The title of the page
Black Box (2020) Sinhala Sub
Black Box (2020) Sinhala Sub
6.2
70
62

Black Box (2020) Sinhala Subtitles | කලු පෙට්ටිය | සිංහල උපසිරැසි සමඟ

(Black Box (2020) Sinhala Subtitles) අපේ හිත කියන්නේ ඇත්තටම මහ පුදුමාකාර දෙයක්  ඒක අපිට ඕනි විදියට තියෙන්නෙ නැ ඒක අපිව පාලනය කරනවා අපිට ඒක පාලනය කරන්න හරි අමාරැ⁣යි .කතාවක් තියෙනවා නෙ හිත තුවාල වුනොත් ඇඟ තුවාල වුනාට වඩා අමාරැයි කියලා.

අද මම ඔයාලට අරගෙන ආවේ තවත් එක සුපිරි ෆිල්ම් එකක් තමයි මීට කලින් මම පලවෙනි උපසිරැසිය කරේ Memoir of a Murderer කියන කොරියානු ෆිල්ම් එකට ඒක ඔයාලා බලන්න ඇති කියලා හිතනවා

ඉතිං මේ Black Box කියන film එක අයිති වෙන්නෙ Horror/Sci-fi ‧  කියන කාංඩයට හැබැයි මේක Horror  ෆිල්ම් එකක් නෙවෙයි  මේකේ ගොඩක් තියෙන්නෙ විද්‍යාත්මක දෙිවල් ඒ වගේම බුදු දහම හා විද්‍යාව කියන්නේ දෙකක් කියලා මේක බලද්දී අපිට තෙරෙනවා .සිත කියන එකගැන හොයන්න බටහිර විද්‍යාවත් දැන් පටන් අරන්. මේකේ IMDB අගය  6.2 අගයක් අරන් තියෙනවා ඉතිං හිතාගන්න පුළුවන් නෙ කොහොම ද කියලා ෆිල්ම් එක

කතාව ගැන චුට්ටක් කිව්වොත්

මෙිකේ ප්‍රධාන චරිතෙ තමයි නෝලන් කියන්නේ නෝලන් කාලෙකට කලින් රිය අනතුරක් වෙලා ඇමෙන්ශියා රෝගයට භාජනය වෙලා ඉන්නෙ ඒ කියන්නේ මෙයාට  කිසිම දෙයක් මතක නැ  තිරණ ගන්නත් බැ. මේ රිය අනතුරින් මෙයාගේ බිරිඳ මියයනවා මෙයාට අවුරැදු දහයක දුවෙක් ඉන්නවා එවා කියලා එයා තමයි මේ මතකය නැති නෝලන් ගෙ හැම දෙයක්ම කරන්නේ උයන වැඩ ස්කෝලේ වැඩ හැම දෙයක්ම මෙි අවුරැදු දහයෙ ළමයා කරනවා

ඉතිං මෙයාගේ අමතක වෙච්චි මතකය නැවත ගන්න මෙයාට හම්බෙනවා ඩොක්ටර් බෘක්ස් කියලා දක්ෂ වෛද්‍යවරියක් ඒ වගේම මෙයගේ හොද යාලුවෙක්  ඉන්නවා ගැරි කියලා ඉතිං මේ අමතක වෙච්චි   මතකය ගන්න මේ ඩොක්ටර් බෘක්ස් හදපු උපකරණයක් තියෙනවා කලු පෙට්ටිය කියලා හැබැයි ප්ලේන් වල තියෙන එක නම් නෙවෙයි.

ඕනිම කෙනෙක්ගෙ මතකය ඒකට දාගෙන තියාගෙන වෙන කෙනෙක්ගෙ ඔලුවට දාන්න පුළුවන්  හැකියාවක් කලු පෙට්ටියට තියෙනවා
ඉතිං මෙි නෝලන් නැතිවුන මතකය ගන්න ගියහම එයාට තෙරෙනවා ඒ එයාගේ මතකය නෙවෙයි කියලා  මේ කලු පෙට්ටිය හරහා රෑප බලන්න ලෙඩාට පුළුවන් ඉතිං මේ නෝලන් එකඑක  සිද්ධි දැක්කත් මෙයාට කාගෙවත් මූන පේන්නැ ඒ වගෙිම ඒ මූනු  බොඳවෙලා තමයි තියෙන්නෙ අනික විකෘති චරිතයක් මෙයාගේ ලඟට   මේ හරහා එනවා ඇත්තටම මේ හරහා  උඩට අරන් පෙන්නන්නෙ අපේ යටි හිතේ තියෙන දෙිවල් අපේ යටි හිත කොච්චර ශක්තිමත්ද කියලා ඔයාලා සමහරවිට අහලා ඇති

ඉතිං කතාවේ  මුලදි හිටපු නෝලන් මගදි එකපාරට තෝමස් කෙනෙක් වෙනවා එි කියන්නේ නෝලන් විදියට පෙනි  ඉන්නෙ තොමස්
හරියට නිකං අපේ ඇඟට යකෙක් වැහුනා වගේ.නිකං පිස්සු ව⁣ගේ ඇති එහෙනම් මේ පටලැවිල්ල ලිහාගන්න මේ සිනමා සිත්තම බලන්නම වෙනවා

උඩු සිත යටි සිත කියලා අපිට සිත් දෙකක් තියෙනවා කියලා අහලා තියෙනවනෙි ඉතිං මෙි වගෙි මාතෘකා වලට ආස නම් මේක අනිවාර්යයෙන් මෙික බලන්න අමුතුම  ෆිල්ම් එකක් එහෙනම් අදට ඇති තවත් අලුත් එකක් අරගෙන ලඟදිම එන්නම්

ජය වේවා!……..😍😍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර මදුසංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර මදුසංක

June 30, 2021


23
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks for the sub!!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login