With Love (2026) Sinhala Subtitles
With Love (2026) Sinhala Subtitles
7.6

With Love (2026) Sinhala Subtitles | “ සුන්දර මතකයන් ” | සිංහල උපසිරැසි සමඟ

(With Love (2026) Sinhala Subtitles) (With Love (2026) Sinhala Subtitle) (With Love (2026) Sinhala Sub)

ආදර කතා, විශේෂයෙන්ම අපේ පාසල් කාලේ සුන්දර මතකයන් අවදි කරන චිත්‍රපට බලන්න කැමති අයට 2026 අවුරුද්දේ මුලම ආපු ලස්සනම තෑග්ගක් තමයි “With Love” කියන්නේ. මේක දෙමළ සිනමාවට අලුතින්ම එකතු වුණු, හිතට ලොකු සැහැල්ලුවක් දැනෙන Teen Romantic Comedy ගණයට අයත් චිත්‍රපටයක්.
නිකුත් වූ දිනය: 2026 පෙබරවාරි 06

අධ්‍යක්ෂණය: මදන් – මෙය ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි.

ප්‍රධාන රංගනය: අබිෂාන් ජීවින්ත්  සහ අනස්වරා රාජන්

සංගීතය: ෂෝන් රෝල්ඩන් 

කතාව පටන් ගන්නේ සත්‍යා  සහ මොනිෂා කියන දෙන්නා, වැඩිහිටියන්ගේ විවාහ යෝජනාවක් මත අවන්හලකදි මුණගැහෙන තැනින්. මේ දෙන්නා කතාබහ කරගෙන යද්දි, දෙන්නටම තමන්ගේ පාසල් කාලේ තිබුණු, හැබැයි සම්පූර්ණ කරගන්න බැරි වුණු ආදර කතා ගැන මතක් වෙනවා.

මෙතනදී මොනිෂා අපූරු යෝජනාවක් කරනවා; “අතීතයේදී අපිට ඒ අයට කියාගන්න බැරි වුණු දේවල් දැන් ගිහින් ඒ අයට කියමු” කියලා. එතැන් ඉඳන් මේ ෆිල්ම් එක අපිට අරගෙන යන්නේ පාසල් කාලේ සුන්දර, විනෝදකාමී වගේම හැඟීම්බර මතකයන් ගොඩක් මැද්දටයි.

මේ ෆිල්ම් එකේ තියෙන විශේෂතා මොනවාද?
 අබිෂාන්ගේ ප්‍රධාන නළුවා විදිහට කරන පළමු රංගනය වගේම, මලයාලම් සිනමාවෙන් ආපු අනස්වරාගේ චමත්කාරජනක රංගනය මේ ෆිල්ම් එකට ලොකු ආලෝකයක් වෙලා තියෙනවා. දෙන්නා අතර තියෙන Chemistry එක ගොඩක් ස්වාභාවිකව තිරයේ දිගහැරෙනවා.

ඉස්කෝලේ කාලේ යාළුවෝ එක්ක කරපු විහිළු, ගුරුවරුන්ගෙන් කාපු දඬුවම්, පළමු ආදරේ, පොත් අස්සේ ලියුම් දාපු හැටි, FLAMES බලපු හැටි වගේ ගොඩක් දේවල් මේ ෆිල්ම් එකෙන් ආයෙත් මතක් කරනවා. හරියට ’96 හෝ Premam වගේ චිත්‍රපට වල තිබුණු අත්දැකීම වෙනස්ම විදිහකට විඳිනවා වගේ හැඟීමක් මේකෙන් ලැබෙනවා.

ලොකු ලොකු ප්‍රශ්න, මිනීමැරුම්, හෝ මානසිකව වද දෙන දේවල් නැතිව, හිනාවෙලා, ලස්සන සින්දුවක් අහලා, හිතේ බරක් නැතුව බලලා ඉවර කරන්න පුළුවන් චිත්‍රපටයක්. ෂෝන් රෝල්ඩන්ගේ මියුරු සංගීතය මේ ආදරණීය හැඟීම තවත් වැඩි කරනවා.

සමස්තයක් විදිහට ගත්තොත් “With Love” කියන්නේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්, සරල ඒ වගේම හිතට වදින ලස්සන ආදර කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

3 comments

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Pumal Wijesundara

    බොහොම ස්තුතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login