Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles
Black Mirror S04 E05 Metalhead (2017) Sinhala Subtitles
8.7
83
91

Black Mirror S04 E06 Black Museum (2017) Sinhala Subtitles | “කළු කෞතුකාගාරය” | සිංහල උපසිරැසි සමඟ

මේක ඉතාම විශේෂ Episode එකක්. මොකද මේක කතා ගොඩක් එකතු වෙච්ච තනි කතාවක් වගේ. මේ  Episode එක ඇතුළෙ කෙටි කතා තුනක් එකිනෙකට සම්බන්ධ වෙලා ගලාගෙන යනවා. මේ කතාවෙන් මූලිකවම කතා කරන්නේ වේදනාවට ඇබ්බැහිවීම සහ ඩිජිටල් වධ හිංසාව ගැනයි.

කතාවේ ප්‍රධානියා වන නිෂ් පාරක් අයිනෙ තියෙන පරණ ගොඩනැගිල්ලකට එනවා. ඒකේ නම Black Museum. මේක අයිති රෝලෝ හේන්ස් කියන පුද්ගලයාට. මේ කෞතුකාගාරෙ තියෙන්නේ අපරාධවලට සම්බන්ධ වුණු තාක්ෂණික උපකරණ.

රෝලෝ හේන්ස්, නිෂ්ට මේ උපකරණ වලට අදාළ කතා තුනක් කියනවා:

  1. තමන්ගෙ රෝගීන්ගෙ වේදනාව තමන්ටම දැනෙන විදියට හදාගත්ත Implant එකක් පාවිච්චි කරන දොස්තර කෙනෙක් ගැන. මුලදී මේක ලෙඩ්ඩුන්ට උදව් කරන්න පාවිච්චි කළත්, පස්සෙ එයා වේදනාවට ඇබ්බැහි වෙනවා. අන්තිමට එයා ඒකෙන් සතුටක් ලබන්න පටන් ගන්නවා.
  2. කෝමා තත්වයට පත් වුණු අම්මා කෙනෙක්ගේ විඥානය වඳුරු බෝනික්කෙක් ඇතුළට දාපු හැටි. එයාට කතා කරන්න බෑ, හැබැයි එයාට හැමදේම තේරෙනවා. එයා අන්තිමට ඒ බෝනික්කා ඇතුළෙ සදාකාලිකව හිරවෙනවා.
  3. මරණ දඬුවම නියම වුණු සිරකරුවෙක්ගේ ඩිජිටල් විඥානය Hologram එකක් විදියට මේ කෞතුකාගාරෙ තියෙනවා. එන සංචාරකයන්ට පුළුවන් ගාණක් ගෙවලා, ලීවර් එකක් ඇදලා මේ සිරකරුවාව විදුලි පුටුවේ තියලා ආයෙ ආයෙත් මරන්න. සංචාරකයො ඒකෙන් විකෘති සතුටක් ලබනවා, ඒ සිරකරුවා සදාකාලිකව මැරි මැරී උපදිනවා.

අපි හිතනවා තාක්ෂණය දියුණු වුණාම ලෝකෙ ප්‍රශ්න විසඳෙයි කියලා. නමුත් මිනිස්සුන්ගෙ හිතේ තියෙන කුරිරුකම් තාක්ෂණය හරහා තවත් දරුණු විදියට එළියට එනවා. කෙනෙක්ව ශාරීරිකව මරන්න බැරි නම්, ඩිජිටල් විදියට හරි මරලා සතුටු වෙන්න මිනිස්සු පෙළඹෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login