The title of the page

Ranarangam (2019) Sinhala Subtitles | රණභූමිය | සිංහල උපසිරැසි සමඟ

බිංදුවෙන් පටන් අරන් දියුණු වෙන කෙනා තමයි,  ජීවන ගමනේ වැඩියෙන්ම අත්දැකීම් ලබන්නේ..විවිධ හැල හැප්පීම් මැද්දෙ , හොඳ නරක හැම දෙයක්ම අතරෙ..තමන්ගෙ වටේ ඉන්න අයත් එක්ක එහෙම දියුණු වෙන කෙනා තමයි හැමෝටම වැඩදායි කෙනෙක් වෙන්නේ..

ඒත් දියුණුව කියන්නේ ලබන කෙනාට සතුටක් වගේම..අනිත් අය තුල ඊර්ෂ්‍යාවක් ඇති කරන්න පුළුවන්..ඒ තුලින් පලිගැනීම් , පවාදීම් , ද්‍රෝහිකම් වගේ අයහපත් දේවල් හට ගන්න පුළුවන් දෙයක්..
ඉතිං ඊටත් එහා ගිය වටිනා කරුණු රැසක් කියාදෙන අපූරු තෙලිඟු සිනමාපටයකට උපසිරැසි ගන්වල අරගෙන තමයි මම ආවේ..

Ranarangam තෙලිඟු සිනමා සලරුව තිරගත කිරීම ආරම්භ කලේ පසුගිය අගෝස්තු 15 වෙනිදා.ඉතිං අද උදෑසන තමයි අන්තර්ජාලයට ඔර්ජිනල් පිටපතක් නිකුත් වුනේ.මෙය IMDB දර්ශකය තුල 6.1 අගයක් හා Google පරිශීලකයන්ගේ 92% ක මනාපයක් මෙයට හිමිවෙලා තියෙනවා.රචනය හා අධ්‍යක්ශණය Sudheer Varma ගෙන්..

[ Kajal , Sharwanand , Kalyani Priyadarshan ]

ප්‍රධාන නලුවා ලෙසින් එක් වෙන්නෙ තෙලිඟු සිනමාවෙ තවත් අපූරු රංගනශිල්පියෙක් වන..Padi Padi Leche Manasu (2018),Radha Krishna (2017) වගේ චිත්‍රපට වලින් ඔබ හමු වූ Sharwanand විසින්..
Hello (2017) තෙලිඟු චිත්‍රපටයෙන් ඔබේ සිත් පැහැරගත් සොඳුරු රුවැත්තිය Kalyani Priyadarshan සමඟ හුරුපුරුදු සුරූපිනිය Kajal Aggarwal යන දෙන්න තමයි මේ චිත්‍රපටයෙ ප්‍රධාන නිලියන් දෙන්න විදිහට එක් වෙන්නේ..

පෝස්ටරය දැක්කම ගොඩක් අයට හිතෙන්නේ Sharwanand මේ කතාවේ ද්විත්ව චරිත නිරූපණයක් කරනවද කියල..ඇත්තෙන්ම මේ කතාවෙ අතීතය හා වර්තමානය දෙකටම සැරින් සැරේ මාරුවෙමින් ගලා යන කතාවක් වීමයි ඒකට හේතුව..

හරි මං පොඩ්ඩක් කතාව මතක් කරන්නම්

වයිසැග් වල අලුතින් හදන්න අනුමැතිය ලැබුනු ගුවන්තොටුපලක් නිසා හටගන්න ගැටලුවක් නිරාකරණය කරන්න සංජේ කියල කෙනෙක් ඇමති කෙනෙක්ව හම්බෙන්න යනවා..ඉතිං ඒ ගැටලුවත් එක්ක ගුවන්තොටුපළ හදන්න නිර්දේශිත ප්‍රදේශයේ අහල ගම්වල අය අයින් කරන වැඩේ රණ්ඩුවක් නොවී සීරුවට කරන්න නම් දේවා කියන කෙනා හම්බෙන්න ඕනි කියල ඇමතිතුමා කියනවා..

ඉතිං මේ දේවා ඉන්නේ මේ වෙනකොට ස්පාඤ්ඤයේ ..
ඉතිං කවුද මේ දේවා .! ඉන්දියාවේ දේවල් ස්පාඤ්ඤයේ ඉදන් පවා පාලනය කරන්න පුළුවන් මේ බලගතු කෙනා කවුද .?

නොකියපු කාරණා ගොඩයි..හැමදේම දැනගන්න වෙන්නෙ චිත්‍රපටිය නරඹලා තමයි..

ඉතිං ලොකු කැපවීමක් කරල තමා ඉක්මනින් ඔයාලට උපසිරැසිය අරගෙන ආවේ..පහලින් අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා..ගිහින් එන්නම් තවත් අපූරු සලරුවක උපසිරැසි සමඟ ඔයාලව හම්බෙන බලාපොරොත්තුවෙන් .මේකත් නොවරදවාම බලන්න එහෙනම් 

ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. ස්තුති සහෝ ඔබට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  4. Santhu Straight Fowrd 2016 Sub දෙන්න බැරිද..? Yash Actor

  5. බොහොම ස්තූතියි සබ් එක දුන්න.ජය වේවා 🙏🙏

  6. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  7. Asanka Weerasinghe
    Cineru Family Member

    එලම ❤👌

  8. එරංග සඳරුවන්
    Cineru_users

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා…

  9. සෙට් 💜️

  10. meke film eka download karanne kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login