The title of the page
Warrior Nun (2022) S02E07 Sinhala Subtitles
Warrior Nun (2022) S02E07 Sinhala Subtitles
6.9

Warrior Nun (2022) S02E07 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

Warrior nun පලවෙනි කතාමාලාව 2020 ජුලි 2 වෙනිදා නිකුත් කලාට පස්සෙ මේකෙ අවසානෙ කුතුහලයක් තියලා අවසන් කලා. ඒ දෙවනි කතාමාලාවකට පාර කපලා.

කෙටියෙන් මේ කතාමාලාව ගැන කිව්වොත් මේකට පාදක වෙලා තියෙන්නෙ Warrior Nun Areala කියන බෙන් ඩන් විසින් රචනා කරන ලද කොමික් පොත. සයිමන් බැරී තමා මේක Tv series එකක් විදිහට නිර්මානය කලේ. Drama , Superhero ,Supernatural Fiction , Occult Detective Fiction කියන ඒවට අයත් වෙන මේ කතාමාලාව Netflix හරහා තමා නිකුත් උනේ. පලවෙනි කතාමාලාව කොටස් දහයකිනුත් , දෙවන කතාමාලාව කොටස් අටකිනුත් English , Spanish භාශා දෙකෙන්ම නිකුත් උනා.

ලවෙනි කතාමාලාව ගැන වැඩි විස්තරයක් නැතුව කිව්වොත් Ava කියන්නෙ ඇවිදින්න බැරුව හිටපු අනාත කෙල්ලෙක්. පල්ලියක තමා හැදුනෙ. පල්ලියෙ සිස්ටර් විශක් දීලා මෙයාව එලොව යැව්වත් පරන පිනකට මෙලොවට එන්න වෙනවා. ඒ හිතාගන්න බැරි බලයක් එක්ක. ආපු විදිහ පලවෙනි Season එක බැලුවනං දන්නවනෙ. මේකෙන් මෙයාට Warrior nun කියන රණශූර සටන් පුහුනුවුනු කන්‍යා සොහොයුරියන්ගෙ කන්ඩායමකට එකතු වෙන්න අවස්තාව ලැබෙනවා. Warrior nun ලට එකතු වෙන්න කියලා එයාට කිව්වට මෙයාට ඒකට කිසිම කැමැත්තක් නෑ. ඒත් හැමදෙයක්ම තේරුම් අරන් Ava Warrior nun ලට බැදෙනව. කොහොම හරි සිද්දි දාමයකට පස්සෙ දැනගන්නවා හිටපු කන්‍යා සොහොයුරියන්ට බලය දීපු හෝලෝ එකේ අයිතිකාරයා දේවදූතයෙක් නෙමේ කියලා. Ava ගෙ මාර්ගයෙන් එයා හිරකරපු තැනින් එලියට එනවා. කොහොම හරි අන්තිම සටනෙදි මරියව යක්ශන්ගෙ වසගයට ආපු මිනිස්සු එයාව වටකරගන්නවත් එක්කම පලවෙනි කතාමාලාව ඉවර වෙනවා.

ඇත්තටම එදා මොකද උනේ? මරියා ජීවතුන් අතරද? ඇඩ්‍රියල් එහෙම නැත්තං හෝලෝ එකේ අයිතිකාරයා මැරුනද? නැත්තං ජීවත් වෙනවද? එයාගෙ අනිත් ආම්පන්න වලට මොකද උනෙ? ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන තමා පලවෙනි කතාමාලාව බලපු අය දෙවනි කතාමාලාව බලන්න පටං ගන්නෙ. මේ කතාමාලාව පටං ගන්නෙ අවසාන සටන පටන් ගත්ත දවසෙ ඉදං මාස තුනකට පස්සෙ ඉදලා. එතකොට කන්‍යා සොහොයුරියෝ හැමතැනටම විසිරිලා ගිහින්. ඒ ඒ අය එක එක වැඩ කරගෙන තමන්ගෙ අවස්තාව එනකන් ඉන්නවා. මොකද්ද මේ අවස්තාව? ඒකට උත්තරේ මේ කතාමාලාව බලලා හොයාගන්න.

” මේ ආත්මෙදි හරි ලබන ආත්මෙදි හරි”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

4 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Thanks a lot saho sub ekata

  3. thanks ……………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login