Black Mirror S04 E04 Hang the DJ (2017) Sinhala Subtitles
Black Mirror S04 E04 Hang the DJ (2017) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S04 E04 Hang the DJ (2017) Sinhala Subtitles | “සම්ප්‍රදාය අතික්‍රමණය” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව Black Mirror අනිත් කතා වලට වඩා ටිකක් වෙනස් වෙන්නෙ මේකෙ තියෙන Romantic ස්වභාවය නිසා. මේක අද කාලේ තරුණ පරම්පරාවට ගොඩක් සමීප මාතෘකාවක්. මේ කතාවෙන් මූලිකවම කතා කරන්නේ නූතන Dating Apps සහ ඒවගෙ ඇල්ගොරිතම මගින් තීරණය කරන ආදරය ගැන.

මේ ලෝකයේ මිනිස්සුන්ට තමන්ට ඕන කෙනෙක්ව හිතුමතේට තෝරගන්න බෑ. ඒකට The System කියලා ලොකු පද්ධතියක් තියෙනවා. හැමෝටම Coach කියලා පොඩි රවුම් ගැජට් එකක් ලැබෙනවා. මේ Coach තමයි තීරණය කරන්නෙ, ඔයා අද හමුවෙන්න ඕන කාවද, ආහාර ගන්න ඕන කොහෙද සහ වැදගත්ම දේ මේ සම්බන්ධය කොච්චර කාලයක් තියෙන්න ඕනද කියන දේවල්.

සමහර වෙලාවට මේ device එක කියනවා මේ සම්බන්ධය තියෙන්නේ පැය 12 යි කියලා. සමහර වෙලාවට මාස 9 යි. සමහර වෙලාවට අවුරුද්දයි. ඒ කාලය ඉවර වුණ ගමන් එලාම් එකක් වදිනවා. එතකොට දෙන්නා වෙන් වෙලා ඊළඟ කෙනා ළඟට යන්න ඕන.

මේ System එක කියන විදියට, මේ විදියට ගොඩක් අය එක්ක සම්බන්ධතා පවත්වලා, ඒ දත්ත එකතු කරාම අන්තිමට සිස්ටම් එක විසින් ඔයාට 99.8% ක් හරියටම ගැලපෙන කෙනාව හොයලා දෙනවා. ෆ්‍රෑන්ක් සහ ඒමි කියන දෙන්නා මේ සිස්ටම් එක ඇතුළෙ කොටු වෙලා, තමන්ට ඇත්තටම ආදරය හිතෙන කෙනා සහ සිස්ටම් එක කියන කෙනා අතර දෝලනය වෙන හැටි තමයි කතාවෙන් පෙන්නන්නෙ.

කතාවේ වැදගත්ම දාර්ශනික ප්‍රශ්නය තමයි මේක. සැබෑ ආදරය කියන්නේ සිස්ටම් එකකට කීකරු වීමද? නැත්නම් සිස්ටම් එකට එරෙහි වීමද?

සිස්ටම් එක කියනවා “මාව විශ්වාස කරන්න, මම ගැලපෙන කෙනා හොයලා දෙන්නම්” කියලා. හැබැයි ෆ්‍රෑන්ක් සහ ඒමි තේරුම් ගන්නවා, ආදරය කියන්නෙ ගණිත සමීකරණයකින් එන උත්තරයක් නෙවෙයි, ඒක අවදානමක් අරගෙන කරන තෝරාගැනීමක් කියලා.

“Hang the DJ” කියන නම එන්නෙ The Smiths ලගෙ සින්දුවක පද පේළියකින්. ඒ සින්දුවෙ කියන්නෙ “Hang the DJ, Because the music that he constantly plays, it says nothing to me about my life” ඒ කියන්නෙ “DJ එක නවත්තන්න, එයා දාන සින්දු මගේ ජීවිතේට අදාළ නෑ” කියලා. මෙතන DJ කියන්නෙ අර සිස්ටම් එකට. සිස්ටම් එක කියන දේ අපේ හදවතට අදාළ නැති නම්, අපි සිස්ටම් එකට විරුද්ධ වෙන්න ඕන කියන එක තමයි මේ කතාවේ පණිවිඩය.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login