The title of the page
Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitles
Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitles
6.2
80
95

Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitles | “අනුකම්පා විතරහිත මෙහෙයුම්” | සිංහල උපසිරැසි සමඟ

(Yaksha: Ruthless Operations (2022) Sinhala Subtitles) (Yaksha: Ruthless Operations (2022) Sinhala Sub)

ආයුබෝවන්.. යාලුවෝ හැමෝටම. CINERU අපේ සංවත්සරය දවසෙම මගේ 150* වෙනි කසයිම පහුකරන්න ලැබුණ එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා.  ඒවගේම මේ තරම් දුරක් එන්න මට අත හිත දුන්න වචනෙකින් හරි උදව්වක් වුන හැමෝටම ගොඩාක් ස්තූතියි.

ඉතින් මම මේවතාවේ තෝරගත්තේ කොරියන් චිත්‍රපටයක්. 2022 අප්‍රේල් 08 තමයි NETFLIX හරහා මේ සළරුව එළි දැක්වුනෙ. ඔයාලට ඒ ගැන විස්තර ටිකකුත් මම කියන්නම්කෝ. 

                     

Also Known As: Yacha , The Angel Without, The Devil Within

Screenwriter & Director: Na Hyun
Screenwriter: Ahn Sang Hoon
Genres: Action, Thriller, Mystery, Crime
Country: South Korea
Type: Movie
Release Date: Apr 8, 2022
Duration: 2 hr. 5 min.

 Yaksha: Ruthless Operations.

පැය දෙකකුත් මිනිත්තු පහක් පුරා දිවයන මේ චිත්‍රපටිය Action, Thriller, Mystery , Crime යන ගණයන්ට අයිති වෙනවා.

The Prison චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු Na Hyun විසින් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටිය ඔහුගේ දෙවන චිත්‍රපටි අධ්‍යක්ෂණයත් වෙනවා. Na Hyun, Ahn Sang Hoon දෙන්නම එකතු වෙලා තමයි මේ චිත්‍රපටියේ තිර රචනය කරන්නේ. මූවී එකේ කාස්ට් එක පැත්තට ගියොත් මාරම Powerful Cast Line Up එකක් ඉන්නවා කියන්න පුළුවන්.

Sol Kyung Gu as Ji Kang In
Korean Thriller ෆෑන් කෙනෙක්නම් මෙයා ගැන නොදන්න විදියක් නෑනේ. No Mercy, The Tower, Cold Eyes, Hope, Memoir Of A Murderer වගේ සුපිරි චිත්‍රපටිවලට Sol Kyung Gu රංගනයෙන් දායක වෙලා තියෙනවා.
 Park Hae Soo as Han Ji Hoon
මෙයා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, ගිය අවුරුද්දේ Netflix හරහා රිලීස් වුණු අතිශය ජනප්‍රිය Squid Game සීරීස් එකේ චෝ සන්ග් වූ චරිතෙට පණ පෙව්වේ මෙයා තමා. Quantum Physics, Time To Hunt වගේ චිත්‍රපටිවලටද, Prison Playbook, Chimera වැනි කතාමාලාවලටද Park Hae Soo රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Yang Dong Geun as Deputy Hong
මොහු The Three Musketeers, Missing 9, 365: Repeat The Year, Lost වගේ කතාමාලාවල අපිට දැකගන්න ලැබුණා.
Lee El as Hee Won
The Call, Love And Leashes වගේ චිත්‍රපටිවලින් සහ Black, A Korean Odyssey, Dr. Brain වගේ කතාමාලාවලින්ද අපිට මැයව දැකගන්න ලැබුණා.
Song Jae Rim as Jae Gyu
Secret Mother, Clean With Passion For Now, I Wanna Hear Your Song, How To Be Thirty වගේ කතාමාලාවලට Song Jae Rim රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Park Jin Young as Jung Dae

ගිය අවුරුද්දේ විකාශනය වුණු The Devil Judge කතාමාලාවේ කිම් ගා ඔන් චරිතයට පණ පෙව්වේ මෙයා තමා. Magic School, He Is Psychometric යන කතාමාලාවලටද Park Jin Young රංගනයෙන් දායක වෙලා තියෙනවා.

  මම කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්…

ජී කන්ග් යින් කියන්නේ චීනයේ ෂෙන්යන්ග් වල රහසිගත NIS මෙහෙයුම් කණ්ඩායමක නායකයෙක්, එයාගේ අන්වර්ථ නම තමයි යක්ෂා කියන්නේ, මිනිස්සුන්ට හිරිහැර කරන වගේම මිනිස්සුන්ව මරා දමන දරුණු යක්ෂයෙක් කියන එක තමයි ඒ නමෙන් අදහස් කරන්නේ, ඕනෑම විදියකින්, ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරලා තම අරමුණු ඉටු කරගන්න කෙනෙක් තමයි ජි කන්ග් යින් කියන්නේ, එතකොට හන් ජී හූන් කියන්නේ සෝල් මධ්‍යම දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලයේ අභිචෝදකයෙක්. එයා මොන දේ කළත් නීතිය පිළිපදින කෙනෙක්. එයාව චීනයේ ෂෙන්යන්ග් වලට පහත් කරනවා. එතනදී හන් ජී හූන්, ජී කන්ග් යින් ට විරුද්ධ වෙලා වැඩ කරනවා.

ඉතින් ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැනගන්නකෝ. අවසාන වශයෙන් මට මේ තරම් දුරක් එන්න අත හිත දුන්න සමිත,මදුශාන්,අංජුල,අශේන් ඇතුලු සිනෙරූ අපේ පවුලෙ හැම සහෝදරයෙක්ටම සහෝදරියකටම අනේකවාරයක් ස්තූතියි. මට වචනෙකෙන් හරි උදව් කරපු මට හයියක් වුන හැමෝටමත් ගොඩාක් ස්තූතියි.

                                 

ඉතින් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු. 

                                     – ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

10 comments

  1. 150 වෙනි උපසිරැසියට සුභ පැතුම් අක්කේ❤️
    දෙනකම් බලන් ඉදපු මූවී එකක්🔥 ගොඩාක් තෑන්ක්ස්
    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️
    ❤️Happy 3rd Anniversary CINERU❤️

  2. Cineru sub house එකටම සුබ අලුත් අවුරුද්දක් වේවා…සුබ සංවත්සරයක් වේවා..!!❤
    අක්කිගෙ 150 වෙනි සබ් එකටත් සුබ පැතුම්..!!🥰🥰

  3. සුභ අලුත් අවුරුද්දක් වේවා

  4. Anthony Morningstar

    150 වෙනි සබ් එකටත් සුබ පැතුම්..!!
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….
    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ” Cineru * සුබ අලුත් අවුරුද්දක් වේවා…!!!!!!!!!!!!
    සුබ සංවත්සරයක් වේවා..!!…..

  7. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    150* ට සුභ පැතුම් අක්කේ 💗😊

  8. Isuru Sandaruwan

    සුබ පැතුම් අක්කේ…

  9. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    උචිනි නංගි 150ට සුභ පැතුම්. මීටත් වඩා ඉක්මනින් 200ට එන්න ලැබේවා !

  10. Krishani
    Cineru_users

    150 sub 1ta suba pathum. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login