Black Mirror S07 E02 (2025) Sinhala Subtitles
Black Mirror S07 E02 (2025) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S07 E02 Bete Noire (2025) Sinhala Subtitles | “පරණ කෝන්තර” | සිංහල උපසිරැසි සමග

අපි හැමෝටම වගේ අතීතයක් තියෙනවා. විශේෂයෙන්ම පාසල් කාලයේදී, සමහරවිට අපි අතින් කාටහරි වැරැද්දක් වෙලා ඇති, නැත්නම් කවුරුහරි අපිට ලොකු අසාධාරණයකම් කරලා ඇති. ඒ දේවල් අපේ මතකයේ කොනක හැමදාටම තියෙනවා. අපි හිතන්නෙ කාලයත් එක්ක ඒ දේවල් අමතක වෙලා යනවා කියලා…

Bete Noire කතාවෙන් මූලිකවම අහන ප්‍රශ්නය තමයි, යම් කෙනෙකුට යථාර්ථයම වෙනස් කිරීමේ හැකියාව ලැබුනොත්, ඒ බලය ඔවුන් ලෝකයේ ප්‍රශ්න විසඳන්න පාවිච්චි කරයිද, නැත්නම් තමන්ගෙ පෞද්ගලික අතීත කෝන්තර පිරිමහගන්න පාවිච්චි කරයිද? කියන එක…

මේ Episode එකේදී, එක චරිතයකට තමන් වටා තියෙන යථාර්ථය වෙනස් කරන්න, ඒ කියන්නෙ සුළු සුළු දේවල් පවා තමන්ට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. හිතන්නකෝ, ඔයා දන්න දෙයක් “A” උනාට, එකපාරටම ඔයා වටේ ඉන්න හැමෝම ඒක “B” කියලා කියන්න ගන්නවා. ඔයාට මතක තියෙන දේවල් නිකන් Mandela Effect එක වගේ ඇත්තටම වුනේ නැහැයි කියලා අනිත් අය කියනවා. මේක තමයි Technological Gaslighting කියන්නෙ. ඒ කියන්නෙ, කෙනෙක්ව මානසිකව වට්ටන්න, එයාට තමන්ගෙ සිහිකල්පනාව ගැනම සැක හිතෙන තත්වෙට පත් කරන්න තාක්ෂණය යොදාගැනීම…

අද කාලේ අපි දකින Deepfake Videos, AI වලින් හදන බොරු පුවත් සහ Social Media හරහා කරන චරිත ඝාතන කියන දේවල් වල උපරිම අවස්ථාවක් තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ. මේ කතාවෙදි තාක්ෂණය පාවිච්චි වෙන්නෙ සමාගමක ලාභය තකා නෙවෙයි, පෞද්ගලික පලිගැනීමක් වෙනුවෙන්. කතාව බලලම තේරුම් ගන්න, මනුස්සයෙක්ට දෙවියෙක්ගෙ බලය ලැබුනත්, එයාලා තමන්ගෙ අතීතයේ උන දේවල් මතකෙ තියන් ඉන්නවනම්, ඒ බලය කොච්චර භයානක විදියට පාවිච්චි වෙන්න පුළුවන්ද කියලා…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login