The title of the page
Lingoccha Sinhala Subtitle
Lingoccha Sinhala Subtitle
8.8

Lingoccha (2023) Sinhala Subtitles | “ආදරයේ සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

(Lingoccha (2023) Sinhala Subtitles) (Lingoccha (2023) Sinhala Subtitle) (Lingoccha Sinhala Sub) (Lingoccha Sinhala Subtite)

මේක ඉන්දියාවේ සිද්ධ වුන ඇත්ත සිදුවීමකින් නිර්මාණය වුන චිත්‍රපටියක්.ශිවාගෙයි නූර්ජාගෙයි ආදර කතාව ගැන මේ චිත්‍රපටියේ තියෙන්නේ,

නූර්ජා, ශිවා මේ දෙන්නම ජීවත් වෙන්නේ හයිද්‍රාබාද් වල.ශිවා කියන්නේ දුප්පත් පවුලක හින්දු කොල්ලෙක්.මෙයාට හරියට රස්සාවක් නෑ, ශිවාගෙ තාත්තට පොඩි සැලුන් එකක් තියෙනවා.ශිවත් ඒකේ කොන්ඩේ කපන එක තමයි කරන්නේ. ශිවා ගොඩක් වෙලාවට කරන්නෙ එයාගේ යලුවෝ කල්ලිය එක්ක එහේ මෙහේ රවුම් ගහන එක.කොටින්ම කිව්වොත් ශිවා කියන්නේ රස්තියාදුකාරයෙක්. නූර්ජා කියන්නේ මුස්ලිම් පවුලක ඩොක්ටර් කෙනෙක් .නූර්ජගේ පවුල පෝසත් , නූර්ජගේ අයියත් ගොඩක් දරුණු මැරයෙක් . ශිවා මුල්ම වතාවට නූර්ජව දකින්නේ පොඩි කාලේ යාළුවෝ එක්ක පාරේ “ලිංගොච්චා “සෙල්ලම කරනකොට , ඒ පොඩි වයසේ ඉඳන්ම තමයි මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ , මේ දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන වැඩි කාලයක යන්නත් ඉස්සල්ලා නූර්ජට ඩුබායි වලට යන්න වෙනවා.නූර්ජා ඩුබායි ගිය දවසේ ඉඳන් ශිවා හැමදාම නූර්ජා ඇවිල්ලද බලන්න එයාගේ ගෙදර ළඟට යනවා.කොහොමහරි අන්තිමට නූර්ජා ආයෙමත් හයිද්‍රාබාද් වලට එනවා,එතකොට මේ දෙන්නම තරුන වයසේ අය , කොච්චර කාලයක් ගියා වුනත් ඒ දෙන්නා ආදරේ කරන එක නතර කරලා නෑ, නූර්ජා හයිද්‍රාබාද් වලට ආපු දවසේ ඉඳන් ශිවා නූර්ජගේ පස්සෙන් ගිහින් නූර්ජා ගැන එයාට තියෙනා ආදරේ ගැන කියලා එයාව යාලු කරගන්න හදන්නේ , ශිවා මුල දී මොන දේ කරත් නූර්ජා එයාගේ කැමැත්ත හංගගෙන ශිවාට කැමති නෑ වගේ රඟපානවා.කොහොමහරි මේ දෙන්නා ආයෙමත ආදෙරේ කරන්න පටන් ගන්නවා.

මේ දෙන්නගේ තියෙන නොගැලපීම් නිසා මේ දෙන්නට ගොඩක් කරදර වලට මූණ දෙන්න වෙනවා.මොනා උනත් මේ දෙන්නගේ ආදර කතාව එච්චර සුන්දර එකක් නම් නෙවෙයි .

අන්තිමට මේ දෙන්නට මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චමේලි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login