The title of the page
7.9
93

Virus (2019) Sinhala Subtitles | මාරාන්තික වෛරසය | සිංහල උපසිරැසි සමග |

ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්..ජීවයක් හට ගන්න වෙලාව හරියටම කියන්න බෑ..වගේම ජීවිතේ කොයි වෙලාවේ නැතිවෙයිද කියලත් හරියටම කියන්න බෑ….මොකද එහෙම ජීවිතයක් නැතිවෙන්න ඕන තරම් හේතු සාධක ජීවත්වෙන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම ඇතිවෙන්න පුළුවන්..ජීවිතයේ යම් යම් තැන් වලදි මිනිස්සු විදියට අපිට ගොඩක් වගකීම් දරන්න, ඒ වගේම යුතුකම් ඉෂ්ඨ කරන්න සිද්ධවෙනවා…හැබැයි ඊට කලින් අපිට ජීවිතේ අත් හැරලා යන්න වුනොත්…?

මගේ 8 වෙනි උපසිරැසිය විදියට ඔයාලට දෙන්න හදන්නේ ගොඩක් අය ඉල්ලලා තිබුණු, ඒ වගේම පෞද්ගලිකව මමත් ගොඩක් ආසාවෙන් ඉඳපු අපූරු මලයාලම් සලරුවක්…

මේක මාරාන්තික වෛරසයක් වුන නිපා වෛරසය ගැන විස්තරාත්මකව නිරූපණය කරන සුපිරි ගණයේ සලරුවක් කිව්වොත් නිවැරදියි.

ඉතින් මේ නිපා වෛරසය කියන්නේ මොකක්ද? 🤔

නිපා වෛරසය කියන්නේ මේ වෙනකන් නිශ්චිත ඖෂධයක් හොයාගෙන නැති මාරාන්තික වෛරසයක්…මේක වැළඳුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මරණය දිහාවට.මේ වෛරසය ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ සතුන් මගින් ඒ කියන්නේ මේක zoonotic virus එකක්.ඒ වුනාට මේක සතුන්ගෙන් මිනිසුන්ට බෝවුනොත්, ආසාදිත පුද්ගලයින් මගින් තවත් පුද්ගලයෙකුට බෝ වීමේ හැකියාවක් තියෙනවා….ප්‍රධාන වශයෙන්ම පළතුරු වවුලන් මගින් රෝගය ව්‍යාප්ත වෙනවා කියලයි කියන්නේ..කොහොම වුනත්, ඌරන්ගෙන් සමහරවිට හුරතලේට ඇති කරන බල්ලන්, පූසන්ගෙන් වුනත් මේක බෝවෙන්න පුළුවන්..

නිපා වැළඳුන පුද්ගලයෙකුගේ,

🔷 දවස් 3 – 14 අතර කාලයක් තුල උණ ඇතිවීම
🔷 වමනය
🔷 මානසික ව්‍යාකූලත්වය
වගේ රෝග ලක්ෂණ දැකගන්න පුළුවන් වෙනවා…

ඒ විතරක් නෙවෙයි සමහර පුද්ගලයින් රෝගය වැළඳිලා පැය 24 – 48 වගේ කාලයක් ගතවෙනකොට කොමා තත්වයට පවා පත් වෙන්න පුළුවන්ලු..

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සපයලා තියෙන තොරතුරු වලට අනුව මෑතකාලයේ රෝගය වාර්තා වෙන්නේ 2018 ජුලි 30 වෙනිදා ඉන්දියාවේ කේරලයේ Kozikode, Malappuram කියන දිස්ත්‍රික්ක දෙකෙන්. එතනින් නිපා වැළඳුන පුද්ගලයින් 19 දෙනෙක්ගෙන් 17 දෙනෙක් මරණයට පත්වෙලා තියෙනවා.මේ චිත්‍රපටයට පාදකවෙලා තියෙන්නෙත් මේ සිද්ධිය තමා…මීට අමතරව බංගලාදේශය, සිංගප්පූරුව වගේ රටවල් වලිනුත් නිපා වෛරසය වාර්තා වෙලා තියෙනවා.කොහොම වුනත් මේකෙදි කරන්න තියෙන්නේ සම්මත ක්‍රමවේද වලට අනුව සිරුරු පුළුස්සා දැමීම මගින් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වන එක තමයි..

ඇති..ඇති..

😁  දැන් චිත්‍ර පටය ගැන ටිකක් දැනගමුකෝ…

මේක 2019 ජුනි 7 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු, IMDb දර්ශකය 8.3 වගේම, ගූගල් පරිශීලක මනාප 95% ක ප්‍රමාණයක් ලබාගන්න සමත් වුන පැය 2 යි විනාඩි 32 ක ධාවන කාලයක් සහිත Drama/Thriller කාණ්ඩයට අයත් වුණ සලරුවක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය, වගේම නිෂ්පාදනය කරන්නේ Aashiq Abu විසින්. ඒ වගේම මලයාලම් සිනමාවේ ගොඩාක් ජනප්‍රිය

⭐️ Parvathey Thiruwothu

⭐️ Tovino Tomas

⭐️ Maddona Sebastiyan

⭐️Asit Ali

⭐️ Kunchacko Boban

වගේම තවත් නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා..

චිත්‍රපටයට ගැන පොඩ්ඩක් කියනවා නම්,

ඉන්දියාවේ කේරලයේ මම මුලින් සඳහන් කරපු ප්‍රදේශ වලින් හිටි හැටියේ මේ නිපා වෛරසය වාර්තා වෙනවා..රෝගය පැතිරෙන්න පටන් ගත්තේ කොහොමද?…රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගන්නේ කොහොමද?…කිසියම් කණ්ඩායමක් විසින් ජෛව විද්‍යාත්මක ආයුධයක් විදියට මේ වෛරසය පාවිච්චි කරන්න උත්සහ කරාද?…මෙන්න මේ ප්‍රශ්න වලට දක්ෂ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් උත්තර හොයන හැටි තමයි චිත්‍රපටය තුලින් නිරූපණය කරලා තියෙන්නේ…
අන්තිමට වෛරස් එක ඇත්තටම පැතිරුනේ කොහොමද කියන එක බලන්න නම් චිත්‍රපටයට නරඹන්න වෙනවා…ඉල්ලුම වැඩි නිසා මීට වැඩිය විස්තර කරන්න නම් වෙලාවක් නෑ..හදිස්සියි

අවසාන වශයෙන් මතක් කරන්න ඕනා අපේ ටීම් එකේ සචිත් මලයව මේක කරන්න එයත් උදව් කරා…ඒ වගේම වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි…මේ ෆිලුමට සතුටුවෙන්න පුළුවන් තරමේ ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා තිබුනෙත් නෑ…ඒ නිසා ගොඩක් තැන් වල අසා ලිවීම් පවා කරන්න සිද්ධ වුණා…ඉතින් වැරදි අඩුපාඩු තිබුනොත් කියන්න කියලා ඉල්ලනවා…ඒ වගේම තවත් මේ වගේ උපසිරැසි ඔයාලට අරගෙන එන්න හැකිවෙන්න කියලා පල්ලෙහායින් වචනෙකින් හරි ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා…

එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙමු!….

උපසිරැසිකරණය කියාදුන් සහ සහය දුන් සැමට ස්තූතියි… 🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

13 comments

  1. Pattane broooo. Sthuthi sub ekata… wolf 2018 movie ekatath sub demuu..

  2. Ela sub natpe thunai Tamil movie sub denu

  3. Sthuthi sub ekata… digatama malayalam film walata sub oni

  4. Pasindu Jayashan
    Cineru Family Member

    💖💖💖

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  6. thanks sub ekata..

  7. thank you brother

  8. Pasindu
    Cineru Family Member

    💖💖💖

  9. 💖💖💖

  10. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

  11. Peter Barthelot
    Cineru Family Member

    සබ් එකනම් පට්ටෙට තිබුනා. දිගටම මලයාලම් ෆිල්ම්ස් වලට සබ් දෙන්න .

  12. Prabhashwara Somarathne

    video clip eka nene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login