The title of the page
Warrior Nun (2022) S02E08 (END) Sinhala Subtitles
Warrior Nun (2022) S02E08 (END) Sinhala Subtitles
6.9

Warrior Nun (2022) S02E08 (END) Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාලුවනේ මගේ 298වැනි උපසිරැසිය විදිහට මම අරන් එන Warrior Nun සීරීස් එකේ මට භාරවෙලා තියෙන අවසාන එපිය අරන් තමයි ආවේ. මට භාරවෙලා තියෙන අවසන් එපිය වගේම සීසන් 02 එකෙත් අවසානම එපිය තමා මේ. කියන්න දෙයක් නෑ නේ, පට්ට සීරීස් එකක්. දෙපිලකට බෙදිලා මරාගත්ත අපේ මාර්වල් සහ ඩීසී කොමික් සෙට් දෙකට රණ්ඩු නොවී බලන්න පුලුවන් කොමික් එකක් තමයි මේ. බැලුවට වැඩක් නෑ, මේ එපියටවත් කමෙන්ට් එකක් නොලියා ගියොත්නම් ඉතිං ඈ! ඒ වගේම අපේ සයිට් එකේ වීඩියෝ පිටපතත් දෙන නිසා හරිම ලේසියි ඔයාලට. ඒ නැතත් ඕනෙම වෙබ් කොපියකට මේ සබ් එක ගැලපෙනවා. මම චෙක් කරලා තියෙන්නේ. පුලුවන් තරම් 720P කොලිටියට එහා වීඩියෝ එකක් එක්කවත් බලන්න. එතකොටයි රස

ඔයාලා හිතුවේ හැලෝ එකේ බලයෙන් ඇඩ්‍රියල්ව මරයි කියලද? නැත්නම් මයිකල් එයාව මරයි කියලද? එහෙමත් නැත්නම් “ඒවා” එයාව මරාවි කියලද? ඒ තුන්දෙනාම අපේ “සර්” වගේ ෆේල් වෙනවා හැබැයි. ඒත් එයාව විනාශ කරන්න ක්‍රමයක් නම් කෙනෙක් හොයාගන්නවා. බලන්නකෝ, මාරම අවසානයක් ඈ. ඒ වගේමයි, නියම ලයිව් ඇනිමේශන් ටිකක් තියෙනවා. හැබයි අවසානේ අපිට හිතන්න දෙයකුත් ඉතිරි කරනවා මෙයාලා. අපි නරකයි කියලා දකින කෙනා නරකමද? හොඳයි කියන කෙනා හොඳමද? අපි නොදන්න යමක් අපෙන් හංගලා තියෙයිද? මේ ප්‍රශ්නෙ විසඳුනොත් ඉදිරියේ එන්නේ මොන වගේ දෙයක්ද? අම්මෝ මට නම් ප්‍රශ්න ගොඩක් ආවා. ඔයාලත් බලන්නකෝ, නොහිතන අවසානයක් එක්ක පට්ට කතාවක් තමා අද මෙහෙම අවසන් වෙන්නේ.

තව උපසිරැසි 2කින් මම කඩයිමකට එනවා. ඒ කඩයිමට දෙන උපසිරැසිය නම් ලෑස්තියි. මේ එපියෙන් පස්සේ මම හිතන් ඉන්නේ ෆිල්ම් එකක් දෙන්න.මේ මාසෙම 300 ඉවර කරන්නයි සූදානම. එහෙනම් බලමු. මම උත්සාහ කරනවා. මේ උපසිරැසි කරන්න මාව යොමුකරපු සදහම් මගේ පුතාව ආදරෙන් මතක් කරන ගමන්ම ඔයලට බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. Episode 01 ඉඳලා මේ අවසානය වෙනකම් උපසිරසි සැපයූ සිනෙරු පව්ලේ සියළුම දෙනාට බොහොමත්ම ස්තූතියි..🤟

  2. thanks ………………..

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  4. ඉක්මනින්ම 300 ගහන්න හැකිවේවා…..❤️❤️❤️❤️❤️

  5. Thanks a lot saho sub ekata

  6. fattama site ekak mekanm…. elama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login