The title of the page
Classroom of the Elite (2024) S03 E02 Sinhala Sub
Classroom of the Elite (2024) S03 E02 Sinhala Sub
7.4
94

Classroom of the Elite (2024) S03 E02 Sinhala Subtitles | “නෙරපා හැරීම ඇරඹෙයි” | සිංහල උපසිරැසි සමඟ

2024 වසරේ Winter Season හි වඩාත් බලාපොරොත්තු සහගතම ඇනිමෙ සීරීස් එකක් වුනු 𝗬𝗼𝘂𝗸𝗼𝘀𝗼 𝗝𝗶𝘁𝘀𝘂𝗿𝘆𝗼𝗸𝘂 𝗦𝗵𝗶𝗷𝗼𝘂 𝗦𝗵𝘂𝗴𝗶 𝗻𝗼 𝗞𝘆𝗼𝘂𝘀𝗵𝗶𝘁𝘀𝘂 𝗲 හෙවත් 𝗖𝗹𝗮𝘀𝘀𝗿𝗼𝗼𝗺 𝗼𝗳 𝘁𝗵𝗲 𝗘𝗹𝗶𝘁𝗲 Season 3 සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. Drama, Suspense, Psychological, School යන Genre වලට අයත් වෙමින් මේ ඇනිමෙ එක Season 3 ට අදාළව කොටස 13 කින් සමන්විත වෙනවා. ඒ කතා මාලාවේ 2 වෙනි කොටස සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ.

තවත් පරික්ෂණයක් එක්ක Classroom of the Elite Season 3 හි කතාව ඇරඹුනා. එක් එක් පන්තිවලින් කණ්ඩායම් වෙන් කරල පවත්වන මේ පරික්ෂණය “මිශ්‍ර පුහුණු කඳවුර” කියන නමින් හැඳින්වූවා. සතියක් පුරා පවත්වන මේ පරික්ෂණයෙ සමත්වීම තීරණය කරන්නෙ අවසාන දවසෙදි පවත්වන විශේෂ පරික්ෂණ හතරකින් ලබා ගන්න ලකුණු අනුවයි. ඒ අනුව කතාවේ කතා නායකයා වෙන අයනොකෝජි කියොතකාත් දැන් මේ පරික්ෂණ ඔක්කොටම සහභාගී වෙනවා. ඒ වගේම දැන් අලුත් ශිෂ්‍ය සංගම් සභාපති කෙනෙකුත් ඇවිල්ලයි ඉන්නෙ. ඒ තමයි නමින් නගුමො මියාබි. මියාබි හිටපු ශිෂ්‍ය සංගම් සභාපති වෙන හොරිකිතා මනාබුට මුලදිම අභියෝග කරනවා. ඒ අභියෝගය මනාබු භාර ගන්නවා වගේම අයනොකෝජිගෙන් උදව් ඉල්ලනවා. ඒ අතරෙ A පන්තියේ සකයනගිත් අයනොකෝජිට තර්ජන ගර්ජන කරනවා.

දැන් මේ පරික්ෂණ ආරම්භ වෙලයි තියෙන්නෙ. අලුත් ශිෂ්‍ය සංගම් සභාපති සහ හිටපු ශිෂ්‍ය සංගම් සභාපති අතර සටන කොහොම වේවිද? අලුත් ශිෂ්‍ය සංගම් සභාපති මොන විදිහෙ කෙනෙක්ද? අයනොකෝජි සහ කණ්ඩායම මේ පරික්ෂණය සමත් වෙන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස. නරඹන්න එහෙනම් මේ Highschool Psychology ය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා.  මීළඟට Classroom of the Elite Season 3 හි 3 වෙනි කොටස තුළින් මුණ ගැසෙමු.

Episode Name : Man is Wolf to Man
Aired Date : 2024.01.10
IMDB Rating : 7.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

3 comments

  1. ගොඩක් ස්තුතියි,, ජය වේවා ඔබ lankan weebs ඔක්කොටම!

  2. meke anek episode wala sub nadda plz ewath dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login