Black Mirror S04 E01 USS Callister (2017) Sinhala Subtitles
Black Mirror S04 E01 USS Callister (2017) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S04 E01 USS Callister (2017) Sinhala Subtitles | “USS කැලිස්ටර්” | සිංහල උපසිරැසි සමඟ

Black Mirror කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික Charlie Brooker විසින් නිර්මාණය කරපු Anthology කතා මාලාවක්. මේක නූතන ලෝකයේ Twilight Zone එක වගේ කියලත් හඳුන්වනවා.

ඔයාගෙ ෆෝන් එක, ටීවී එක හෝ කම්පියුටර් ස්ක්‍රීන් එක Off කරලා තියෙන වෙලාවට ඒක දිහා බැලුවම, ඒකෙන් ඔයාගෙ මූණ පේනවා නේද? අන්න ඒ කළු පාට වීදුරුවට තමයි Black Mirror කියන්නනෙ. මේ කතා මාලාවෙන් කියන්නෙ, තාක්ෂණය කියන කැඩපතෙන් බැලුවම පේන මිනිස්සුන්ගේ අඳුරු පැතිකඩ ගැනයි. ගොඩක් අය හිතන්නේ මේක තාක්ෂණයට විරුද්ධ කතාවක් කියලා. ඒක වැරදියි. මේකෙන් කියන්නෙ තාක්ෂණය නරක නෑ. තාක්ෂණය කියන්නේ යම්කිසි බලයක්. ඒ බලය මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම් වෙන ඊර්ෂ්‍යාව, වෛරය, ආශාව, තනිකම වගේ දේවල් එක්ක එකතු වුණාම මොන වගේ විනාශයක් වෙයිද? කියන එකයි.

2011 දී Netflix හරහා විකාශය ආරම්භ උන Black Mirror මේ වෙනකොට Season 7 ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට තවත් එනවා. ඉතින් Cineru හරහා මං ඔයාලට ගේන්න යන්නෙ ඒකෙ Season 4 ඉදන් ඉස්සරහ Episodes වල සිංහල උපසිරැසි. Season 3 වලට එනකං උපසිරැසි ඔයාලට Subz.lk වලින් ගන්න පුලුවන්. ඉතින් Season 4 වල පළවෙනි Episode එක වෙන්නෙ නමින් USS Callister. මේක බලද්දි Star Trek චිත්‍රපටියක් වගේ පෙනුනට, ඒක ඇතුළේ තියෙන්නේ අමුතුම යථාර්ථයක්.

Robert Daly කියන්නෙ අති දක්ෂ Programmer කෙනෙක් . එයා ලෝක ප්‍රසිද්ධ ඔන්ලයින් ගේම් එකක් වන Infinity නිර්මාණය කරනවා. හැබැයි එයාගෙ සමාගම ඇතුළෙ එයාට කිසිම පිළිගැනීමක් නෑ. එයාගේ පාට්නර් Walton වගේම අනිත් සේවකයොත් ඩේලිව ගණන් ගන්නේ නෑ, එයාට හිනා වෙනවා. ඩේලි හරිම නිශ්ශබ්ද, අහිංසක චරිතයක් වගේ තමයි එළියට පේන්නේ. හැබැයි ගෙදර ගියාම ඩේලි වෙනස්ම චරිතයක්. එයා Infinity ගේම් එකේ  Modded offline version එකක් තියාගෙන ඉන්නවා. එයාට අකමැති, එයාට හිනාවෙන ඔෆිස් එකේ අයගෙ DNA හොරෙන් අරගෙන, ඩේලි ඒ අයගේ Digital Clones මේ ගේම් එක ඇතුළට දානවා. මේ Modded ගේම් එක ඇතුළේ ඩේලි කියන්නේ දෙවියෙක් වගේ බලයක් තියෙන කැප්ටන් කෙනෙක්. එයා අර ක්ලෝන වලට වධ දෙනවා, තමන්ට වඳින්න පුදන තත්වෙට පත් කරගන්නවා. අලුතෙන් වැඩට එන Nanette Coleගෙ ක්ලෝන් එකකුත් මේකට එකතු වුණාම තමයි කතාව උඩු යටිකුරු වෙන්නෙ.

මේ කතාව පටන් ගන්නේ විහිළුවක් වගේ. හැබැයි ටිකෙන් ටික ඒක Thrilling අත්දැකීමක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අවසානයේ Nanette Cole ඇතුළු පිරිස Dalyගෙ ග්‍රහණයෙන් ගැලවෙන්න දරන උත්සාහය. මේක Black Mirror වල “තාක්ෂණය + මිනිස් දුර්වලතා = විනාශය” කියන තේමාව හොඳටම පැහැදිලි කරන කතාවක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

2 comments

  1. Subz.lk Account Suspended

  2. thanks machooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login