ඔන්න අද 365 Repeat of The Year කතා මාළාවෙ ඊළඟ කොටස් දෙකටත් උපසිරසි අරගෙන ආවා. කලින් වගේම අසංක වීරසිංහ සහෝ එක්ක එකතුවෙලා තමයි අදත් උපසිරසි අරගෙන එන්නෙ. මේ කතා මාලාව යන අතරෙම අපේ ඩිලාන් අයියා මං කලින් කිව්ව සුපිරිම කතා මාලාවක් වෙන Rugal කියන කතා මාලාවට උපසිරසි දෙන්න පටන් ගෙන තියෙනවා. කොරියන් බලන අය අනිවා ඒකත් බලන්න. සුපිරිම කතා මාලාවක්. ටිකක් පරක්කු වුණා කියලත් හිතෙනවා. කලින් කොටස් දෙකේ වුණ දේවල් හැමෝටම මතක ඇතිනෙ. ගොඩක් දුක හිතෙන සිදූවීම් ගොඩක් ඒ කොටස් දෙකේදි සිද්ධ වුණානෙ. කොහොම හරි අන්තිමට දහ දෙනාම කලින් සැලසුම් කරගෙන හිටියා වගේම දවස් 365 අතීතයට යනවා.
ඔන්න ඔතනින්නෙ එදා කතාව ඉවර වෙන්නෙ. හැබැයි ඉතින් මෙයාලා අතීතයට ගියාට පස්සෙ තමයි හොඳම වැඩේ වෙන්නෙ. මේ අතරින් එක්කෙනෙකුට අතීතයට යනකොටම අකල් මරණයකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට මෙයාලට කලින් වෙච්ච අනතුරු වගේම කලින් සිද්ධ වෙච්ච හැම සිදුවීමක්ම ආයෙම වෙන්න පටන් ගන්නවා. මේ අතරෙ අමුතුම සිද්ධියක් වෙනවා. ඔයාලට මතක ඇතිනෙ අර රෝද පුටුවක හිටපු ගෑණු කෙනා. අන්න එයාට තමයි මේ අමුතුම සිදුවීම වෙන්නෙ. අන්න ඒ සිදුවීමත් එක්ක අළුත් චරිතයකුත් මේකට එකතු වෙනවා. එහෙනම් ඉතින් කතාව ගැන කිව්වා ඇතිනෙ. උපසිරසිය අරගෙන මේ කොටසත් බලලම ඉන්න.
හැමෝටම ජය !
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේශ් ජයරත්න සොහොයුරාට සහ අසංක වීරසිංහ සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Due to copyright issues we do not provide any torrent links

නියමයි පට්ට ඈ
මේකට දෙනකන් බලාගෙන හිටියෙ
ඊලග එකෙන් හමුවෙමු.ජය වේවා.
ස්තූතියි සබ් එකට
Thanks bro. කතාවේ ආපු කොටස් ටික බා ගෙන බලා ගෙන හිටියේ සබ එනකන්. එලම
ade meka paharak.ewara wenakan karan yanna. thanks sub karana hamothama