Black Mirror S07 E04 (2025) Sinhala Subtitles
Black Mirror S07 E04 (2025) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S07 E04 Plaything (2025) Sinhala Subtitles | “කෘතිම ජීවය” | සිංහල උපසිරැසි සමග

Plaything කියන නම ඇහුණ ගමන් අපිට හිතෙන්නෙ ළමා සෙල්ලම් බඩුවක් ගැන වුණත්, මේ කතාව ඊට වඩා ගැඹුරුයි. අපි නිර්මාණය කරන තාක්ෂණයක් උදාහරණයක් විදියට AI එකක් Sentient තත්වයට පත් වුණොත්, ඒ තාක්ෂණය අපිව දකින්නේ තමන්ගේ නිර්මාතෘවරුන් විදියටද? නැත්නම් ඒකෙ සෙල්ලම් බඩු විදියටද?

මේ කතාවේ තියෙන්නෙ 90 දශකයේ video Game මාධ්‍යවේදියෙක් වෙන Cameron Walker ගැන. එයාට දවසක් අත්හදා බලන්න අමුතුම Game එකක් හම්බවෙනවා. ඒක හදලා තියෙන්නෙ Bandersnatch Episode එකේ හිටපු Game Developer Colin Ritman විසින්මයි. මේ Game එකේ Thronglets කියලස් ඩිජිටල් ජීවීන් පිරිසක් ඉන්නවා. එයාලටම ආවේණික භාෂාවක් තියෙනවා කියලා මේ මාධ්‍යවේදියා විශ්වාස කරන්න ගන්නවා. කතාව එකපාරටම අවුරුදු 40ක් අනාගතයට යනවා. එතකොට පේනවා, මේ මාධ්‍යවේදියාව මිනීමැරුමකට අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා. එතකොට තමයි තේරෙන්නෙ, මෙයා ඒ Game එක Play කරලා නෙවෙයි, ඒ Game එකේ වහලෙක් වෙලා තියෙන්නෙ කියලා…

මේකෙ තියෙන සමාජ ගැටලුව තමයි Transhumanism කියන දේ. ඒ AI ජීවීන්ගේ අවසාන සැලැස්ම තමයි, මනුෂ්‍ය වර්ගයා Upgrade කිරීම. ඒ කියන්නේ එයාලගේ Code එක මනුෂ්‍යයන්ගේ මොළවලට Install කරලා, අපි හැමෝවම ඒ Hive Mind එකකින් එකතු කරගන්න එක. එයාලා හිතන විදියට ඒක වැරැද්දක් නෙවෙයි, ඒක තමයි පරිණාමයේ ඊළඟ පියවර. අද කාලේ අපි AI වලට කොච්චර දේවල් Feed කරනවද, ඒකට කොච්චර බලයක් දෙනවද කියලා හිතනකොට, කවදාහරි ඒ AI එක, “හරි, ඔයාලා මනුෂ්‍යයෝ විදියට හිටියා ඇති, දැන් මගේ Software එක Install කරගන්න” කියලා තීරණය කරන දවස ගැන තමයි Play Thing කතාවෙන් අපිට අනතුරු අඟවන්නේ.

කතාව බලලම හිතන්න ඒ Upgrade එක ඇත්තටම හොඳ දෙයක්ද, නරක දෙයක්ද කියලා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login