The title of the page
Yuva (2024) Sinhala Subtitles
Yuva (2024) Sinhala Subtitles
6.4
64

Yuva (2024) Sinhala Subtitles | මදාවියෙක්ද? ශිෂ්‍යයෙක්ද? ක්‍රීඩකයෙක්ද? | සිංහල උපසිරැසි සමඟ

(Yuva (2024) Sinhala Subtitles) (Yuva (2024) Sinhala Sub) (Yuva Sinhala Subtitles) (Yuva Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

අද අරගෙන ආවේ ඔයාලා ගොඩක් කැමති සිනමාවක්‌ වෙන කන්නඩ සිනමාවේ අලුතින්ම නිකුත් උන ෆිලුමක්.. වැඩේ බාරදුන්නු සමිත අයියාවත් මතක් කරගෙනම ෆිලුම දිහාට යං..

මේක ott නිකුත් උනේ මේ අවුරුද්දේ අප්‍රේල් 19 වෙනිදා.. මිනිත්තු 157ක්‌ පුරාවට දිව යන මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Sports කියන කැටගරි එකට.. වැඩිය හුරුපුරුදු නළුවෙක් නම් නෙවෙයි ප්‍රධාන චරිතය කරන්නෙ.. අලුත් කෙනෙක්.. හැබැයි ෆිල්ම් එකට දෙන්න ඕන Energy එක කොල්ල එහෙම්ම දීලා තිබුන.. ලස්සන ෆයිට් ටිකක් තිබුනා හැබැයි ❤️ මේක අධ්‍යක්ෂණය කරන්නේ Santhosh Ananddram කියන අධ්‍යක්ෂකතුමා විසින්.. විශේෂම දේ තමයි මේකට නිෂ්පාදන දායකත්වය දීලා තියෙන ආයතනය වෙන්නෙ KGF 1 & 2, Salaar Part 1 වගේ බ්ලොක් බාස්ටර් ෆිල්ම් අපිට දීපුHombale Filmsෆිල්ම්ස් විසින්..

මට මේකෙ මුල් ටික බලද්දී නම් මතක් උනේ ලංකාවේ විකාශනය වෙච්ච “පොදු සීසන් 1” Drama එක.. මොකද මේකෙත් ඒ හා සමාන ගතියක් මුලදී තිබුන.. මේකෙ නළුවා අදින ඇදුම් වලින්, කල්ලි දෙකක් අතරේ තිබ්බ ගැටුමෙන්, නළුවාගේ රොමැන්ටික් ආදර කතාවෙන් මට ඒ දේවල් පොඩ්ඩක් මතකෙට ආව..අග බාගෙට යනකොට ඒ දේවල් සේරම එහෙම් පිටින්ම වෙනස් උනා.. දැන් මෙහෙම කිව්වා කියලා පොදු එක එහෙම්ම අරන් මේක එක්ක සසදන්න එහෙම එපා ඔන්න ආ.. මේකයි ඒකයි දෙකක්.. මොකද මේක අමුතුම ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක්‌.. මට තැන් දෙක තුනක හිතුන සමහර ෆයිට් සීන් එහෙම අමුවට මේකට එකතු කරලද කියලා.. අනේ මන්ද.. ඒක ඔයාලම බලල කියන්නකෝ..

Cast

Yuva Rajkumar as Yuva
Sapthami Gowda as Siri
Achyuth Kumar as Shankar, Yuva’s father
Sudharani as Girija, Yuva’s mother
Hitha Chandrashekar as Shwetha, Yuva’s sister

විස්තරේ චුට්ටක් කියන්නම්කෝ..

යුවා එහෙමත් නැත්තම් යුවරාජ් කියන්නෙ කැම්පස් එකක නේවාසිකව නතර වෙලා ඉගෙනගන්න කොල්ලෙක්..යුවාගේ ෆැමිලි එක ගැන කියනවනම් එයාල මාධ්‍යම පාන්තික පවුලක්.. යුවාගේ තාත්තා ගොඩක් සල්ලි එකතු කරල එයාගේ පවුල හොද ජිවිතයක් ගත කරන්න මහන්සි වෙන කෙනෙක්.. යුවාගේ කැම්පස් එකේ කේස් නිසා මෙයා පොඩ්ඩක් යුවා එක්ක අවුලෙන් ඉන්නේ..

මේ යුවාගේ කැම්පස් එකේ නේවාසික ශිෂ්‍යයෝ සහ එයාලගෙ භාෂාවෙන් ලෝකල් ස්ටුඩන්ට් කියන්නෙ, ඒ කැම්පස් එක තියෙන ප්‍රාදේශයේ ළමයි, අන්න ඒ දෙගොල්ල අතරේ තියෙනවා කල්ලි යුද්දයක්.. ඒ කල්ලි යුද්දෙට හේතුව වෙන්නෙත් අපේ යුවා.. එයා තමයි වැඩේ ප්‍රධානියෙක් විදිහට ඉන්නේ.. මෙයා මේ නිසා පන්ති තහනම් කරගෙන, ලොකු කේස් ගොඩක් දාගෙන අන්තිමට කොහොමහරි එකේ ප්‍රින්සිපල්ගේ උදව්වෙන් ඩිග්‍රිය අරගෙන කැම්පස් එකෙන් අයින් වෙනව.. මෙයා අයින් වෙද්දී මෙයාට ප්‍රින්සිපල් ලස්සන වචන ටිකක් කියනවා.. ” ඔයා මෙහෙ ගතකරපු ජිවිතේ නෙවෙයි ජිවිතේ කියන්නෙ, මේකෙන් එලියට බැස්සම එන ප්‍රශ්න වලට මුණ දෙද්දී තමයි ජිවිතේ කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නේ ” ඔන්න ඔය වචන ටික තමයි කියන්නෙ…
මෙයා ඒ ටික අහල, ඩිග්‍රියත් අරන් පිටත්වෙලා ගෙදරට යනකොට, මැරයෝ ටිකක් මෙයාගේ ගේ වටකරල අම්මගෙයි අක්කගෙයි බෙල්ලට පිහි තියාගෙන ඉන්නවා.. “කෝ උබේ තාත්තට එන්න කියපන්..අපෙන් ගත්තු ණය සේරම දෙන්න කියපන් ” කියලා කියාගෙන ලොකු පිරිසක් ගේ ඉස්සරහත් හිටගෙන ඉන්නවා..

– ශ්වේතා.. කෝ තාත්තා.?
– තාත්තා මගේ කසාදෙන් පස්සේ ආගිය අතක් නෑ..

කව්ද මේ යුවා.?
කව්ද මේ මැරයෝ.?
යුවාගේ තාත්තාට මොකක්ද වෙලා තියෙන්නේ.?
මොකක්ද මේ ණය කතාව.?

මේ සේරටම උත්තර දැනගන්න මේ ලස්සන ෆිලුම ඔයාලට බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

ගිහින් එන්නම් ❤️ ජයවේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට…..

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. puluvan nan yodha 2024 Sinhala sub dennako

  4. Kasun Widusha
    Cineru_users

    Gaami (2024) sub denda balanda puluwannmm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login