න නම් මේ තුන් කට්ටුවගෙ පලවෙනි කතාව ඔයාලට බලන්න වෙනව.. Spoil වෙන නිසා කතාව ගැන වැඩි දෙයක් කිව්වෙම නැ. කුතුහලෙත් එක්ක බැලුවම තමා ඉතින් පට්ට.

 

මේකට English sub එකක් කිසිඳු වෙබ් අඩවියකින් නිකුත් කරල තිබුනෙ නැ. ඉතින් අමාරුවෙන් වීඩියො එක්කින් ගත්තු එකකින් තමා උපසිරැසිය හැදුවෙ.. අඩු පාඩු ඇති ඒවට සමාවෙන්න. මගේ උපරිමෙන් මන් කරා කියල හිතනව මගෑරුණ දෙයක්, වරදක්, අදහසක් එහෙම තියෙනව නම් කියාගෙනම යන්න…

 

එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙමු…

ඔබට ජය ✌ ❤

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

4 comments

  1. එලම මචං 🤗🤗අනිත් එපිවලටත් ඉක්මනට දෙමු.ජය වේවා 🤝🔥🔥

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. දිගටම සබ් දෙමු මේකට 👊👊..
    ජය වේවා.!

  3. Thanks bro

  4. Malith Sandeepa

    සබ් එකට ස්තුතියි♥🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login