The title of the page
8.4
96

Arthdal Chronicles (2019) Sinhala Subtitles S1 E1 | අර්ත්ඩල් කතා වංශය | සිංහල උපසිරැසි සමග |

Arthdal Chronicles 2019 (ආර්ත්ඩෝල් කතා වංශය)

ඔන්න ඉතින් ගොඩක් මහන්සි වෙලා සුපිරිම කොරියන් සීරියස් එකකට සිංහල සබ් අරන් ආවා.මේක මගේ පළවෙනි උපසිරැසිය කියලා කියන්න ඕනි.මේ දවස් වල ගොඩක්ම ජනප්‍රිය සීරියස් එකක් තමයි Arthdal Chronicles 2019 නැත්තන් Game Of Thrones Korean version කියලා කියන්නෙ.මේකේ පළවෙනි Episode එකට විතරයි තාම සබ් ගැහුවෙ.අනිත් ටිකත් ඉක්මන්ටම අරන් එනවා.

මුලින්ම අපේ වෙබ් සයිට් එකේ හැමෝටම ස්තූති කරනවා.හැමෝගෙන්ම මට ලොකු සහයයෝගයක් හම්බුනා.ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

ඒ වගේම අපේ වෙබ් සයිට් එකට යන එන ඔයාල හැමෝටමත් ස්තූතියි කියලා කියන්න ඕනි.

Arthdal Chronicles 2019 නැත්තන් Game Of Thrones Korean version කියලා තමයි මේකට ගොඩක් අය කියන්නෙ.Arthdal Chronicles කියන්නෙ 2019 වර්ෂයේ ලොකුම පෙරළියක් කරපු කොරියන් සීරියස් එකක්.ඒක එහෙම වෙන්නෙ මේ වනවිටත් ජනප්‍රිය නළු නිළියන් රැසක් මේ කතා මාලාවෙ චරිත වලට පණ පොවනවා.IMDb 7.7 ක තරම් ඉහල අගයක් ගත්ත මේ කොරියන් කතා මාලාව Mydramalist එකේ 8.5 ලබාගෙන තියෙනවා.

2019 අවුරුද්දේ ජූනි මාසයේ නිකුත් වන මේ කතා මාලාව කොරියානු ටෙලිවිෂනයේ ලොකු පෙරළියක් කරලා තියනවා කියලා තමයි හැමොම කියන්නෙ.

Romance/History/Fantasy ඝණයට අයිති මේ කොරියානු කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ කිම්-වොන්-සොක් කියන ජනප්‍රිය අධ්‍යක්ෂක වරයා.මේක වෙනස්ම විදියක සීරියස් එකක්.ගොඩක් කොරියානු කතා රජ පෙළපත් පැත්තට නැඹුරු වුනාට මේ කතාව වෙනස්ම එකක්.ගෝත්‍ර අතර පවතින කතාවක් තමයි Arthdal Chronicles කියන්නෙ.ගොඩක්න වැදගත්ම දේ තමයි මේක Netflix ආයතනයේ සීරියස් එකක් වීම.කොහොමත් හැමෝම වගේ දන්නවා Netflix සීරියස් එකක් කියන්නෙ කොහොමත් සුපිරියක් තමයි කියලා.

දැන් බලමු මොකද මේකට Game of thrones කොරියන් Version කියලා කියන්නෙ ඇයි කියලා.මේකෙ Plot එක GOT එකේ Plot එකට ගොඩක්ම සමානයි.ඒ උනාට ටිකක් ලොකු වෙනසක් තියෙනවා.මේකෙ Story එක ගැන බලද්දින් ඒක තේරුම් ගන්න පුලුවන්.

දැන් මේකෙ story එක ගැන බලමු

මේකෙ ස්ටෝරි එක පටන් ගන්නෙ මෙහෙමයි.මේකෙ “ආසල්” කියන ගෝත්‍රයට ළමයෙක් ඉපදෙනවා.මේ ළමයා ඉපදෙන්නෙ මේ ගෝත්‍රයට කරදරයක් නැත්තන් මොකක්ම හරි විපතක් ගේන ළමයෙක් විදිහට.මේ ළමයගෙ නම “යුන-සම්” මෙයා කොච්චර අවාසනාවන්ත උනත් මෙයාට තමන්ගෙ අම්මගෙ ආදරය අඩුවක් නැතුව ලැබෙනවා.හැබැයි මෙයා කොහොම හරි මෙයාට එන කරදර වලින් බේරිලා ලොකු මහත් වෙනවා.මෙයා ඉපදෙන්නෙ “ආසල්” ගෝත්‍රයට උනත් මෙයා පොඩි කාලෙ හැදෙන්නෙ “වහන්” කියන ගෝත්‍රයේ.හැබැයි කොහොම හරි මෙයා ලොකුවෙලා ආසල් ගෝත්‍රයටම එනවා.

මේ ආසල් කියන ගෝත්‍රයේ තව කෙනෙක් ඉන්නවා.මෙයාට ඕනි මේ ගෝත්‍රයේ රජ වෙන්න.එයා තමයි ටාගෝන් කියන්නෙ.මෙයා ආසල් ගෝත්‍රයේ ඉන්න යුධ රණකාමියෙක්.මෙයා තමයි මේ කතාවේ ඉන්නෙ Villain..මෙයා මෙයාට ඕනි දේ කොහොම හරි කරන කෙනෙක්.

මම කලින් කිව්ව “වහන්” කියන ගෝත්‍රයේ ඊළග වෙන්නෙ “ටාන්‍-යා” කියලා කෙනෙක්.මෙයාට ඕනි වෙන්නෙ මිනිසුන්ට උදව් කරන්න.අන්න ඒ හින්දම මෙයා මිනිසුන්ට සමීප නායිකාවක් වෙන්න තීරණය කරනවා.මේකෙ ස්ටෝරි එක යන්නෙ මේ තුන් දෙනා අතර තමයි.

මේකෙත් තියනවා Iron throne එක වගේම එකක්.

කොහොම හරි අන්තිමට කවුරු රජකම ලබා ගනියිද?ඒක බලාගන්න ඉතින් අන්තිම වෙනකන් ඉන්න වෙනවා.

ඔන්න ඕක තමයි මේකෙ ස්ටෝරි එක.මේ වගේම ස්ටෝරි එකක් තමයි Game of thrones එකෙත් තිබ්බෙ.අන්න ඒ හින්දා තමයි මේකට Game of thrones කොරියන් version කියලා කියන්නෙ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

17 comments

  1. සුපිරි මචෝ… 👍👍👍👍❤️❤️❤️

  2. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.ජය වේවා 🙏🙏

  3. Thx bro sub eka dunnata.jaya wewaa 🙏🙏

  4. Thank you for subtitles

  5. Supiri ban

  6. thank you

  7. Ela 😘:|💕

  8. Patta bro
    Thanks bro
    Godk pin bro
    Good luck

  9. Patta bro
    Thanks bro
    Good luck

  10. help me to downlord the vedios

  11. Thank you for the subtitles

  12. patta bro ,thanks

  13. video ek download krgnne kohmd?

  14. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  15. Arthdal chronicles 2023 apu season 2 eketh subtitles tika ikmnta dnnako

  16. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login