The title of the page

Yeto Vellipoyindhi Manasu (2012) Sinhala Subtitles|ආදරය සුන්දර ද මෙතරම්|සිංහල උපසිරැසි සමග|

පුංචිකාලෙ ඉදන් එකට යාලුවො විදියට ඉදපු ගැහැණු ලමයෙක් සහ පිරිමි ලමයෙක්…

වයසින් වැඩෙත්ම යාලුකම ආදරය ලෙසට පෙරලගත්තම.. ඒ ආදරය කොතරම් ලස්සන වේවිද..

නමුත් ඉතින් ආදරය තියෙන තැනට බාධාවල් නම් කොච්චරද ?..

පුංචි පුංචි රණ්ඩු එක්ක,හිත් රිදවා ගැනීම් එක්ක ගලායන මේ ආදරය කොතරම් සුන්දර ද….

ආයුබෝවන් ! ආදරනීය සිනමාලෝලී ප්‍රිය හිත මිතුරන් හැමෝමටම.. සූදානම් තවත් අපූර්ව ආදර කතාවක සිංහල උපසිරැසි ඔබ වෙත පිරිනමන්න.. බොහෝ දෙනෙක් උපසිරැසි කරන්න ඉල්ලීම් කරපු සිනමාපටයක් තමයි මේක.. ඉතින් අද මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලට මගෙන් පිරිනැමෙන තෑග්ගක් විදියට අරගෙන ආවා..

Yeto Vellipoyindhi Manasu [සිංහල:-මගේ හදවත කොහි ගියේදෝ]


2012 වසරේ දෙසැම්බර් 14 වන දින Drama | Romance වර්ගයේ චිත්‍රපටයක් ලෙසින් තෙලිඟු සිනමාවට එක් වෙන්නේ.. Neethaanee En Ponvasantham ලෙසින් මෙම කතාවම පදනම් කරගෙන දමිල චිත්‍රපටයත් රූගත වුනා..

ඉතින් ඒ වුනත් තෙලිඟු සිනමාවට එක්වුනු මෙහි කිසි හෝ අඩුපාඩුවක් නොවෙන්න වග බලා ගෙන තියෙනවා..

බොක්ස් ඔෆිස්හි ඉන්දියානු රුපියල් කෝටි  450ක ආදායමකුත් , ලබා ගත් මෙහි වියදම ඉන්දියානු රුපියල් කෝටි 20 වුනා..IMDB දර්ශකය තුල 7.3 ක අගයක් සහ Google භාවිතා කරන්නන්ගෙන් 93% කගේම මනාපය මෙයට හිමිවුනා. Gauthum Menan ගේ අධ්‍යක්ෂණයෙන් , Ilayaraja ගේ සංගීතයෙන් මෙය නිමැවුනා..

වඩාත් වැදගත්ම වන ප්‍රධාන නලු නිලි දෙපලගේ රංගනයට දායක වුනේ වර්තමාන තෙලිඟු සිනමාව තුල අඛණ්ඩව තම අණසක පතුරවගෙන එන , තෙලිඟු සිනමාවේ වඩාත් ආකර්ෂණීයම තරු යුගලයක් වන Natural Star ලෙස හඳුන්වන Nani සමඟින් සුරූපී Samantha Akkineni විසින්..

බොහෝ වෙහෙසක් දරමින් තමන්ට තෙලිඟු සිනමාවේ අවකාශයක් ලබා ගත් Nani , 2008 වර්ශයේ Astha Chamma චිත්‍රපටයෙන් පැමිණ.. තම රංගන දිවියේ සාර්ථකම ප්‍රතිඵල අත්කර ගන්නා සමයක තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ..
මොකද තෙලිඟු සිනමාවට බාහුබලී වැනි විශිෂ්ඨ නිර්මාණය එක් කල S.S.Rajaouli ගේ අධ්‍යක්ෂණයෙන් Eaga චිත්‍රපටයත් Nani සමඟ Samantha දෙදෙනාම ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය සපයමින් තිරගත කලේ 2012 වර්ශයේමයි..

සමන්තා ගැන කියනවනම්.,

Yee Maaya Chesave හරහා 2010 වර්ශයේ තෙලිඟු සිනමාවට ඇතුල් වන ඇය.. Filmfare හි හොඳම නවක නිලිය ලෙසින් සම්මාන දිනා ගන්නටත් එකල සමත් වුනා.. එතැන් පටන් ඇරඹුනු සිනමා ගමනේ ඇය මේ වනවිට සාර්ථක දිගු ගමනක් ඇවිත් බවනම් කිව යුතුයි..

Nani                                        Samantha

ඉතින් මං චිත්‍රපටයේ කතාව ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම්..

වරුන් තමන්ගෙ යාලුව එක්ක කොලේජ් එකේ උත්සවේකට සහභාගී වෙනවා.. එතනදි වේදිකාවේ නර්තනයක් ඉදිරිපත් කර කර ඉන්න ගැහැණු ළමයෙක් දකිනවා.. ඒ වෙන කවුරුත් නෙමේ තමන් එක්ක පොඩි කාලෙ ඉදන් එකට හිටිය යාලුවා කියලා එයාට මතක් වෙනවා.. එයාගෙ නම නිත්‍යා..ඉතින් මේ දෙන්න කොලේජ් එකේදි මුණ ගැහෙනවා එක්ක කතාව අතීතෙට දිව යනවා..

ඉතින් මෙයාලගෙ පුංචි කාලෙ ඉදන් යාලුකම ආදරයකට පෙරලෙන්නේ කොහොමද ..? කතාවෙ ඉදිරියට මෙයාලට මොනවගේ සිදුවීම් වලට මුහුන දෙන්න වෙයිද ..? ඔක්කොම දේවල් දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා..

එහෙනම් ගිහින් එන්නම් තවත් අපූර්ව සිනමා නිර්මාණයක් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන්.. මේ සිනමා පටයත් මග නොහැර බලන්න කියන ඉල්ලිමත් කරගෙනම..

ඒ වගේම ගිය 13 වෙනිදා අපේ උපසිරැසි අඩවිය පටන් අරන් මාස හයක් සම්පූර්ණ වුනා.. ඉතින් මේ තාක් අපිට සාර්ථක ගමනක් එන්න ලැබුනේ ඔයාලගෙ ධෛර්යය නිසාමයි.. ඉදිරියටත් ඒක ඒ විදියටම ලබා දෙන්න කියන ඉල්ලීමත් කරන්න කැමතියි.. ඔයාලගෙ අදහස් තමා හැමදාමත් අපිට හයියක් වෙන්නේ..

ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

6 comments

  1. Thanks for sub …..(Ride 2009) Telugu movie ekata sub denna please…..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සුභ උපන්දිනයක් සහෝ!සබ් එකට තෑන්ක්ස්.නානිගේ ෆිල්ම් එකක්නම් කොහොමටවත් මිස් කරගන්න බෑ.

  4. Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි ❤

    Nani ගේ සබ් නැති අනිත් ෆිල්ම් වලටත් සබ් එක ඕනේ👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login