The title of the page
Warm Bodies 2013 Sinhala Sub
Warm Bodies 2013 Sinhala Sub

Warm Bodies (2013) Sinhala Subtitles |උනුසුම් හදවත්|සිංහල උපසිරැසි සමග|

අායුබෝවන් හැමදෙනාටම. අදත් උපසිරැසියක් අරන් අාවා. කලින් එක වගේම මේකත් අලුත් එකක් නෙවේ. මේ දවස්වල ලෝකෙ අැතිවෙලා තියන තත්තවය එක්ක මේ ගැන ගොඩක් අය නැවත කතා කරනවා මම දැක්ක, සමාජ ජාලාවල පවා. ගොඩක් අය බලල අැති, දැනගෙනත් මගහැරුනු අය වගේම අලුතින් චිත්‍රපට බලන්න පටන්ගත් අයත් අැති. ඉතිං එ් හැමෝම වෙනුවෙන් තමයි මේක. නම warm bodies 2013 (Warm Bodies 2013 Sinhala Sub)
න්‍යෂ්ටික විකිරණ හෝ වයිරසයක් හෝ නොදන්නා හේතුවකින් හටගත් අාසාදනයකින් මිනිසුන් මියයන්නට පටන් ගන්නවා. එහි අවදානම තමයි බෙහෙත් නැහැ, හැදුන අය අනිවාර්යෙන් මැරෙනවා, ඊටත් වඩා භයානක දේ මැරුනු අය නැවත නැගිටිනවා. ඊටත් වඩා භයානකම තර්ජනය නම්…… මම එ් ගැන කියන්න යන්නෙ නැහැ තවදුරටත්. මේකෙ වෙනමම අාදර කතාවකුත් ගලාගෙන යනවා. අාරක්ෂාව, අාහාර, බෙහෙත් අාදිය වෙනුවෙන් ජීවිත පරදුවට තියන්න මිනිසුන්ට සිදුවෙනවා. 
 චිත්‍රපටය: Warm Bodies 2013. 
 ශානරය: Horrer/Romance
 ධාවන කාලය: මිනිත්තු 98 ක්
 වර්ෂය: 2013 ජනවාරි. 
 අධ්‍යක්ෂණය: Jonathan Levine.
 ප්‍රධාන චරිත: Nicholas Hoult, John malkovich සමග Teresa Palmer.
 වියදම: එක්සත් ජනපද ඩොලර් මිලියන 35
 බොක්ස් ඔෆිස් අාදායම් වාර්තාව: එක්සත් ජනපද ඩොලර් මිලියන 117 ක්. 
 IMDB දර්ශකය: 6.9/10 ක්
 Rotten Tomatoes දර්ශකය: 81% ක්
එක්සත් ජනපද ලේඛකයකු සහ සංගීතඥයකු වන isaac marion මහතා විසින් රචිත අද්භූත සහ ප්‍රේමණීය ශානයරයන්ට අයත් warm bodies නමැති නවකතාව මුල් කරගෙන නිපදවුන warm bodies 2013 සලරුව එලිදැක්වූ දා සිට අද වනතෙක් ජනප්‍රියතාව එකම මට්ටමක පවතින චිත්‍රපටයක්. මෙහි Nicholas hoult ගේ රංගනය ඉතා හොඳ මට්ටමක අැති බවයි මගේ හැගීම. කොහොමටත් වැඩිදුර මම කතා කරන්න යන්නෙ නැහැ. අාරාධනා කරනව බලන්න කියලා. උපසිරැසිය Bluray පිටපත වෙනුවෙන් සකසා තිබෙනවා. එහෙමනම් හැමෝටම සුභ දවසක්. 
ජය..! 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

3 comments

  1. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ 😊👍

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Trouble (2019)
    Acceleration (2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login