The title of the page
8.4
98

Weightlifting Fairy Kim Bok-joo (2016) E16 END Sinhala Subtitles | බර උසුලන සුරගන කිම් බොක් ජු | සිංහල උපසිරැසි සමඟ

Weightlifting fairy Kim Bok Joo

බර ඉසිලීමෙ සුරගන කිම් බොක් ජූ

Information

Genre –    Sports, Coming-of-age, Romantic comedy

Created by – Han Hee

Written by – Yang Hee-seung

Directed by – Oh Hyun-jong

Starring –  Lee Sung-kyung, Nam Joo-hyuk, Lee Jae-yoon, Kyung Soo-jin

Composers – Kim Joon-suk, Jung Se-rin

Country of origin – South Korea

Original language – Korean

No. of episodes – 16

Executive producers – Oh Min-soo, Kim Sang-heon

Cinematography – Lee Jin-duk, Kim Sun-chul, Park Hwa-jin

Editor – Oh Sere-na

Camera setup – Single camera

Running time – 60 minutes

Production company – Chorokbaem Media

Distributor –  MBC

Cast – කාස්ට්

Lee Sung kyung(ලී සන්ග් ක්යොන්ග්) කිම් බොක් ජූ ලෙස

බර ඉසිලීමට උපතින්ම හැකියාව ඇති ධෛර්යමත් මිත්‍රශීලී ක්‍රිඩා විශ්වවිද්‍යාල සිසුවියක්. කලින් බර ඉසිලීමෙ ක්‍රීඩකයෙක් වන ඇගේ තාත්තා සමග ජීවත් වන ඇය තාත්තාගෙ අඩි පාරෙම ගමන් කරනවා. ඇය පිරිමි ළමුන් ඉදිරියේ ලැජ්ජා, කුලෑටි ලෙස හැසිරෙන නමුත් ඇයව පොලඹවන පිරිමි ළමුන්ට ප්‍රාහාර දෙන්න ඇය පසුබට වන්නෙ නැ. ඒ වගේම ඇය ඇගේ යාළුවන් වෙනුවෙන් පෙනී සිටින ගැහැණු ළමයෙක්. ඇගේ ශක්‍තිමත් පෞරුෂය නිසා ඇගේ අනාරක්ෂිත, දුර්වල හදවත අන් අය දකින්නෙ නැත.

Nam Joo hyuk(නම් ජෝ හ්යොක්) ජොන් ජුන් යොන්ග් ලෙස

 ඔහු ප්‍රීතිමත් පෞරුෂයක් ඇති බොක් ජුගෙ විශ්වවිද්‍යාලයේම සිටින දක්ෂ පිහිණුම් සිසුවෙක්. ජුන් යොන්ග් සහ බොක් ජූ පෙර පාසල් කාලයෙ මිත්‍රයන් වේ. ඔහුගෙ දෙමව්පියන් වන්නෙ ඔහුගෙ මාමා සහ නැන්දාය, ඔහුගෙ මව ඔහු හැරදා වෙන විවාහයක් කරගත් නිසා ඔහු කම්පන තත්වයකින් පීඩා විදිනවා. මේ නිසා ඔහුට තරග වලදී තරගය නිවැරදි වේලාවට ආරම්භ කිරීමෙ අපහසුවක් ඇත.

Kyung Soo jin(ක්යොන්ග් සූ ජින්) සොන්ග් සී හෝ ලෙස

බොක් ජූගෙ රූම්මේට් එමෙන්ම ජුන් යොන්ග්ගෙ කලින් පෙම්වතිය. ඇය තවමත් ජුන් යොන්ග්ට කැමැත්තෙන් සිටින අතර බොක් ජූගෙ සහ ජුන් යොන්ග්ගෙ සමීප සබදතාවට ඊරිසියා කරයි.

Lee Jae yoon(ලේ ජේ යූන්) ජොන්ග් ජේ යී ලෙස

ජුන් යොන්ග්ගෙ වැඩිමහල් සහෝදරයා වේ, ඔහු ඉතාමත්ම කරුණාවන්ත සෞම්‍ය ගති පැවතුම් අයෙක් වේ. මොහු බොක් ජූ ගෙ ප්‍රථම ආදරය මොහුයි.

එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු,

කිම් බොක් ජූ හන්ල් ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ ඉතාමත් දක්ෂ බර ඉසිලීමෙ ක්‍රීඩිකාවක් වන අතර, ඇය සහ ඇගේ යාළුවන් පිරිමි ළමුන් ජනප්‍රිය නොවන අතර ඔවුන්ට පෙම්වතුන්ද නොමැත.

ජුන් යොන්ග් එම විශ්ව විද්‍යාලයේම දක්ෂ පිහිණූම් ක්‍රීඩකයෙක් වන අතර, කුඩා කාලයේ ඔහුගෙ මව ඔහුව වෙනත් විවාහයක් කරගෙන ඔහුගෙන් වෙන් වෙන නිසා ඔහුට කම්පන තත්වයක් හටගෙන ඇත. මේ කම්පන තත්වය නිසා ඔහුට නිවැරදි වෙලාවට තරගය ආරම්භ කිරීමට අපහසු වෙනවා.

අපේ කතා නායකයයි කතා නායිකාවයි හම්බවෙන්නෙ අනතුරක් නිසා, අනතුරක් කිව්වට ලොකු අනතුරක් නෙමේ පොඩි එකක්. මේ වෙලාවෙදි ජුන් යොන්ග්ගෙ ලෙන්සුව එතන වැටෙනවා, ඒක බොක් ජූ දකිනවා. ඉතින් මේ ලෙන්සුව නිසා බොක් ජු ජුන් යොන්ග් ගැන වැරදි වැටහීමක් ඇති කරගන්නවා. මේ වැරදි වැටහීම නිරාකරණය වුනාට පස්සෙ දෙන්නා දැනගන්නවා මේ දෙන්නා එකම පෙර පාසලට ගිහින් තියෙන්නෙ කියලා. ඉතින් මෙතන ඉදන් තමා මේ දෙන්නගෙ කතාව පටන් ගන්නෙ.

එදා ඉදන් ජුන් යොන්ග් බොක් ජූට විහිළු කරනවා, බොක් ජූ මේකට අකැමති වුනත්, ජුන් යොන්ග්ට නම් මේක හරි විනෝදයක්. ඉතින් අපේ බොක් ජුයි, ජුන් යොනුයි ගෙ මිත්‍රකමට මොකද වෙන්නෙ කියලා කතාව බලලා දැනගමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  2. Thank you ඔක්කොම සබ් දුන්නාට😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම.🤗

  3. CHATHUSHKA NIRMAL

    Thank you sister අන්තිම වෙනකම් සබ් දුන්නට. පුළුවන්නම් මේ සබ් දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES එකට සබි දෙන්න To the Beautiful You (2012)

  4. Thank you me drama ekata 🤗 puluwn nm 100 days kiyana drama ekata sub eka denna plz 😊

  5. මේ කතාව complete කරාට ගොඩාක් ස්තූතියි සිස්! තවත් කොරියන් ඩ්‍රාමා එකකින් හමුවෙමු! ජය වේවා!

  6. Sorry.., 100 days my prince

  7. Amilani darshika

    Anee fight for my way she was pretty 2 sub dennko plz

  8. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login