The title of the page
3.1
72

RDX Love (2019) Sinhala Subtitle | ගම වෙනුවෙන් ජීවිතය කැප කල දිරිය කෙල්ල | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලුම සිනමාලෝලි රසිකයන්ට.තවත් සිංහල උපසිරැසියක් අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ.
එහෙනම් ෆිල්ම් එක පැත්තට හරෙමු.

ඊයෙ(25) තමයි මේ චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත අන්තර්ජාලයට එක් වුනේ.2019 ඔක්තෝබර් 11 තිරගත වීම ආරම්භ කල මෙයට IMDB දර්ශකය තුලත් 3.2 වගේ පොඩි අගයක් ලැබිල තියෙන්නෙ .නමුත් මගේ අදහසනම් ඊට වඩා වැඩි අගයක් මේකට ලැබෙන්න ඕනි. Drama ,Romance ,Action යන කාණ්ඩ හරහා වර්ග කරන්න පුළුවන් මේ චිත්‍රපටය Bhanu Shankar ගේ අධ්‍යක්ෂණයක්..තව ගූගල් පරිශීලකයන්ගෙන් 80% ක මනාපයකුත් හිමිව තිබෙනවා..

Rx 100 චිත්‍රපටයෙන් ප්‍රසිද්ධියට පත් වුනු ඒ චිත්‍රපටය හරහා වැඩි ප්‍රේක්ෂකයන්ගේ වෛර කිරීමට ලක්වුනු Payal Rajgupt තමයි මේකේ ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නේ.Tejus Kancheria ලෙස අලුත් නලුවෙක් තමයි මේකට එක්වෙලා තියෙන්නෙ ..

ඇත්තටම චිත්‍රපටිය ගැන කියනවනම් මම කිසිසේත්ම උපසිරැසි කරන්න තියා බලන්නවත් හිතාගෙන හිටිය ෆිල්ම් එකක් නෙමෙයි මේක.ටීසර් පටයම රොමෑන්ස් බව වැඩි කරල තමා දාලා තිබුනේ..හැබැයි ට්‍රේලර් පටය ආවම ඒකෙන් ලොකු වෙනසක් කරල තිබ්බ..දැන් අන්තිමට ෆිල්ම් එක බැලුවහම ඇත්තටම වෙනස් චිත්‍රපටයක් කියල හැගෙනවා..

අර සියල්ලගෙන්ම පෙන්නුව දේවල් වෙනස් කරල හරි අපූරු කතාවක් චිත්‍රපටයේ ගොඩ නගල තියෙනවා..
ඉන්දියාව කියන්නේ බොහෝ ප්‍රාන්ත වලට බෙදල තියෙන පිටිසර ගම් ඕනි තරම් දකින්න ලැබෙන රටක්.ඉතින් කවදත් ආත්මාර්ථය ගැන හිතල දේශපාලුවන් මේ ගම් සංවර්ධනය හරහ නගරයට සමීප කරනවා වෙනුවට කරන්නේ චන්දෙ අරගෙන අතෑරල දාන එක.

ඔය විදියටම අලිවේලුගේ ගමටත් ප්‍රශ්නයක් තියෙනවා..ඒ තමයි එයාලට පාලමක අවශ්‍යතාවයක් තියෙනවා..සැතපුම් 100ක විතර ගමනක් සැතපුම් 4කට වගේ ගේන්න පුළුවන් මේ පාලම නැති නිසා ගොඩක් අර්බුද මේ ගම්වාසීන්ට පැන නැගිල තියෙනවා..ඉතින් ඉපදුනු දවසෙ ඉදන් අහ අහම ඉන්න මේ ප්‍රශ්නෙ රජයේ අවධානයට යොමු කරලා විසදුමක් ලබා ගන්න අලිවේලුයි එයගෙ යාලුවොයි ලොකු උත්සහයක් ගන්නවා..

ඒ වෙනුවෙන් එයාල නොකරන දෙයක් නෑ.ඔය අතරෙ තමයි අලිවේලු නගරයේ ඉන්නකොට සිද්දු ව මුන ගැහෙන්නේ..සිද්දු තමන්ගෙ ජීවිතයේ එක කෙල්ලෙක් ප්‍රාර්ථනා කරන අවංක කොල්ලෙක්.මෙයා අලිවේලු පස්සෙන් යනවා ඉතින් සෙට් කරගන්න..

මේ විදියට ගලාගෙන යන කතාවේ ගොඩක් දේවල් ඉස්සරහට වෙනවා.ඇත්තටම අලිවේලුට ගමේ ප්‍රශ්නය විසදන්න පුළුවන් වෙයිද? එයාගේ ආදරේ සිද්දුට ලැබෙයිද ? හැමදේම දැනගන්න ඔයාම ෆිල්ම් එක බලන්න..

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ පෝස්ටර්,ටීසර්,ට්‍රේලර් සියල්ල පැත්තකට දාලා ගොඩක් අර්තවත් කතාවකින් ගොඩනැගුනු චිත්‍රපටයක් තමයි මේක..ඉතින් අනිවාර්යයෙන්ම අරගෙන බලන්න කියල ආරාධනා කරනවා..තවත් උපසිරැසියක් අරගෙන මම එන්නම් පහලින් අදහසකුත් කොටාගෙන යන්න..ඒක තමයි එකම ඉල්ලීම.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. තැන්ක්ස් අර ගත්තා සබ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ela bro sinhala sube ekata thanks (Seetharama Kalyana 2019 Kannada Proper)(Kalki (2019) Proper Malayalam)( Sinnga 2019 Proper Kannada) (Rk Nagar 2019ProperTamil)( Munirathna Kurukshetra 2019Proper Kannada ) me film valatath sube dannako, jayawewa///

  4. Thanks for sub bro…….(Kittu unnadu jagratha 2017) movie eke sub denna bro please…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login