The title of the page
You Sinhala Subtitles
You Sinhala Subtitles
7.7
90
86

You (2023) S04E04 Sinhala Subtitles | “දඩයම” | සිංහල උපසිරැසි සමඟ

(You (2023) S04E04 Sinhala Subtitles) (You S04 Sinhala Subtitles) (You Sinhala Subtitles)

සුභ දවසක් වේවා හැමෝටම!! ඔන්න ඉතිං අද ඔයාත් එක්ක එකතු වෙන්නෙ 2018 වසරේ සැප්තැම්බර් විකාශය ආරම්භ කරන ලද “you” කතාමාලාවේ අලුත්ම දිග හැරුම නැත්නම් season 4 කතා මාලාවත් අරගෙනයි. ඉතිං season 4 නිකුත් උනේ 2023 පෙබරවාරි 09 ඒක, කොටස් පහක් විදිහට තමයි නිකුත් උනේ. “you” කතා මාලාව Netflix හරහා නිකුත් වෙනකොට, සීරීස් එකට Warner Horizon Television සහ Warner Bros. Television නිෂ්පාදනයෙන් දායක වෙල තියෙනවා. කතාවට IMDB 7.7/10 වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා.

සීරීස් එක නිර්මාණයට යොඳාගෙන තියෙන්නෙ “Caroline Kepnes” ගෙ “You” නවකතාමාලාව,

පරන මතක ටිකක් අලුත් කරගමු…

SEASON 01 (2018 දෙසැම්බර් 26)

Joe Goldberg කියන්නෙ වෙනස්ම චරිතයක්. තනියම ඉන්න කැමතිකෙනෙක් වගේම උමතු මිනීමරුවෙක්..ජෝ වැඩ කරන්නෙ New York වල පොත් කඩයක. දවසක් ජෝ දකිනව අහම්බෙන් පොත් කඩයට ආපූ ලස්සන ගෑණු ලමයෙක්ව. ඇයගෙ නම Guinevere Beck. ජෝට ඇය කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ජෝ බෙක් ගැන හොයන්න ගන්නවා. ජෝ ඇගේ අසල් වැසියො ඇගෙ සමාජ මාධ්‍ය ගිණුම් පවා පරික්ෂා කරන්නෙ ඇය තමාගෙ කර ගැනීමේ අරමුණින්.. ඒ වෙද්දිත් බෙක්ට ප්‍රේමවන්තයෙක් ඉන්නවා. බෙක්ව තමාගෙ කරගන්න ජෝ කරන්න පුළුවන් ඕනම දෙයක් කරනවා. කොහොමද ජෝ බෙක්ව තමාගෙ කරගන්නෙ.? පළමු කතාසමයෙන් ඔබට නරඹන්න පුළුවන්..

SEASON 02 ( 2019 දෙසැම්බර් 26)

සීසන් 1 නැරඹුව නම් සීසන් 2 කතාවත් පොඩ්ඩක් මතක් කරගමුකො.තමාගෙ අතීතයෙන් පැනල යන අරමුණින් Joe Goldberg New York ඉඳල Los Angeles වෙත පැනයනව. ඒ වගේම ඔහුගෙ නම පවා ඔහු වෙනස් කරගන්න වා. අලුත් රැකියාවක්ද හොයාගන්නවා. ඔහු රැකියාව කරන තැනදි තමයි Love Quinn ව මුන ගැහෙන්නෙ.. ඔන්න ඉතින් හිමින් හිමින් පරණ ජෝ ආයේත් මතුවෙන්න ගන්නෙ පරණ මතකත් එක්කමයි.. තමන්ගෙ ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ජෝ ආයෙත් පටන් ගන්නවා… ජෝගෙ සහ ලව්ගෙ ආදරකතාව දෙවන කතාසමයෙන් බලන්න පුළුවන්..

SEASON 3 (2021 ඔක්තෝබර් 15)

දෙවන කතසමය ඉවර උනේ ජෝ සහ ලව් නව නිවසකට තමන්ගෙ පවුල් ජීවිතය ආරම්භ කරන්න පිටව යෑමත් එක්කයි. ජෝ කරපු සේරම වැරදි අමතක කරල තමන්ගෙ දරුව සහ ලව් වෙනුවෙන් ජීවීතය ගත කරන්න තීරණය කරනවා. අසල්වැසි කාන්තාවක් අන්තිමට අපිට සීසන් 2 අන්තිම කොටසෙන් පෙන්නුව නේ. සතා සතාමනෙ කොහොමත් කියනව වගේ ජෝ මේ කතාසමයෙත් නැවතත් සුපුරුදු රිද්මයට එනවා. ඉස්සෙල්ලම අසල්වැසි කාන්තාව ගැන තමයි ජෝ හොයන්න ගන්නෙ. සීසන් 2 දි ලව්ගෙත් සැබෑ ස්වරූපයත් අපිට පෙන්නුව මතකනෙ ඇයත් මේ සීසන් එකේ තම පවුල රැකගන්න ඕනම දෙයක් කරනවා.. ජෝ සහ ලව් තම පවුල රැකගෙන මේ අලුත් නගරයේ ගතකරන ජීවීතය සීසන් 3 න් අපිට බලාගන්න පුලුවන්..

අලුත් එක ගැන ටිකක් බලමු…

SEASON 4 (2023 පෙබරවාරි 09 )

තුන්වන කතා සමය අවසාන වෙන්නෙ ජෝ සහ ලව් එක්ක තියෙන ප්‍රශ්න මිනී මෑරූම් දාමයක් එක්ක
අවසන් වෙමින්.ජෝ සැලසුම් සහගතව අතුරු දහන් වෙනවා. ඉතිං ජෝ තමාගේ අනන්‍යතාව සගවගෙන
අලුත් මනුස්සයෙක් විදිහට ලන්ඩනය තුල ජීවත් වෙනවා.ජෝ සම්බන්ධතා වලින් ඈත් උනත් පරන ගති පැවතුම් ජෝ ගෙන් එලියට එනවා.ඉතිං මිනීමරුවෙකුට හැමදාම සාමාන්‍ය මිනිහෙක් වගේ ඉන්න බෑනේ.ජෝ අයෙත් සුපුරුදු පාරට වැටෙනවා. ජෝ මේවගෙන් ගැලවෙන්න මොනවයින් මොනවා කරයිද?

ඉතිං හැමෝටම ආරාධනා කරනවා SEASON 4 එක්ක එකතු වෙන්න කියලා.ඉක්මනින් අනිත් කොටස් අරගෙන එන්නම්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

3 comments

  1. 🥰තැන්ක්ස් ❤️‍🔥❤️‍🔥දෙනකම් බලාන හිටියේ

  2. thanks sub ekata

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login