Yashoda (2022) Sinhala Subtitles
Yashoda (2022) Sinhala Subtitles
7.5
91

Yashoda (2022) Sinhala Subtitles | ඇයත් මවකි | සිංහල උපසිරැසි සමඟ

(Yashoda (2022) Sinhala Subtitles) (Yashoda (2022) Sinhala Sub)

ඔන්න තවත් මේ අවුරුද්දේ ආපු සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරන් ආව… මේකත් සුපුරුදු විදිහට අපේ සමිත සහෝදරයා බාරදීපු වැඩක් තමයි.. ෆිලුම බාරගෙන නම් දවස් 3ක්‌ වගේ ඇති… සෙට් වෙච්ච එන්ග්ලිෂ් සබ් එක ගැන නම් කියලා වැඩක් නෑ.. කොච්චර හොදද කියනවනම් time line ටිකත් මට අලුතෙන්ම හදන්න උනා.. ඒකයි දවස් 3ක්‌ම අරන් උනත් සුපිරියටම හදාගෙන ආවෙ…🤭❤️

යමු ෆිලුමට..

Action, Thriller ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් උනේ මේ අවුරුද්දේ නොවැම්බර් 11 වෙනිදා.. එතකොට අන්තර්ජාලයට මුදා හැරලා තිබ්බේ මේ දෙසැම්බර් 9 වෙනිදා…තෙලුගු, දමිළ භාෂා දෙකෙන්ම පිටපත් නිකුත් උනත් මේකේ ඔරිජිනල් භාෂාව නම් තෙලුගු.. ඒ නිසා සබ් එක කලේ තෙලුගු පිටපතට…ඒ නිසා මේ සබ් එක එක්ක තෙලුගු පිටපතම අරන් බලන්න පුළුවන් නම් හොදයි..

මිනිත්තු 132ක්‌ පුරා දිවයන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හරීෂ් නාරායන් සහ K. හරී ශංකර් කියන දෙන්නා.. එතකොට ප්‍රධාන චරිතේ ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ හැමෝම දන්නව ඇති… ඔව් ඔව් “සමන්තා” තමයි ඉන්නේ 🥺❤️ එතකොට තව.. වරලක්ෂ්මි සරත්කුමාර්, උන්නි මුකුන්දන්, සම්පත් රාජ්, මුරලි ශර්මා, රාඕ රමේෂ්, ශාතෘ වගේ තෙලුගු සිනමාවේ නිතර හමුවෙන නළු නිලියෝ පිරිසක් ඉන්නවා… එතකොට මේකේ IMBD RATING එක 7.5 ක්‌ ලැබිල තියෙනවා.. ප්‍රතිචාර නම් ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තියෙන්නේ.. ඒක බලද්දී ඔයාලටම තේරෙයි කොච්චර සුපිරිද කියලා…

හැමදාම වගේ විස්තරේ නම් කියන්න යන්නේ නෑ… අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.❤️
හරිම කුතුහලයෙන් බලන්න පුළුවන්..

අන්තිම පැය බාගේ ටික නම් ගින්දර ඇ 🥺🔥

එහෙනම් මං ගියා.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |11941|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


55
Total Subtitles

7 comments

  1. Tnx mcnn sub ekataaa

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Thanks Sub ekata oyalagen enakan balan hitiye

  5. Niyamai , Thanks

  6. Anjula Umesh
    Cineru Family Member

    සබට තෑන්ක්ස් මචං..සබ් එක සුපිරියටම තිබ්බා..🧡😍 දිගටම කරගෙන යමු..😎🧡

  7. බොහෝම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *