The title of the page
war
6.5
6.9
91

War (2019) Sinhala Subtitles|ගුරු ගෝල සංග්‍රාමය|සිංහල උපසිරැසි සමඟ|

2019 අවුරුද්දේ ආපු අතිදැවැන්ත හින්දි චිත්‍රපටයක් තමා අද අරගෙන ආවෙ.. ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ෆිල්ම් එකක්…ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් Yash raj එකෙන් කරපු Box office Hit එකක්.. Thriller කැටගරි එකට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ.. Siddharth Anand ගෙ අද්‍යක්ශනයෙන් හා Aditya Chopra ගෙ නිශ්පාදනයෙක් හැඩ වෙන මේ War චිත්‍රපටය ඉන්දියානු සිනමාවෙ මේ වසරේ අතිදැවැන්ත චිත්‍රපටයක් වී හමාරයි..2019 ඔක්තෝබර් 9 තිරගත වීම ආරම්භ කල මේ අතිදැවැන්ත චිත්‍රපටය කෝටි 200 ක ආදයමකින් නිශ්පාදනය වූවක්.. චිත්‍රපටය ආරම්භක දිනයේ ජායාරූප කිහිපයක් තමා ඔය පහලින් තියෙන්නෙ..

අනිත් වැදගත් ම කාරණාව තමා මේ චිත්‍රපටයේ Cast එක.. ගොඩක් අය මේ චිත්‍රපටය පිළිබඳ ලොකු බලාපොරොත්තු තියාගන්න ලොකුම හේතුව තමා මේ Cast එකේ ඉන්න සුපිරි නළුවන් දෙන්නෙක් වෙන Tiger & Hrithik සුසංයෝගය.. ඉතින් ගොඩක් අයට තිබ්බ බලාපොරොත්තුවක් තමා මේ දෙන්නම එකම චිත්‍රපටයකින් ආවනම් කියන එක.. ඉතින් ඒ අයගෙ හීන මල්ඵල ගන්වමින් පැමිනි War චිත්‍රපටය මෙතරම් ජනප්‍රියවෙන්න ලොකුම හේතුවක් විදිහට මම මේ දෙන්නව දකිනවා..

War Movie Cast 

🔸Hrithik Roshan : කබීර් ලුත්‍රා 
🔸Tiger Shroff : කැප්ටන් කලීඩ් රහමානි
🔸Vaani Kapoor :නිනා හවල්කාර්
🔸Anupriya Goenka : අදිති
🔸Dipannita Sharma : මල්ලිකා සිංහල්
🔸Arif Zakariya : උත්පාල් බිස්පාස් 
🔸Ashutosh Kapoor : කර්නල් සුනිල් ලුත්‍රා 

ඔය වගේ ගොඩක් නළු නිළියන් මේ චිත්‍රපටය සදහා රංගනයෙක් දායක වෙනවා..

War චිත්‍රපටය ගැන මුළින්ම දැනගන්න ලැබුණෙ Yash Chopra ගෙ උපන්දිනය දවසෙ තමා මේ ගැන Announce කලේ…. ඒ වගේම Yash raj චිත්‍රපටයකට Tiger shroff රංගනයෙන් දායක වෙන පළමු අවස්ථාවද මෙයයි.. චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වුනේ 2019 july 15 වෙනිදා මේ පූර්ව ප්‍රචාරක පටය මිලියන 54 ආසන්න ප්‍රමාණයක් නරඹා තිබීමත් විශේෂත්වයක්..

ඒ වගේම සිංදු ගැන කතාකරොත් චිත්‍රපටයේ ගොඩක් ජනප්‍රිය වුන සිංදු දෙකක් තියනවා.. ගායනය සදහා Arjith Sing , Shilpa rao , Vishal Dadlani , Benny dayal වගේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් එකතු වෙනවා..චිත්‍රපටය Box office ආදයම් පිහිටවපු ෆිල්ම් එකක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.. War චිත්‍රපටයේ ගැන විස්තර ටිකක් අපි බලමු..

කෝටි 200 කට ආසන්න මුදලකින් නිශ්පාදනය කරපු මේ War චිත්‍රපටය කෝටි 450 කට ආසන්න ආදායමක් ලොවපුරා තිරගත කිරීමෙන් උපයාගෙන තියනවා..මේ නිසාම 2019 වසරේ වැඩිම ආදායමක් බලපු Hindi චිත්‍රපටය විදිහට War චිත්‍රපටය වාර්තා අතරට එකතුවෙනවා..

~ ඉන්දියානු ආදායම පමණක් කෝටි 400 ක් කියලා තමා ආරංචි වෙන්නෙ..

~ මෙතෙක් වැඩිම ආදායම් ගත් චිත්‍රපට 10 ඇතුලට War චිත්‍රපටයක් අලුතෙන් එකතුවීමත් විශේෂත්වයක්..

~ ලොව පුරා කෝටි 380 ක් උපයා තියෙන  කබීර් සිංග් එකයි , Uri එක උපයාගත් කෝටි 360 ත් War චිත්‍රපටය කෝටි 433 ක් උපයාගෙන තියනවා..

~ එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමාවේ හොදම ආරම්භය War චිත්‍රපටය සතුයි.. හින්දි වලින් කෝටි 51.60 ක් ද , විවිද භාෂා වලින් කෝටි 53.35 ක් ද උපයාගෙන තියනවා..

~ War චිත්‍රපටය ආරම්භක සති අන්තයේ පමණක් කෝටි 166 ක් උපයා ගන්න සමත් වෙනවා..

~ YRF හි Doom 3 , Tiger Zinda hai , Sultan , Thugs of Hindustan චිත්‍රපට වලින් පසු දින තුනක් ඇතුළත කෝටි 100 ආදායම පසු කල චිත්‍රපටය ද මෙය වෙනවා..

~ Hrithik Roshan ගෙ හොදම ආරම්භක චිත්‍රපටය ද මෙයයි..Bang Bang චිත්‍රපටය පළමු දිනයේදි කෝටි 24.40 ක් උපයාගත් අතර War චිත්‍රපටය එය මෙන් දෙගුණයක් උපයා ඇත..

~ Tiger Shroff ගෙ හොදම ආරම්භක චිත්‍රපටය ද War චිත්‍රපටයයි..පෙර Baaghi 2 කෝටි 25 ක් උපයා ඇත..

~ සිද්ධාර්ත් ආනන්ද් ගේ ඔහුගේ චිත්‍රපටයක් සදහා වැඩිම ආදායම මෙයයි..

~ YRF හි කෝටි 300 ආදයම් චිත්‍රපට අතරට War චිත්‍රපටයත් එකතු වී තිබීමත් විශේෂත්වයක්..මීට පෙර Sultan , Tiger zinda hai චිත්‍රපට මේ කෝටි 300 සීමාවට ලගා විය..

ඔය වගේ තව එකී මෙකී නොකී ගොඩක් වාර්තා පිහිටෝපු චිත්‍රපටයක් තමයි මේ War චිත්‍රපටය.. Imdb දර්ශකයේ 6.8 / 10 අගයක් War චිත්‍රපටය ට ලැබිලා තියනවා.. වැඩි කතා නැතුව එහෙනම් මේකෙ ස්ටෝරිය ගැන බලමු නේ..

මෙහෙමයි කබීර් කියන්නෙ ඉන්දියානු හමුදාවේ ඉන්න හොදම හා දක්ෂම සොල්දාවෙක්..මේ හොදම කෙනා ගැන එයාගෙ කර්නල් ඉදන් ලොකු ඇගයීමකින් ඉන්නෙ.. නිකමට හිතන්න එහෙම කෙනෙක් එකපාරටම ඉන්දියානු හමුදාවටම විරුද්ධ වුනොත් ? රජයේ ඉන්න ලොකුම පුද්ගලයන් මෙයාගෙ ගොදුරු වුනොත්..මේ ඉන්දියානු හමුදාවේ හොදම දක්ෂම නිළදාරියාව නවත්තන්න පුළුවන් කෙනෙක් ඕන වෙනවනේ.. අන්න ඒකට ඉන්න එකම කෙනාව ඉන්දියානු හමුදාව ගෙන්නනවා.. ඒ එකම කෙනා තමයි කබීර් ගෙ ගෝලයා කාලීඩ් රහමානි කියන්නෙ.. ඉතින් මොකද කබීර් මේ විදිහට හිටි හැටියේ වෙනස් වුනේ ? මෙයාගෙ ශිෂ්‍යයා කාලීඩ් ට තමන්ගෙ ගුරාව පරද්දන්න පුළුවන් වෙයිද ? ඒක දැනගන්න නම් ඔයාට පැය 2 යි විනාඩි 30 කට ආසන්න කාලයක් දිවෙන මේ අතිදැවැන්ත හින්දි සිනමා නිර්මාණය බලන්නම වෙනවා..

විශේෂයෙන් ම කියන්න දෙයක් තියනවා..ඒ තමයි සබ් එක ගේන්න අපේ Tv series and movie sub කණ්ඩායම ගොඩක් උදව් වුනා.. Priyashan , Pasindu එකී මෙකී නොකී හැමෝම උදව් වුනා.. ඉතින් එයාලට විශේෂ ස්තූතිය පුදකරන ගමන් ඔයාලට චිත්‍රපටය රසවිදින්න ආරාධනා කරන ගමන් මම කැපෙනවා… ඒත් නිකන් නෙමේ War චිත්‍රපටයේ පොඩි දෙබස් කොටසකින්..

 

” ඔයාට දිනන්න ඕනෙ නම්….”

” තරගය ඉවරවෙන්න කලින් ඔයාට පුළුවන් උපරිමය කරන්න…”

” දුවන්න , විවේක ගන්න, කන්න හැමදේම…”

” ඒත් තරගය ඉවරවුනාම…”

” හිතන්න එපා ඔයා දින්නා නැත්නම් අසමත් වුනා කියලා…”

” ඒත් මේක ඔයාගෙන් ම අහලා බලන්න..”

” මම මගේ උපරිමයෙන් කලාද ? 

” එතකොට උත්තරේ ඔව් නම්…ඔයා ජයග්‍රාහකයා…”

” හොදට මතක තියාගන්න…”

” ලෝකෙ පුද්ගලයෙක් සදහටම අංක එක නෙමේ…”

“කවදාහරි දවසක් එයි කවුරුහරි එකෙනෙක් එයාව පරාද කරන..”

එහෙනම් හැමෝටම ජය !!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

13 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  2. අන්ජුලයා Well Done සහෝ,එලම🙏😜 Keep Up it Tvseriyasandmoveisub team

  3. බොහොම ස්තූතියි සබ් එක දුන්න.ජය වේවා 🙏🙏🙏

  4. ඇයි මචන් watchmen tv series එකට සබ් පරක්කු..???ටක්ගාලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් බ්‍රෝ…..

  5. තෑන්ක්ස් මචන්ලා සබ් එකට,
    ඔහොම දිගටම යං

  6. මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  8. උපසිරසිය මරු.. මම නම් චිත්‍රපටියක් තෝරගන්නෙ අනිවා ලිපිය කියවලම තමයි..

    මේ ලිපියෙ Font Colors ටික නම් ටිකක් අවුල්. ඇස් දෙකත් රිදෙනවා.. ඒ නිසා සමහර කෑලි අතඇරලා දාලා කියෙව්වෙ..

    මේ ගැනත් සැලකිලිමත් වෙන්න..

    සුපිරි සබක්… ජය වේවා..

    • ඔය ඉස්සර සයිට් එකේ ලයිට් තීම් තියෙද්දි දාපු පෝස්ට් මචං..දැන් ඩාර්ක් තීම් නිසා තමයි අවුල..අපි ඒක හදලා දාන්නම්..🧡

  9. video copy ඒක දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login