The title of the page
aswathama 2020 sinhala sub

Aswathama (2020) Sinhala Subtitle| උන්මන්තක කාමරකුසා සොයා |සිංහල උපසිරැසි සමඟ

Aswathama 2020 sinhala subtitle
පොලව…

පොලවත් අම්ම වගේ ..
කොච්චර අමාරුකමක් උනත් දරාගන්නව…
කොච්චර බරක් උනත් උහුලගන්නවා..
සමහර මිනිස් වෙස් ගත්ත සත්තු…
ගෑනු අයට තමන්ගේ ශක්තිය පෙන්නන්න බලනවා…
සැබෑම ශක්තිය තියෙන්නෙ එයාලට දෙන්න මිසක..
එයාලට පෙන්නන්න නෙමෙයි…
පොලව බේරගන්න හැම ගෙදරකම ගහක් හිටවන්න කියනව..
එතකොට අම්ම වගේ ගෑනු අයව ආරක්ශා කරන්න…
මොන ගහක්ද හිටවන්නේ..?

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න මම සුපුරුදු විදියටම අදත් මේ වෙබ් අඩවියට ගොඩ වෙන්නේ 2020 වසරේ තෙලිඟු සිනමාවට එකතු වුනු අලුත්ම ත්‍රිලර් කාණ්ඩයේ චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙනයි.(aswathama 2020 sinhala sub)

චිත්‍රපටියේ නම තමයි Aswathama.මේ චිත්‍රපටිය තිරගත වුනේ පසුගිය ජනවාරියේ 31 වෙනිදා.ඉතින් එතැන් පටන් මේ චිත්‍රපටියට හොඳ සමාලෝචන ලැබෙනව දකින්න ලැබුනා.මේ වන විට IMDb දර්ශකය තුලත් 7.4 ල අගයක් ද ගූගල් පරිශීලකයන්ගෙ 94% ක මනාපයත් මේ සඳහා හිමිවෙලා තියෙනවා.Ramana Teja විසින් අධ්‍යක්ෂණය සිදු කල මෙහි විශේශත්වය වන්නේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙසින් එක්වන Naga Shaurya විසින් කතාව පෙලගැස්වීමයි.

ඉතින් Naga Shaurya එයාගෙ යාලුවෙක්ගෙන් අසන්නට ලැබුනු සත්‍ය සිදුවීමක් ඇසුරින් මෙ චිත්‍රපටිය හදල තියෙනව කියල තමයි කියන්නේ.ඉතින් Naga Shaurya ගැන කතා කරනවනම් මේ ඔහුත් තරමක ගැප් එකකට පස්සෙ ලබා දෙන චිත්‍රපටියක්.අවසාන වශයෙන් ඔහු සමගින් රශ්මිකා මන්දනා රංගනයෙන් යෙදුනු Chalo (2018) චිත්‍රපටිය තමයි අපිට සාර්ථක චිත්‍රපටයක් විදියට දකින්න ලැබුනේ.ඉතින් කොහොමවුනත් මේ චිත්‍රපටිය හරහා ධනාත්මක විදියක නැවත පැමිණීමක් ඔහුගෙන් දකින්න පුළුවන්.

ප්‍රධාන නිලිය ලෙසින් එක්වෙන්නේ කව්රුත් ආදරය කරන වර්තමාන තෙලිඟු සිනමාවේ තමන්නා වගේම මිල්කි බියුටි කෙනෙක් කියන්න පුළුවන් හැඩකාර Mehreen Prizada විසින්.ඉතින් ඇය මේ වසරේ ජනවාරිය තුලම රංගනයෙන් දායක වුනු තුන්වෙනි චිත්‍රපටිය මෙය වීමත් විශේෂත්වයක්.තවත් තෙලිඟු සිනමාවේ ඔබට නිතර හමුවන නලු , නිලියන් රැසක් මෙහි දකින්න ලැබෙනවා.

කතාව මෙහෙමයි.ගනා කියන්නෙ අපේ කතා නායකය.එයා නංගිගෙ ගිවිස ගැනීමට එනවා පිරට ඉදන්.ඉතින් මෙ කටයුතු කරල කසාදෙ කෙරෙන්නෙ තියෙනකොට එක දවසක් රෑ ගනා එලියට යනකොට දකිනව නංගි ගෙලවලලාගෙන මැරෙන්න උත්සහ කරනව දකිනව..ඉතින් මෙයා කාමරේට යනකොට එයා අඩාගෙන දොර අරිනව.ඉතින් මෙයා හේතුව අහනව මෙයාගෙන්.එයා කියන කතාවෙන් මෙයා පුදුම වෙනව.ලොකු අභිරහසක පටන් ගැන්ම එතනින් වෙන්නෙ.

කොහේට ගියත් මරනින් අවසන් වෙන පාරක…
එකිනෙකාට සම්බන්ධයක් නැති පුද්ගලයින්…
දඩයම් බල්ලො වගේ පස්සෙන් යන මාලුකාරයෝ ටිකක්..
සකුනි වගේ වයසක මිනිහෙක්.. මේ හැමෝම නිකම්ම නාට්ටියක චරිත නම්..,
මේ හැමෝම එකම වේදිකාවක නටවන සූත්තරකාරයා කවුද ..?

හැමදේම දැනගන්න බලන්න තෙලිඟු සිනමාවේ තවත් අපූරු ත්‍රිලර් චිත්‍රපටියක් එහෙනම්..මම ගිහින් එන්නම් තවත් උපසිරැසියක් අරගෙන හැමෝම පරිස්සමට ගෙදරට වෙලා ඉන්න ගමන් රසවිදින්න

පහලින් කමෙන්ට් එකකුත් දාන්න..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

29 comments

  1. Sthuthi sahooo…

  2. enakam bala bala hitiya film ekak thanks bro sinhala sube ekata jayawewa..

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි මචං 😊👍

  4. එලම බං ❤️💚👌🙏

  5. රැග්නා ලෝඩ්බ්‍රොක්--සිනමා ලෝකය - (Direct Link)

    තෙලිගු චිත්‍රපටියක් නම් ඉතින් මදුශාන් ප්‍රියන්කර සහෝ තමයි …
    ලොකු ලයින් නැති සුපිරි කොල්ලක් …..
    මුලින්ම සබක් දෙන්නේ cineru.lk නේ …
    ජය වේවා …………

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Elama maduwa❤️❤️

  8. Thanks for sub bro…. (happy wedding 2018 /oka manasu 2016) me films walata sub denna bro please…….

  9. ගොඩක් ස්තුතියි මචන්.

  10. Arawinda Sunimal

    thanks sub ekata – 1 anniversary suba pathum jayawewa………………..

  11. Janith Priyanath

    Ceneru Team එකේ ආසම එකා…😍😍 ආදරෙයි තෑනක්ස් සබට…ජය වේවා…!!

  12. Mata me fillm eke sub eka download karaganna puluwan eth mata fillm eka download karaganna bene ane eka kohomada karanne kiyala kiyala dennako

  13. Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login