Black Mirror S07 E03 (2025) Sinhala Subtitles
Black Mirror S07 E03 (2025) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S07 E03 Hotel Reverie (2025) Sinhala Subtitles | “රෙවරි හෝටලය” | සිංහල උපසිරැසි සමග

අපි හැමෝම කැමතියි ජීවිතේ හොඳම, සතුටුම දවස් ආයෙ ආයෙත් මතක් කරන්න. සමහර වෙලාවට අපි හිතනවා, “ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බා නම්…” කියලා. ඒ වගේම, අපිට කවදාවත් ලබන්න බැරි වුණ, අපි හීන මවපු Fantasy තියෙනවා. තාක්ෂණය මගින් අපිට පරිපූර්ණ, කිසිම අඩුපාඩුවක් නැති, සතුටුදායක අත්දැකීමක් මිලදී ගන්න පුළුවන් උනොත්, අපි සැබෑ ලෝකයේ තියෙන අවුල් සහගත, දුෂ්කර, හැබැයි ඇත්ත අත්දැකීම් වලට මුහුණ දෙන එක නවත්වයිද?

මේ කතාවේ තියෙන River Mind කියන්නෙ High Technology සේවාවක්. මිනිස්සුන්ට ඒකෙන් තමන්ගෙ ජීවිතේ හොඳම මතකයක් කිසිම අඩුපාඩුවක් නැතුව, කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ වගේ Perfect විදියට ආයෙමත් විඳගන්න පුළුවන්. මේ River Mind තාක්ෂණය කොච්චර බලපෑමක් කරනවද කියනවනම්, මිනිස්සු සැබෑ ලෝකෙට වඩා ඒ මතකයන්ට සහ හීන වලට ඇබ්බැහි වෙනවා…

මේක හරියට අද කාලේ මිනිස්සු Social Media වල තමන්ගෙ ජීවිතේ Perfectම Version එක විතරක් පෙන්නන්න උත්සහ කරනවා වගේ. එයාලා Filter’කරපු, Curate කරපු ජීවිතේට කොච්චර ලොල් වෙනවද කියනවා නම්, තමන්ගෙ ඇත්ත, Filter නොකරපු ජීවිතේ එයාලටම එපා වෙනවා. Hotel Reverie කියන්නෙ ඒ Instagram Effect එකේ ඊළඟ, භයානකම පියවර. කතාව බලලම හිතන්න, මතකයක් කියන්නෙ අපි ජීවත් වෙන්න පාවිච්චි කරන දෙයක්ද, නැත්නම් අපි ජීවත් වෙන එකෙන් පැනලා යන්න පාවිච්චි කරන දෙයක්ද කියලා. Hotel Reverie කියන්නෙ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login