The title of the page

IT Chapter Two (2019) Sinhala Subtitles|වසර 27 කට පසු නැවතත්|සිංහල උපසිරැසි සමග|

ඉතින් අද ඔයලා මේ එකතු වෙලා ඉන්නෙ 2019 වසරේ ගොඩක් අය බලාපොරොත්තුවෙන් අවුරුදු දෙකක් බලාගෙන හිටපු දැවැන්ත චිත්‍රපටයක් එක්ක..නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද කියලා..Stephen king කිව්වම ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නෙ නෑ..මොකද Master of Horror කියලා හැදිවුන මේ අග්‍රගණ්‍ය නවකතා ලේඛකයාගෙ නවකතා ගොඩක් විශිෂ්ඨ නිර්මාණ..මේ නිර්මාණ ඇසුරින් ගොඩනැගුණු චිත්‍රපට ඉස්සර ඉදන් ම අපේ හිත් ඇද බැද තියාගන්න පුළුවන් වුනා..Shawshank redemption | The Mist | Pet Sematary | In the tall grass | Shining | Misery | Green mile වගේ චිත්‍රපට අනිවාර්යයෙන් ඔයාලා බලලා ඇති..ඉතින් මේ නවකතාකරුවගෙ තවත් ගොඩක් ම ජනප්‍රිය වුන නවකතාවක් තමයි IT කියන්නෙ..ඉතින් 2017 වසරේ මේ නවකතාව ඇසුරින් නිර්මාණය වුනා IT චිත්‍රපටය..මේක ආරම්භක සති අන්තයේ වැඩිම ආදයම් ගත් චිත්‍රපටය බවටත් පත්වුනා..

ඉතින් මේ චිත්‍රපටය වැඩියෙන් ම ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් වුනා මේ චිත්‍රපටයේ Villain නැත්නම් හොල්මන කියලා කියමුකො..😁 Pennywise කියන විකටයා..ඉතින් මෙයා මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මේ Pennywise ට රංගනයෙන් දායක වුන Bill Scarsgard ගෙ අති විශිෂ්ට රංගනය කිව්වොත් මම නිවරැදි..ඉතින් මේ චිත්‍රපටය සාමාන්‍ය Horror සම්ප්‍රදායෙන් ඔබ්බ්ට ගියපු නිර්මාණයක් කියලා අනිවාර්යයෙන් කියන්න ඕනෙ..මොකද මේකෙ යකැදුරෝ නෑ..හොලමන් වැහෙන්නෙ නෑ..ඒ මොනවත් නෑ..හැමදාම වෙන දේට වඩා වෙනස් නිර්මාණ තමා වටින්නෙ..ඉතින් මේ වසරේ තවත් ගොඩක් ජනප්‍රිය Horror සිනමා නිර්මාණයක් නිකුත් වුනා නේ…ඒවට වඩා අති විශිෂ්ඨ නිර්මාණයක් මේක කිව්වොත් හරි..මුලින් ම පලවෙනි එකේ මොකක්ද වුනේ කියලා බලලා අනිත් දේවල් බලමු..

IT Chapter 1 (2017)

පලවෙනි චිත්‍රපටය ගැන අපි බැලුවොත් අවුරුදු 27 කට පාරක් නගරයට එන දරුණු විකටයෙක් නගරෙ ඉන්නෙ ලමයින්ව බිලිගන්නවා..ඉතින් මේ Pennywise නැත්නම් විකටයට විරුද්ධව ළමයි කණ්ඩායමක් සටන් වද්දිනවා..(Losers)කොහොමහරි අන්තිමට මේ Pennywise ට සිදුවෙන්නෙ මේ ළමයි කණ්ඩායමට පරාජය වෙලා පසුබහින්න..ඉතින් මෙයාලා පොරොන්දුවක් දෙනවා ආපහු අවුරුදු 27 කට පස්සෙ ආපහු තමන්ගෙ නගරය වන Derry වල එකතුවෙනවා මේ Pennywise ව පරාද කරන්න කියලා..කෙටියෙන් කිව්වොත් ඕකයි.අපි දැන් Chapter 2 එක ගැන බලලා ඉමු..

IT Chapter 2 (2019)

ඉතින් දැන් අපේ Losers ලා වැඩිහිටියො වෙලා කලින් කතාවෙන් අවුරුදු 27 කට පස්සෙ තමා මේකෙ කතාව යන්නෙ..ඉතින් කොහොමහරි ආපහු මේ Pennywise Derry වලට ඇවිල්ලා තමන්ගෙ දඩයම ආරම්භ කරනවා..කලින් එකේ හිටපු Pennywise ට වඩා හිතාගන්නවත් බැරි තරම් Powerful Pennywise කෙනෙක් තමා මේකෙ ඉන්නෙ..ඉතින් විසිරිලා ඉන්න Losers team එක ආපහු එකතු වෙනවා..මේ විකටයාව සදහටම ඉවර කරලා දාන්න..ඒක හිතන තරම් ලේසි වෙන්නෙ නම් නෑ..Horror චිත්‍රපටයක් වුනත් ගානට චිත්‍රපටයට හානියක් නොවෙන්න සංවේදී සිදුවීම් ගානට එකතු කරලා තිබීම විශේෂයත්වයක්..

මේ අවුරුද්දේ ලබන හොදම Horror අත්දැකීම තමා මේක කියලා මම බය නැතුව කියනවා..පුළුවන් නම් රෑට බලන්න..තවත් හොදයි..Imdb මීටරේ 6.9 / 10 කට කරකවපු Mystery / Thriller ගණයට වැටෙන මේ සුපිරි සිනමා සිත්තම පැය 2 යි විනාඩි 50 ක් ඉන්න තැනින් හෙල්ලෙන්නෙ නැතුව එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන්..

රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් දන්න ජනප්‍රිය පිරිසක්..Bill Skarsgard | Jessica christine | Bill Hader | James Macavoy | Jay Ryan | James Ranson | Isaiah Mustafa | Andy bean | වගේ ගොඩක් රංගන ශිල්පීන් මේකට දායක වෙනවා..

 

 

ඒ වගේම පලවෙනි චිත්‍රපටයේ සෙට් එකත් මේකට රංගනයෙන් දායක වෙනවා. අනිත් වැදගත් ම කාරණය තමයි මේකත් කලින් වගේම R rated ෆිල්ම් එකක්..මොකද මේකෙ Bloodiest scenes | Violence | Bloody image වගේ දේවල් නිසා..ඒ නිසා පොඩි අයත් එක්ක බලනවා නම් ඉතින් දන්නවනේ..වෙන අවුල් නිසා නෙමේ උඩ කිව්ව දේවල් නිසා විතරයි..Background Music එහෙම පට්ටම..👌මේකට තමයි චිත්‍රපටයක් තුල වැඩිම Fake blood නැත්නම් බොරු ලේ ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙන්නෙ ඒ 40,000 L ක්.ෆිල්ම් එක පාරක් බලලා ඇබ්බැහි වන සුළු විදිහෙ ෆිල්ම් එකක්..

එහෙනම් පෝස්ට් එක හිතුවට වඩා දික් වුනා..එහෙනම් තව බල බල ඉන්න මොකද..ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න..Pennywise ට විරුද්ධව කොහොමද මේ Elder Losers ලා Fight කරන්නෙ කියලා..

මෙහි සම්පුර්ණ අයිතිය සිතුම් ඉෂාර සහෝදරයා සතුයි!

කියන්න ඕන දේවල් ඔක්කොම කිව්වා කියලා හිතනවා! ඒ වගේම අනිවාරෙන් කියන්න ඕන දෙයක් තියෙනවා.මට මේකෙදි ගොඩක්ම සමිත රමේෂ් අයියාවත්,සිතුම් ඉෂාරවත් අනිවාරෙන් මතක් කරන්න ඕන.ඒ වගේම අපේ ඇඩ්මින්ලා සෙට් එකෙන්ම ලොකු උදව්වක් ලැබුණා.

Pennywise is Waiting for you !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. කියලා වැඩක් නෑ..HD ඇවිත් සබ් එනකන් පුදුම ආසාවෙන් හිටියේ…ඔන්න ඔයාලා තමා මුලින්ම වැඩේ කරේ..ජය වේවා…මේ වගේ තවත් සුපිරි එව්වම සබ් කෙරේවා..😃😍
    සියලු වැඩකටයුතු සාර්ථක වේවා…සොමේෂ්..💕

  3. bro, arthdal chronicles eke ithiri sub tikath dennakoooooooooooo………….ikimanataaaa……….

  4. Thanks Ela supirii Ela kiri supirii kiri

  5. උපසිරැසියට ස්තූතියි සහෝ..ජය !!!!!

  6. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  7. Pattaaaaaaaa

  8. Thanks aiye,,,good luck

  9. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේක blurayවලින්ම බලන්න ඕන film එකක් ❤ BR අවම සබ් එක update කරන්න 😉..
    ජය වේවා.!

  10. බොහොම ස්තුතියි සහෝදරය…ලිපියනම් සුපිරියටම ලියල තියෙනව..ස්තුතියි…ලගදිම ෆිලුමත් බලනව.ජය වේවා..ඒ වගේම ඔබටත් සියලු දෙනටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login