The title of the page
Wish Upon A Unicorn Sinhala Sub
Wish Upon A Unicorn Sinhala Sub
5.0

Wish Upon A Unicorn (2020) Sinhala Subtitles |කගවේන්නු| සිංහල උපසිරැසි සමග

(Wish Upon A Unicorn (2020) Sinhala Sub) කොහොමද ඉතින් යාලුවනේ ඔයාලට අද මං ඔයාලට පවුලෙ අයත් එක්ක එකට බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා.

කතාව ගැන
හොදයි අපි කතාවට බහිමුකෝ.මේ කතාවෙ ඉන්නවා පොඩි ගෑනු ලමයි දෙන්නෙක්. මෙයාලගෙ අම්මා නැතිවෙලා ඉතින් මෙයාල යනවා මෙයාලගෙ අම්මගෙ ආච්චිගෙ ගෙදරට. මෙයාලගෙ ආච්චි ජීවත් වෙන්නෙ ගොවිපලක.මෙයාල මේ නගරෙම තියෙන පාසලට තමයි යන්නෙ.අලුත් ස්කෝලෙට හැඩගැහෙන එක මේ කෙල්ලො දෙන්නට අමාරුවෙනවා. දවසක් මෙයාලා ආච්චිගෙ බෙහෙත් ගේන්න කඩේ ගියාම මෙයාලට වයසක පොරක් කෙනෙක් කියනවා මෙයාලගෙ ගේ පිටුපස කැලේ කගවේන්නු ඉන්නව කියලා.ඉතින් මෙයාල එක දවසක් හැංගිලා ඉදල එකෙක්ව අල්ල ගන්නවා.

මේ අල්ලගත්තු කගවේනා පේන්නෙ මෙයාල ගැන විශ්වාස කරන අයට විතරයි.මෙයාල කගවේනා එක්ක ස්කෝලෙ යනවා ඌට කවනවා කගවේනාත් මැජික් බලෙන් මෙයාලට උදව් කරනවා.ස්කෝලෙ හිටපු ලොකු ගොනෙකුත් මෙයාලට කරදර කරනවා ගොනා ගැන මං කියන්නෑ ඔයාල බලලම දැනගන්නකෝ 😁😁

පස්සෙදි අර කඩේ හිටපු කගවේන්නු ඉන්නව කියල කියපු නාකි පොරත් මේ කගවේනව මරන්න හදනවා.ඒත් මෙයාල මේ හැමදේකින්ම බේරිලා මේ කගවේන් පැටියව එයාගෙ අම්මට බාරදෙනවා.හොදයි මේක තමා මේ කතාවෙ වෙන්නෙ ෆිල්ම් එක හරිම ලස්සනයි මේක පොඩ්ඩක්වත් බලන්න කම්මැලි නෑ අනිත් ෆිල්ම් වගේ.ඒත් මට නිකමට හිතුනා මේකෙ ඉන්න කගවේනා කතා කලානම් මේ ලමයි එක්ක මේක මීට වඩා සාර්ථක වෙයි කියල ඔයාලට මතක ඇතිනෙ Eragon (2006) ෆිල්ම් එක මේකෙ එරගන් එක්ක සෆියා කියන මකරා කතා කරනවා.ඒක හින්ද ගොඩක් අය මේක බලලත් තිබුනා.

උපසිරැසිය ගැන
උපසිරැසියෙ මොකක්හරි අඩුපාඩුවක් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න.අන්තිමටම මට සිනෙරු වෙනුවෙන් උපසිරැසි හදන්න අවස්ථාවක් ලබාදුන් සමිත රමේශ් අයියවත්  ඕනෙ වෙලාවක ඕනෙ දෙයක් කියල දෙන අපේ අංජුල උමේෂ් අයියවත් ඕනෙ වෙලාවක දන්නෑ බෑ කියන්නැතුව උදව් කරන අපේ අශේන් මදුරංග අයියවත් ආදරයෙන් මතක් කරනවා.එහෙනම් හැමෝම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියල ඉල්ලමින් මං අදට නවතිනවා.හැමෝටම සුබ දවසක්!🥰

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

10 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අම්මෝ ඉතින්සුපිරි හොඳේ. ඇනිමේශන් සුපිරියෙක් තමයි දේශාන් ඔයා. මේ අපි ඩීසී කෙල්ලෝ ඉවර උන ගමන් තව එකක් ගහමු සෙට් වෙලා මලයෝ! ඔයා නම් 50 ගහයි මාස 2න්.. පට්ට, පට්ට, සුපිරිම.
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  2. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  3. G.W.Deshan Adithya

    ස්තූතියි දර්ශන අයියා 🥰🥰 අනිව තව ඇනිම් ගහමු 😍😘😚

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    මේවටත් සබ් කරන්න පුළුවන් නම්
    Crimes That Bind (2020) Spanish
    Do not Reply (2020)
    Death of Me (2020)
    2067 (2020)
    12 Hour Shift (2020)

    • G.W.Deshan Adithya

      එලම මචන් මං අපේ ගෘප් එකට කියන්නම් ඔය ටික 😍😍

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks bro patta Ela

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login