The title of the page
7.9
96

When The Whether Is Fine (2020) E16 END Sinhala Subtitle | දීර්ඝ ශීතකාලයකට පසු | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අවසාන එපිසෝඩ් එකත් ගෙනාවා.

මේ එපිසෝ එකෙන් කතාව ඉවරවෙනවා. අපේ කතා නායිකාව වෙන හේ වොන් සෝල් වලට යනවා. යුන් සොප් හේචොන් වල තනිවෙනවා. හේ වොන්ගේ නැන්දාගේ පොත එළිදක්වනවා.ශීත කාලය අවසන් වෙලා හේචොන් නගරයට වසන්තය එනවා. වටපිටාව වෙනස් වෙනවා.

ඉතින් හේ වොන් හේ චොන් එයිද? නැවත යුන් සොප්ව හමුවෙයිද? ම්යොන්ග් යෝටයි, ම්යොන්ග් ජූටයි මොනවා වෙයිද? ජැන්ග් වූ ටයි යුන් සිල්ටයි මොනවා වෙයිද? මේ සේරම අවසාන එපිසෝඩ් එක බලලා දැනගන්න පුළුවන්.

එපිසෝඩ් 16ක් දිග මේ කතාව හරිම සෞම්‍යයි කියලා කියන්න පුළුවන්. මේ කතාවේ දෙබස් පවා අඩුවෙන් තිබ්බේ. පොත් එක්ක ගෙතුනු කතාවක් නිසා හැම එපිසෝඩ් එකකම වගේම පොතකින් උපුටාගත්ත ලස්සන සාහිත්‍යම පදපේලී කීපයක් තිබ්බා.

විවිධාකාර චරිත ඔස්සේ ජීවිතයට ගත හැකි උපදෙස් කීපයක්ම මේ කතාවේ තියෙනවා.

හේ වොන් ලොකු කලකිරීමකින් එයාගේ රස්සාවත් අතහැරලා සෝල් වලින් එන්නේ, එයා ළමයින්ට උගන්වන්න සුදුසු නෑ කියලා තමා එයා හිතන්නේ. නමුත් නිවාඩුවකට පස්සේ සෝල් වලට ගියාම තේරෙනවා එයාගේ ජිවිතේ එයා හිතපු තරම් නරක නෑ කියලා. එයාට තිබ්බා දුෂ්කරතා නිසා එයා ආස දේවලුත් එයාට එපා වෙලා තිබ්බේ කියලා හේ වොන් තේරුම් ගන්නවා.  ඒ වගේම හේ වොන් බෝ යොන්ග්ටත් අවස්ථාවක් දෙනවා.

තමන් වෙතින් සතුට ගිලීහී ගියාම දුක් වෙන්න වෙන නිසා සතුටු වෙන්න බයෙන් හිටිය යුන් සොප්ට ආයෙම සතුටු වෙන්න පුළුවන් වෙනවා. යුන් සොප් වෙනදට වඩා හොදට එයාගේ හැගීම ප්‍රකාශ කරනවා.
මුලදී තමන්ගේ වැරද පිළිගන්න අකැමැත්තෙන් ඒක වැරදි වැටහීමක් කියලා කියන බෝ යොන්ග් අවසානයේදී තමන්ගේ වැරැද්ද පිළිගන්නවා.

කෙනෙක් නොහිතා පිටකරන වචන වලින් තව කෙනෙක්ගේ ජීවිතයට මොනතරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද කියලා මේ කතාවෙන් අපිට පෙන්නනවා.

ජීවිතය ගැන ලස්සන පාඩමකින් තමා කතාව අවසාන වෙන්නෙත්.
එහෙනම් තවත් ලස්සන කතාමාලාවකින් හමුවෙමු.
හැමෝමට බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

7 comments

  1. ඔක්කොම episodes වලට sub ලබා දුන්නාට බොහොම ස්තූති.🙏 තවත් ලස්සන කොරියන් drama එකකට sinhala sub ඉක්මනින්ම ගේන්න හොදේ🤗

  2. Thank you so much for the subtitles

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සීරීස් එකම කම්ප්ලීට් කරාට ස්තූතියි මංචනායක නෝනා! අද තමයි සීරීස් එකම ඩවුන්ලෝඩ් කරලා වීඩියෝවයි සබයි දෙකම බලන්න පටන් ගන්නේ. ස්තූතියි ඈ.

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තැන්ක් යූ සබ් ගෙනාවට මේ ඩ්‍රාමා එකට

  5. ගොඩක් ස්තූතියි ඩ්‍රාම එක කම්ප්ලීට්ම සබ් දුන්නට ..තවත් ලස්සන ඩ්‍රාම එකකින් ආයි හම්බෙමු

  6. thank you for all episodes

  7. ස්තූතියි මචන්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login