Black Mirror S04 E02 Arkangel (2017) Sinhala Subtitles
Black Mirror S04 E02 Arkangel (2017) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S04 E02 Arkangel (2017) Sinhala Subtitles | “දේවදූතිය” | සිංහල උපසිරැසි සමඟ

දෙවෙනි Episode එක වෙන මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නිළියක් වගේම අධ්‍යක්ෂකවරියක් වන Jodie Foster විසින්. මේ කතාවෙන් මූලිකවම අවධානය යොමු කරන්නේ තාක්ෂණය සහ මාපිය සබඳතා ගැන.

මේ කතාව ගොඩනැගෙන්නෙ මරී කියන තනි මවක් සහ ඇයගේ දුව සාරා වටා. දවසක් සාරා පොඩි කාලෙදි පාක් එකේ සෙල්ලම් කරද්දි හදිසියේම අතුරුදහන් වෙනවා. ටික වෙලාවකින් දුවව හම්බුණත්, ඒ වෙලාවේ මාරි ඇති කරගන්න බය නිසා ඇය තීරණය කරනවා අලුත් පර්යේෂණාත්මක තාක්ෂණයක් දුවට පාවිච්චි කරන්න. ඒකෙ නම තමයි Arkangel.

මේක පොඩි චිප් එකක්. ඒක දරුවාගෙ මොළයට සම්බන්ධ කළාම, දෙමව්පියන්ට ටැබ්ලට් එකක් හරහා දරුවාව පාලනය කරන්න පුළුවන්.

මේ තාක්ෂණයේ ප්‍රධාන පහසුකම් තුනක් තියෙනවා:

  1. GPS Tracking වලින් ළමයා ඉන්න තැන හරියටම බලාගන්න පුළුවන්.
  2. Visual Feed වලින් ළමයගෙ ඇස් වලින් දකින දේම අම්මාට ටැබ්ලට් එකෙන් බලන්න පුළුවන්.
  3. Parental Control තමයි මේකෙ භයානකම දේ. ළමයා බය වෙන දෙයක්, ආතතියක් ඇති කරන දෙයක් දැක්කොත්, අම්මාට පුළුවන් ඒ රූපය දරුවාට නොපෙනී යන්න Pixelate කරන්න. එතකොට ළමයට ඒ භයානක දේ පේන්නෙ නෑ, සද්දෙ ඇහෙන්නෙ නෑ.

මේ කතාවෙන් මතු කරන ප්‍රධාන සමාජ ගැටලුව තමයි Helicopter Parenting සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය. අම්මා කෙනෙක් දරුවව ආරක්ෂා කරන්න ඕන බව ඇත්ත. ඒත් දරුවා ලොකු වෙද්දි, විශේෂයෙන්ම යොවුන් වියට එද්දි, අම්මා දරුවගේ පුද්ගලික ජීවිතය, ප්‍රේම සම්බන්ධතා සහ වැරදි වැඩ දිහා හොරෙන් බලන් ඉන්න එක කොච්චර සාධාරණද? දරුවෙක්ට තමන්ගෙම කියලා රහස් තියාගන්න අයිතියක් නැද්ද?

අපි ජීවිතේ ඉගෙන ගන්නෙ වැටිලා, රිදිලා, බය වෙලා. අනතුරක් හඳුනාගන්න බය කියන දේ අපිට ඕන. මේ කතාවෙ දුවට පොඩි කාලේ ඉඳන්ම නරක දේවල් පේන්නෙ බොඳ වෙලා. ඒ හින්දා එයාට අනුන්ගෙ දුකක් තේරෙන්නෙ නෑ. ලේ දැක්කම බය හිතෙන්නෙ නෑ. සමාජයේ තියෙන යථාර්ථය දකින්නෙ නැතුව හැදෙන ළමයෙක් සමාජයට මුදා හැරියම එයා කොහොමද තනියම ජීවත් වෙන්නෙ කියන ප්‍රශ්නය මෙතනින් මතු කරනවා.

අන්තිමට මේ තාක්ෂණය නිසාම අම්මා සහ දුව අතර තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන හැටි මේ කතාවෙන් ඉතාම සංවේදීව පෙන්නුම් කරනවා. ආරක්ෂාව ඕනවට වඩා වැඩි වුණාම ඒක හිරගෙයක් වෙන බවයි මේකෙන් කියවෙන්නනෙ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login