Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles
Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles | “යකඩ ඔළු” | සිංහල උපසිරැසි සමඟ

මේ කතාව Black Mirror ඉතිහාසයේ ඉතාම සුවිශේෂී තැනක් ගන්නවා. මොකද මේ මුළු කතාවම රූගත කරලා තියෙන්නෙ Black & White දර්ශන වලින්. ඒ වගේම මේකෙ දෙබස් ඉතාම අඩුවෙන් තමයි තියෙන්නෙ. මේ කතාවේ මූලික තේමාව වෙන්නේ Automated Warfare සහ කෘතිම බුද්ධියට ගැන.

කතාව සිද්ධ වෙන්නෙ Post-apocalyptic ලෝකයක. බෙලා සහ ඇයගේ මිතුරන් දෙන්නෙක් පාළු ගබඩාවකට යනවා යම්කිසි පෙට්ටියක් හොයාගෙන. එතනදි එයාලා අතින් අහම්බෙන් රොබෝ බල්ලෙක් Activate වෙනවා.

අද කාලේ Boston Dynamics වගේ සමාගම් වලින් හදන රොබෝ බල්ලන්ට ගොඩක් සමානයි. මේ රොබෝ බල්ලාගෙ එකම රාජකාරිය තමයි තමන්ගෙ ප්‍රදේශයට ඇතුල් වෙන ඕනම කෙනෙක්ව ලුහුබැඳලා ගිහින් මරලා දාන එක.

ඉතින් කතාව පුරාවටම තියෙන්නෙ මේ රොබෝ බල්ලා සහ බෙලා අතර සිද්ධ වෙන හඹා යෑමක්.

මේ කතාවෙ අවසානය හරිම දුක්බරයි වගේම උත්ප්‍රාසජනකයි. එයාලා ජීවිතේ පරදුවට තියලා මේ ගබඩාවෙන් හොරකම් කරන්න ආවෙ මොනවද කියලා අන්තිමට පෙන්නුවම, තාක්ෂණයෙන් දියුණු වුණත් මනුෂ්‍යත්වයෙන් පිරිහුණු ලෝකයක මිනිස්සුන්ට නැතිවෙලා තියෙන සැබෑ දේ මොකක්ද කියලා ඔයාට තේරෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login