The title of the page
Werewolf by Night Sinhala Subtitle
Werewolf by Night Sinhala Subtitle
7.8
92
96

Werewolf by Night (2022) Sinhala Subtitles | “මිනිස් වෙස් යට සැඟවුණු මෘගයා” | සිංහල උපසිරැසි සමඟ

(Werewolf by Night (2022) Sinhala Subtitles) (Werewolf by Night Sinhala Subtitle) (Werewolf by Night 2022 Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම,ඉතිං උණු උණුවෙන්ම සබක් අරගෙන අදත් ආවා ඔන්න…ඉතිං ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් මං වෙනුවෙන් අපේ දුලාන් රන්දික සහෝදරයා ඔයාලට ගෙනල්ල තියනව…

දුලාන් රන්දික සහෝදරයාගෙ ලිපිය,

WereWolf By Night

Action/Comady/Adventure

‌Imdb 8.1/10

⏯️Director- Michael Giacchino

⏯️Writers – Heather Quinn,  Peter Camer

                     Gerry Conway

⏯️Cast – Gael García Bernal,Laura Donnelly

                Harriet Sansom Harris

සෑහෙන කාලයක් තිස්සෙ.බලාපොරොත්තු  ගොන්නක් එක්ක Marvel ප්‍රේක්ෂකයො  බලාගෙන හිටපු වෙනසක් ලේ පිරිච්ච්  මිනිස්සුන්ගෙ  රාත්‍රියක්..Early Review  වල උඩින්ම ඉන්න Movie  එකක්.හරි අපි දැන් කතාව පැත්තර හැරෙමු….

ලයිකාන්ත්‍රෝප් කියන්නෙ සුපිරි වීරයෙක්..(ඔව් ඔව් ඔයාලට හිතෙන දේ හරි) ෆිල්ම් එකේ  නමත් ඒකමනෙ. ලයිකාන්ත්‍රෝප් කියන්නෙ Werewolf කෙනෙක්.ඒ කියන්නෙ මිනිස් වෘකයෙක්.ලේ පිපාසිතයෙක්.සාමාන්‍යයෙන් සුපිරි වීරයෝ මොකද කරන්නෙ.නපුරට එරෙහිව සටන් වදින එකනෙ.ඔව් මෙයත් ඒ වගේ කෙනෙක් තමා.දැන් ප්‍රශ්නයක් එනව නේද මිනිස් වෘකයෙක් කොහොමද  මිනිස්සුන්ට උදව් කරන්නෙ කියල.Teen Wolf බලල තියෙනවා නේද.ඒකෙ ස්කොට්  කියන TeenWolf  මතකද ස්කොට් කරන්නෙත් මිනිස්සුට උදව් කරපු එකනෙ.අන්න ඒවගේ  ලයිකාන්ත්‍රෝප් කියන මිනිස්  වෘකයෙකයත් කරන්නෙ තමන්ට තියෙන හැකියාව භාවිතාකරල මිනිස්සුන්ට උදව් කරන එක..ලයිකාන්ත්‍රෝප් කොහොමද මිනිස්වෘකයෙක් උනේ.ඇයි මිනිස්සුන්ට උදව් කරන්න තෝරගත්තෙ.ඇයි මිනිස්සුන්ට පහර දෙන්නැත්තෙ.ඒවට මං උත්තර දෙන්න ගියොත් මුළු ෆිල්ම් එකම Spoile වෙනවා.ඒ නිසා ඒගැන නොකිය ඉන්නම්.දැන් බලමු මේක කොහොමද Marvel  විශ්වයට සම්බන්ධ වෙන්නෙ කියල.

             

       Jack Russell as Werewolf by Night

Art by Greg Land

The Werewolf by Night සාමාන්‍යයෙන් වෙනත් චරිත විසින් සරලව Werewolf කෙනෙක් හෙවත් මිනිස් වෘකයෙක් විදිහට හැඳුන්වන්නෙ Marvel Comics විසින් ප්‍රකාශයට පත් කරන ලද American Comic Book  සඳහන් වන  වෘකයන්   සම්බන්ධ ප්‍රබන්ධ චරිත දෙකකට යෙදෙන නමයි. Werewolf By  Night ගේ හෙවත් Jack Russell,  ප්‍රථම වරට පෙනී සිටින්නේ Marvel Spotlight #2 (පෙබරවාරි 1972)  නිකුත් වු Comic Book එකේ  දෙවෙනි වර පෙනී සිටින්නේ Jake Gomez    Werewolf  විදිහට Werewolf Night #1 (ඔක්තෝබර් 2020) නිකුත් වෙච්ච Comic Book  එකේ.

Marvel  Comic වෙනුවෙන්  Russell ගේ චරිතෙ  Creaters ල වෙන්නෙ Roy Thomas Jean Thomas,Gerry Conway, MikePloog ඒවගේම තමයි Gomez ගෙ චරිතෙ Creaters ල වෙන්නෙ  Taboo, Benjamin Jackendoff,cot Eaton.ඔන්න ඔය විදිහට තමයි Werewolf By Night Comic Book එකට ආවෙ.අපේ කතාවෙ කතා නායකයා ඒ කියන්නෙ ලයිකාන්ත්‍රෝප් ගෙ විශේෂ හැකියාවන්  පොඩ්ඩක් බලමු.Comic  වලට අනුව විශේෂ හැකියාවන් ටික තමයි..Superhuman strength මේක ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ ඊටත් වඩා මේක සිංහලෙන් දැම්මාම එච්චර ගතියක් නෑ.සුපිරි වේගය,සුපිරි දරාගැනීමේ ශක්තිය,කාර්‍යශූර බව,වේගවත් සුවවීමේ හැකියාව ප්‍රධාන වශයෙන් ගන්න පුලුවන්..ඊට අමතරව හැම මිනිස් වෘකයෙකුටම තියෙන පොදු සාධකය රේසර් දත් සහ නියපොතු වර්ධනය වීමත් දැකිය හැකියි..

සඳමින් හර්ෂණගෙ මල්ලිගෙ ආරාධනාවකට  අනුව මේ ලිපිය ලියන්න ගත්තෙ අද(7) රෑ.ටිකක් රෑ වෙනකම් ලිව්වා මේ විස්තරේ හරි. තවම  මට Movie  එක බලන්න උනේ නෑ ඒ නිසා ලිපිය පෙලගැස්වීමේ අඩුපාඩු තියෙන්න පුලුවන් ඒ ගැනත් සමාව ඉල්ලන ගමන් House Of The Dragon Eposode 8 වල ලිපියෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා..

ඉතිං ඒ එයාගෙ විස්තරේ…දුලාන් සහෝදරයාටත් බොහොම ස්තූතිවන්ත වෙනවා මං වෙනුවෙන් ලිපිය නිර්මාණය කළාට…එයා ඉස්සරහට අදාළ ලිපියෙන් හම්බවේවි…මමත් ඔයාලව තව සබ් එකකින් හම්බවෙන්නම්..

එතකල් සියලු දෙනාට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

9 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Dennatama thank …..
      menna niyama film set ekak
      sub denna puluwan neda….

      Request :
      The Greatest Beer Run Ever (2022)
      Hocus Pocus 2 (2022)
      Bandit (2022)
      Significant Other (2022)
      Hellraiser (2022)

    • බොහොම ස්තූතියි ..🙏🙏🙏

  2. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. Bhashitha Muthukumarana

    Thank you for the Subtitles file.

  4. හිෂාන් සමරසිංහ

    Wow! හිතුවේ නෑ මෙච්චර ඉක්මණට දායි කියලා… උඹලා නම් සුපිරියි. Thanks බං.

  5. Well done bro…

  6. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Thanks brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login