The title of the page
The Suicide Squad 2021 Sinhala Sub
The Suicide Squad 2021 Sinhala Sub
7.9
94
90

The Suicide Squad (2021) Sinhala Subtitles | “ලොවක් වෙනුවෙන් සටන් කරන සුපිරි දුෂ්ටයෝ” | සිංහල උපසිරැසි සමඟ [18+]

(The Suicide Squad (2021) Sinhala Subtitles)

ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.කවුරුත් නම කිවුව ගමන් දන්නවානේ මොකද්ද කියලා.ඒ තමයි suicide squad 2021 චිත්‍රපටය.මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ නේ.කතාව ගැන වැඩිය නොකියා මම ඒකේ පසුබිම ගැන ටිකක් කියන්නම්.පොඩි වෙලාවක් අරගෙන මේ ලිපියත් කියවලාම යන එක DC ෆෑන්ලට ගොඩක් වැදගත්වෙයි කියලා හිතනවා.ඔන්න එහෙනම් මම මුල ඉඳන්ම කියාගෙන යන්නම්කෝ. හැමෝම දන්නවා මේක අයිති වෙන්නේ DC සමාගමට කියලා.මේක කොමික් චරිත පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නෙ.කොමික් චරිත උනත් මේකට අදාල කරගෙන තියෙන්නෙ සුපිරි දුෂ්ටයන්ගේ චරිත තමයි.මොකද්ද මේ DC කියන්නේ DC කියන්නේ Ditective Comics කියන එක.මේක මුලින්ම ආරම්භ වෙන්නෙ Malcolm Wheeler-Nichols අතින් වගේම ඒ 1934 දි.මේක යටතේ කොමික් නිර්මාණශිල්පීන් 230ක් විතර ඉන්නවා කියලා සඳහන් වෙනවා.මේක පස්සේ සිනමාවට සහ වීඩියෝ ක්‍රීඩා යන පැතිකඩයන් දක්වා විශාල වෙනවා.මේ චිත්‍රපටයට අදාල වෙන ගොඩක් චරිත Bat Man ගේ සතුරන් වගේම තවත් දුෂ්ටයන්ගේ චරිත කීපයක්ම එකතු කරලා තියෙනවා.2016 නිකුත් උන චිත්‍රපටයට හාත්පසින්ම වෙනස් චිත්‍රපටයක් මේක.මුලින්ම Sucide squad කොමික් එකක් නිකුත්වෙන්නෙ 1959 ඒ : The Brave and the Bold #25 කියන වෙළුම.මේක නිර්මාණය වෙන්නේ Robert Kanigher; Ross Andru; යන අය අතින්.මේකට පාදක කරගෙන තියෙන චරිත ගැන මම පොඩි පැහැදිළි කිරීමක් පහලින් කරන්නම්.

♦ Harley Quinn

Harley Quinnගේ යටගියාව කලින් නිකුත් උන suicide squad සහ birds of pray චිත්‍රපට දෙකෙන් බලාගන්න ලැබුනානේ.මේ චරිතය නිර්මාණය කරන්නේ, Paul Dini; Bruce Timm,විසින්.මුලින්ම දකින්න ලැබෙන්න Bat man animated series එකෙන් තමයි.හාර්ලිගේ සාමාන්‍ය නම තමයි,Harleen Frances Quinzel,ජෝකර් හාලිට කරන පීඩාකාරී වෛද්‍ය සත්කාරය නිසා තමයි හාර්ලීන්,”හාර්ලි”බවට පත්වෙන්නෙ.හාර්ලි කියන්නෙ නිතරම කුළුපග වෙන්න කැමති සහ මිත්‍රශීලී බවක් දක්වන කෙනෙක්.හාර්ලිට බොහෝ වෙලාවට විකුර්තික මනසක් තියෙනවා කිවුවට හාලි කියන්නේ හරිම බුද්ධිමත් කෙනෙක්.. එයාගේ බහු පෞරුෂත්ව ලක්‍ෂණ නිසා එයා Dc කොමික්වල වඩාත් විශේෂ වගේම බොහෝ ජනාදරයට පත් චරිතයක් බවට පත්වෙලා තියෙනවා.මේ චරිතයට පණ පොවන්නේ ඉතිං Margot Robbieම තමයි,වෙන කෙනෙක් ගැලපෙයි කියලත් මම නං හිතන්නෙ නෑ.

♦ Bloodsport

Bloodsport කියන්නෙත් DC එකේ දකින්න පුළුවන් විශේෂ දුෂ්ට චරිතයක්.මුලින්ම Bloodsport පේන්න එන්නෙ Superman vol. 2, #4 (April 1987) කියන කොමික් පොතෙන්.මේ චරිතය නිර්මාණය කරන්නේ Geoff Johns, John Byrne, Karl Kesel,කියන කොමික් චිත්‍රශිල්පීන් තමයි.මෙයාගේ හැකියාවන් වෙන්නෙ,සැළකිය යුතු මට්ටමේ ශක්තියක් තිබීම,දීර්ඝ කාලයක් සටන් කිරීමට ඇති හැකියාව,ටෙලිපොටේශන් උපාංගයක් හරහා ගබඩාවක තිබෙන උසස් මට්ටමේ ආයුධ ලබාගැනීමට තියෙන හැකියාව වගේම ගිණි අවි,පිහි,සහ අතින් සටන් කිරීමට ඇති හැකියාව වගේ දේවල්.මේ චරිතයට පණ පොවන්නේ Idris Elba විසින්.

♦ Peacemaker

Peacemaker කියන්නේ මුලින්ම Charlton Comics හරහා නිකුත් උන පස්සේ DC ආයතනයෙන් ලබාගත්ත චරිතයක්.මුලින්න පේන්න එන්නෙ,Joe Gill සහ Pat Boyette අතින් නිර්මාණය උන,Fightin’ 5 #40 කියන කියන කොමික් පොත හරහා.මෙයා ඇත්තටම ගොඩක් නරක කෙනෙකුත් නෙවෙයි.මෙයා කරන්නේ මෙයාගේ සුපිරි බලයන් පාවිච්චි කරලා සාමය ඇති කරන්න උත්සාහ කරන එකයි.ඒ වගේම මෙයා භාවිතා කරන්නේ කාටවත් හානියක් නොවෙන විදිහේ ආයුධ.මේ චරිතයට පණ පොවන්නේ කවුරුත් දන්න John Cena.

♦ King Shark

මෙයා ටිකක් වෙනස් කෙනෙක් මෙයා එන්නෙ Aquamanගේ විරුද්ධවාදියෙක් විදිහට.මෙයාව නිර්මාණය කරන්නේ Karl Kesel විසින් වගේම මෙයා මුලින්ම එන්නෙ Superboy #9 කොමික් පොත හරහා.මේ චරිතයට පණපොවන්නේ කවුරුත් දන්න Sylvester Stallone විසින්.

♦ Polka-Dot Man

Polka-Dot Man කියන්නේ කෙලින්ම Bat Manගේ හතුරෙක්.මෙයා මුලින්ම පේන්න එන්නෙ Detective Comics #300 (February 1962) කියන කොමික් පොතෙන්.මෙයාව නිර්මාණය කරන්නේ Bill Finger සහ Sheldon Moldoff විසින්.මෙයාට තියෙන බලය තමයි මෙයාගේ ඇඳුමේ තියෙන පොල්කා තිත් එක එක දේවල් බවට පරිවර්තනය කරන්න මෙයාට පුළුවන්.මේයාගේ චරිතයට පණපොවන්නේ David Dastmalchian.

♦ Weasel

මෙයාට තියෙන හැකියාව තමයි වේගයෙන් වැඩ කරන්න පුළුවන්කම සහ හොඳ සටන් කිරිමේ හැකියාවක් තියෙනවා.මේ චරිතයට පණ පොවන්නේ Sean Gunn විසින්.මෙයා මුලින්ම එන්නෙ The Fury of Firestorm #35 (August 1985) කියන වෙළුමෙන් වගේම මෙයාව නිර්මාණය කරන්නේ, Gerry Conway සහ Rafael Kayanan විසින්.

♦ Captain Boomerang

මෙයා මුලින්ම එන්නෙ The Flash #117 කොමික් පොතෙන්.මෙයාව නිර්මාණය කරන්නේ,John Broome සහ artist Carmine Infantino විසින්.මෙයාගේ හැකියාවන් තමයි.මෙයාට marksman තුවක්කු හොඳට පාවිච්චි කරන්න පුළුවන් වගේම,හොඳ සටන්කාමියෙක් වගේම බූමරංගයෙන් හොඳ වැඩකෑලි දාන්න පුළුවන්.මේ චරිතයට පණපොවන්නේ Jai Courtney.

♦ Katana

Katana කියන්නෙ සමුරායි සටන්කාරියක් වගේම යුක්තිය වෙනුවෙන් විතරක්ම සටන් කරන්න පුළුවන් කඩුවක් තමයි මෙයාට තියෙන්නෙ.මුලින්ම අප අතරට එන්නෙ The Brave and the Bold #200 (July 1983) කියන කොමික් පොත හරහා.මෙයාව නිර්මාණය කරන්නෙ Mike W. Barro සහ Jim Aparo විසින්.මෙයාට පණපොවන්නේ Karen Fukuhara විසින්.

♦ Mongal

මෙයා යුද්ධ කරලා ලෝක අත්පත් කරගන්න කෙනෙක්.මෙයා බලවත් යුධ අධිපතියෙක් වෙන Mongulගේ දුව වෙනවා.

Ratcatcher

මෙයා Bat Manගේ සතුරෙක් විදිහටයි එන්නෙ.මුලින්ම එන්නෙ Detective Comics #585 (April 1988) කියන කොමික් පොත හරහා.මෙයාට මීයන්ගේ හමුදාවක් එක්ක කතා කරන්න වගේම එයාලව පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

ෆිල්ම් එක ගැන කිවුවොත්,

මේකට මන් මේ ලිපිය ලියන වෙලාවේ,7.9/10 IMDb අගයක් වගේම,96% Rotten Tomatoes අගයක් සහ 77% Metacritic අගයක් වගේම 90% ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරන්නේ James Gunn විසින්.එහෙනම් ෆිල්ම් එක රසවිඳලා කමෙන්ට් එකක් දාලා යන්න.එහෙනම් ජයවේවා.!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

11 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් අනිවාර්යයෙන්ම බලනවා ඒ වගේම smallville සීසන් වලටත් මේ වගේම සබ් දෙන්න .

  2. තෑන්ක්ස් නිපුනා..😙😍

  3. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thanks jayawewa….!

  6. ade thq bn . machan la ubalta pulvnm kauru hari innvanm admin kenk . (911 tv series) ekta sub denna plz maru story ekak tyne eke

  7. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරිම සුපිරි බං. ලිපියත් පට්ට. ෆිල්ම් එක බැලුවා. ගොඩක්ම ස්තූතියි මල්ලී

  8. සබ් එකට තෑම්ක්ස් සහෝ ❤️

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Ado bn Flash anthima Season ekata sub denna puluwanda loku udawwak…season 8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login