The title of the page
Extra Ordinary Man Sinhala Subtitle
Extra Ordinary Man Sinhala Subtitle
7.3
56
92

Extra Ordinary Man (2023) Sinhala Subtitles | “ජූනියර් ආටිස්ට්” | සිංහල උපසිරැසි සමඟ

(Extra Ordinary Man (2023) Sinhala Subtitles) (Extra Ordinary Man (2023) Sinhala Subtitle) (Extra Ordinary Man (2023) Sinhala Sub) (Extra Ordinary Man Sinhala Subtitle) (Extra Ordinary Man Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම !

අලුත්ම තෙලිඟු චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ අද.ගොඩක් අය ආස කරන Action | Comedy ශාරනයේ චිත්රපටයක් තමයි මේක.පහුගිය දෙසැම්බර් 8 වෙනිදා තමයි මේක සිනමාශාලාවලට නිකුත් උනේ.පුරා පැය දෙකහමාරක පමන කාලයක් ධාවනය වන චිත්රපටය අධ්යක්ෂණය කලේ Vakkantham Vamsi විසින් .කතාවත් ඔහුගේමයි.සංගීතය Harris Jayaraj විසින් තමයි කලේ.ඉතින් ආදායම් අතින් නම් ලොකු දෙයක් කරන්න බැරිඋනා මොකද මේකට කලින් දවසෙ නානිගෙ Hi Nanna ෆිල්ම් එකත් රිලීස් වෙලා සාර්ථක උනානේ.

ඉතින් චිත්රපටයේ රංගනයෙන් එක් වෙන්නේ ජනප්රිය නලු නිතින් සමඟ වර්තමාන තෙලිඟු සිනමාවේ නැගී එන තාරකාව ශ්රී ලීලා විසින්.ඒ වගේම රාඕ රමේශ් , රෝහිනී , සුදෙව් යන අයත් රංගනයෙන් එක් වෙනවා

Extra Ordinary Man OTT: Nithin's movie 'Extra Ordinary Man' on OTT - when and where? - Celtalks

කතාව ගැන කිව්වොත්.අභී කියන්නෙ පොඩි කාලේ ඉදන්ම වෙනස් විදියට හැදුනු කෙනෙක්.ඒ කියන්නෙ මෙයාට ඕන හැම වෙලේම වෙන කවුරුහරි වගේ ඉන්න.ඒ කියන්නෙ නලු පිස්සුව තමා.ඉතින් ලොකු උනහමත් මෙයා රස්සාවක් නොකර ජූනියර් ආටිස්ට් කෙනෙක් විදියට..ඒ කියන්නෙ ඔය පසුබිම් චරිත වලට එහෙම ඉන්නෙ.ආං ඒ කෙනෙක් විතරයි රගපානවා. වැඩේ කියන්නෙ හැමතැනින්ම කරන්නෙ මෙයාව පිටිපස්සට කරන එක..තාත්තට කොහෙත්ම මෙයාගෙ වැඩ එක්ක පේන්න බෑ මෙයාව.ඉතින් ඔය අතරෙ ලිකිතා කියන පෝසත් ගෑනු ළමයා මෙයාට හම්බෙනවා.ඒත් මෙයා විශ්වාස කරන මයිසම්මා මෙයාගෙ ජීවිතේ වෙනම පැත්තකට හරවනවා. ඒ මොකක්ද කියල මුලු කතාවම බලන්න එහෙනම් සබ් එකත් දාගෙනම.

සින්දු ගත්තම නම් මේකෙ ලස්සනම සින්දුවක් තියෙන්නෙ අර්මාන් මලික් ගායනා කරන ගීතයක්.ඉතින් ඒකත් උපසිරැසි එක්කම රසවිඳින්න.

ගිහින් එන්නම්.. ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

5 comments

  1. මදුවා ❤️

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login