Black Mirror S07 E01 (2025) Sinhala Subtitles
Black Mirror S07 E01 (2025) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S07 E01 Common People (2025) Sinhala Subtitles | “සාමාන්‍ය මිනිස්සු” | සිංහල උපසිරැසි සමග

හරි Black Mirror කියන්නෙ ලංකාවෙ ලොකුවට ප්‍රසිද්ධ කතා මාලාවක් නොවුනත් Emmy සම්මාන විශාල සංඛ්‍යාවක් දිනාගැනීමට සමත් වෙලා තියෙන Anthology වර්ගයේ TV Series එකක්. Anthology කියන්නෙත් ලංකාවෙ ලොකුවට ප්‍රසිද්ධ කතා වර්ගයක් නෙමේ.  Anthology Series එකක් ඕනම තැනකින් බලන්න ගන්න පුලුවන්. මොකද එක Episode එකක කතාව තව Episode එකකට සම්බන්ධ නොවෙන හින්ද.  හැබැයි Black Mirror වල කලින් Season එකක ආපු USS Callister Episode එකට  මේ අවුරුද්දෙ ආපු අලුත් Season එකේ Sequel Episode එකක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැන මං පස්සෙ කියන්නම්…

Black Mirror Series එක මූලික වශයෙන් පදනම් වෙන්නෙ තාක්ෂණිකව දියුණු වෙන ලෝකෙක, ඒ තාක්ෂණික දේවල් හින්ද මිනිස්සුන්ට අත් වෙන එක එක ඉරණම් ගැන කතා එකතුවක්. ඉතින් මේක Black Comedy එකක් විදියට හදුන්වන්න පුලුවන්. මේ අවුරුද්දෙ අලුතෙන්ම ආපු 7 වෙනි Season එකෙත් මේ වගේ කතා 6 ක් තියෙනවා. ඉතින් ඒකෙන් මේ කියන්නෙ පළවෙනි Episode එක වෙන Common People Episode එක ගැන. මං කතාව ගැන කියන්නෙ නැතුව ඒකෙන් කියවෙන සමාජ ගැටලුව ගැන කියන්නම්…

මිනිස්සු වශයෙ අපි එදිනෙදා ජීවත් වෙන්න භාණ්ඩ සහ සේවා මිලදී ගන්නවා. මේ දේකේම Demand එක වැඩි වෙන්න වෙන්න ඒවගෙ මිල ගණන් ඉහල යනවා. ඔහොම ගියාම මුලින් සාමාන්‍ය ආදායමක් ගන්න මිනිහට පවා ගන්න පුලුවන් කමක් තිබ්බ භාණ්ඩෙ හෝ සේවාව දරාගන්න බැරි වෙනවා. මුල් ගාණට ගන්න ගියොත් එක්කො ඒකෙ මොකක්හරි පාවිච්චි කිරීමෙ ගැටලුවක් එනවා. ඒකට නිශ්පාදකයො යෝජනා කරන්නෙ එයාලගෙ නවතම මිල වැඩි දේ මිළදී ගන්න කියන එක. නිකමට හිතන්නකො You Tube Free Version එකේ ඉස්සර පෙන්නපු Ad ගාණයි, දැන් පෙන්නන Ad ගාණයි ගැන. දැන් අඩුවෙන්ම දෙන Paid එකටත් Ad දානවා. එහෙම කරන්නෙ එයාලගෙ මඩිය තර කරගන්න. මේක තමයි අවශ්‍යතා නිර්මාණය කිරීම කියන්නෙ…

ඉතින් මේ Episode එකේ කතාවෙන් කියන්නෙ ජීවිත් වෙන්න අවශ්‍යම සේවාවක කාලෙන් කාලෙට මිළ ගනන් ඉහළයාම දරාගන්න උත්සහ කරන සාමාන්‍ය පවුලක් ගැන. ඔයාල බලලම මට අදහසක් දෙන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login