The title of the page
walter 2020 sinhala sub
walter 2020 sinhala sub
3.6
78

Walter (2020) Sinhala Subtitles | පැහැරගැනීම් |සිංහල උපසිරැසි සමග|

” ඉන්දියාවේ දිනකට දරුවන් 4 දෙනෙකු පැහැරගැනීමට ලක් වෙනවා ”

එසේම

” පැය 16කට 1ක් දරුවෙක් තමිල්නාඩුවේ පමණක් පැහැරගැනීමට ලක්වේ.”

මේ එම පැහැරගැනීම් වලින්
සොයාගත් එක් පැතිකඩක් පමණි .

මාර්තු 13 තිරගත වුන වුණ මෙ සිනමා සිත්තම, කතාව තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වෝල්ටර් U. අන්බරාසන් මහත්මයා විසින් ඒවගේම සිනමාකරණය රසමාධි මහතා විසින් . ඒවගේම ගූගල් පරීශීලික දරශකයේ 81% පමණ අගයක් ලබාගෙන  ඇති අතර IMDB අගය 5.2/10 ලබා ගෙන තියෙනවා(walter 2020 sinhala sub)

ක්‍රියාදාම , අපරාධ, ත්‍රාසජනක වර්ගීකරණයක් තමයි මේ චිත්‍රපටය  අයත් වෙන්නේ මේ චිත්‍රපටයේ  කථාව ශක්තිමත් වගේම  කුමන්ත්‍රණක් පසු පස ගලාගෙන යනවා. චිත්‍රපටයේ නළු නිළියන් ඉතාමත් හොදින් මේ ච්ත්‍රපට සධාරණක් ඉටු කරනවා . මෙ චිත්‍රපටය සමාජයට හොඳ පණිවිඩයක් ලබා දෙන්න තමයි  උත්සාහ ගන්නේ

අපි කතාව ටිකක් බලලා ඉමු.

walter 2020 sinhala subtitle

සමහර දෙමළ චිත්රපටි තිබෙනව ඒවයි අන්තර්ගතය හොඳයි නමුත් ඒ අන්තර්ගතය ප්රෙක්ෂකයාට හරි හැටි ඉදිරිපත් කිරීම අතින් දුර්වලයි. ඉතින් මේ චිත්රපටයත් එහෙම එකක්. මෙහි ප්රධාන චරිතය වන ASP Walter ගෙ චරිතය කරන්නෙ Sibiraj විසින්, ඔහු මම අන්තිමට දැක්කෙ Pokkiri Raja චිත්රපටයෙන් ආපු කොමඩි විලන් ගෙ චරිතයෙන්. හැබැයි ඔහු කලින් හුගක් කෙට්ටු නළුවෙක් දැන්නම් ටිකක් ඇග හදාගෙන තියෙනව. චිත්රපටය තුල ඔහු
කරන රංගනයට Okay කියල කියන්න පුලුවන්.

ඉතින් මේ චිත්රපටයෙ කතාව ගැන කියනවනම්

මේක දේශපාලනය සහ පොලිසිය සම්බන්ධයෙන් නිර්මාණය වුන චිත්රපටයක්. මුලින්ම චිත්රපටයෙ ආරම්භය සනිටුහන් වන්නෙ දේශපාලකයෙකු විසින් ඔහුගේ අනාගතයට තර්ජනයක් වේවි යන සිතින් තවත් දේශපාලන චරිතයක් පොලිසිය යොදවා ඝාතනය කිරීමත් සමගින්. ඉතින් මේ සිදුවීමෙන් පසුව කතාව වෙනස්ම පැත්තකට ගමන් කරනව. ඒ නගරය තුල අලුත ඉපදුන දරුවන් අතුරුදහන් වීමට පටන්ගන්නව, නමුත් ඒ අතුරුදහන් වෙන දරුවන් නැවත හමුවෙනව කිසිදු බලපෑමකින් තොරව, හැබැයි ඒ හමුවුන දරුවන්ගෙ ජීවිත නැතිවෙනව නොහිතපු විදියට. ඉතින් මේ ගැටලුකාරී තත්වය පිලිබඳව පරීක්ෂණ පවත්වන්නට ASP Walter මැදිහත් වෙනව.

walter 2020 sinhala subtitle

මේ සමගම ප්රේක්ෂක අපට මේ චිත්රපටය තුල මේ ළමයින්ට අත්වුන ඉරණම ගැන නිගමනය කරල හිතන්න පුලුවන් දේවල් ගොඩක් හිතට එනව නමුත් චිත්රපටයෙ අන්තිමට අපි එ් හිතපු දේවල් සම්පුර්ණයෙන් පුස්සක් බවට පත්වෙනව සම්පුර්ණයෙන් ඒ හිතපු දේවල් වෙනස් වෙනව.ඉතින් ඒ වගේම මේ චිත්රපටය ඉදිරියට Natarajan Subramaniam තාවකාලික විලන් චරිතයකින් සියල්ලගෙම අවධානය ඔහු දෙසට ගන්නව නමුත් ඉතින් නොහිතපු විදියේ අවසානයකට තමයි මේ සිදුවීම් සියල්ලම ගමන් කරන්නෙ.

walter 2020 sinhala subtitle

දේශපාලන රැකවරණය සහ දේශපාලන බලය තුලින් සමාජය තුල සිදුකරනු ලබන ඉතාමත් ජරා පහත් ක්රියාවන් රාශියක් මේ චිත්රපටය තුලින් පෙන්වීමට උත්සහ කරල තියෙනව. හැබැයි දේශපාලකයා ගෙ පාර කිලියර් කරගන්න ගත් අවියෙන්ම දේශපාලකයාම නැසේ කියන එකත් අන්තිමට පෙන්වල තියෙනව. මේ චිත්රපටය තුල Samuthirakani කියන විශිෂ්ට නළුව හරිම පොඩි කොටසකින් තමයි පෙනීසිටින්නෙ ඇත්තටම මේ චිත්රපටයට ප්රෙක්ෂක අවධානය අඩුවීමට තවත් හේතුවක් කියල කියන්න පුලුවන් මෙහි ප්රධාන විලන් චරිතය. ඔහු හරියට කොලයක් බලාගෙන කට පාඩමින් දෙබස් කියන විදියට තමයි හැසිරෙන්නෙ. ඇත්තටම ඒ චරිතයට Samuthirakani වත් හිටියනම් චිත්රපටයට හොඳ ප්රතිචාර ටිකක් හරි ගන්න තිබුන. ඒ වගේම Sanam Shetty ගෙන් අර පෙන්නුවට වඩා ලොකු වැඩ කිඩ ටිකක් පෙන්නල චිත්රපටය තුල ලොකු වෙනසක් කරයි කියල අපි බලාපොරොත්තු වුනා.ඒත් එහෙම වුනේ නෑ, ඒ වගේම තව දෙයක් තමයි අර මෙහි සඳහන් වන Bombay blood group පිලිබදව පලමුවන වරට මම දැනගත්තෙත් මේ චිත්රපටය බැලුවට පස්සෙ තමා. දැනුමට යමක් ලබාගන්න පුලුවන් වුනා.ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ චිත්රපටය තුලින් සමාජයට හොඳ පණිවිඩයක් දෙනව කියල තමා.

කතාව සැකසීම :- තාරක නිරෝෂණ සහ සසිත් සුදර්ශන

walter 2020 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

2 comments

  1. Arawinda Sunimal

    thanks sub ekata jayawewa bs

  2. thanks brr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login